මම කිරින්දේ රෝහිණි. අපේ ගෙදර උත්සවයක් තිබුණා දුවගේ මල්වර උත්සවය. අපේ ගම උත්සවයක් තිබුණොත් අරක්කු දෙන සිරිතක් තියෙනවා. මීට කලින් තිබුණ හැම උත්සවයකදීම වාගේ එන අයට අරක්කු බොන්න දෙනවා. අපේ ගෙදර උත්සව සංවිධානය වන මොහොතෙත් එන අයට අරක්කු දෙන්න ඔනේ කියලා මගේ මහත්තයා හා පුතා යෝජනා කලා. ඒ අය වැඩ කරන තැන් වල අයට උත්සවයට ආරාධනා කරන නිසා ඒ අයට අරක්කු දෙන්න ඔනේ කිව්වා. මම දැනගෙන හිටියා උත්සවටට අරක්කු දෙන එක ආර්ථික වශයෙන් අපිට ලොකු පාඩුවක් කියලා ඒ වගේම තෙරුමක් …
Month: September 2019
වික්ටර් තබුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඉපිල්ලවත්ත ග්‍රාමයේ වෙසෙන තිදරු පියෙකි. වෘත්තියෙන් පෙදරේරුවෙක් වන ඔහු අවුරුදු 15ක් තිස්සේ දිනපතා අරක්කු භාවිතයට හුරුවු අයෙක් වෙයි. දෛනිකව ලැබෙන රු 1200 ක වේතනයෙන් රු 700ක් දිනපතා අරක්කු සඳහා වියදම් කරයි. දිනපතා බීමත්ව පැමිණෙන වික්ටර් බිරිදට පහර දෙති. නිවසේ භාණ්ඩ පොළොවේ ගසයි. දරුවන් බියට පත්වෙයි. බිරිද සහ දරුවෙන් ඉතා අපහසුවෙන් දිවි ගෙවයි. වික්ටර්ගේ නිවස ඉතාම අබලන්ව පැවතියේය. ඔහු ගමේ අන් පිරිසටද කරදරයක් වුයේ අරක්කු පානයෙන් පසු අන් අය සමඟ රණ්ඩු කිරීමත් බැන වැදීම හේතුවෙනි. …
ගඳයි ගඳයි ……..හැම තැනම ගඳයි ……….සිගරට් බිව්වම ………..ගඳම ගඳයි……. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා සිගරට් බිව්වම ගඳයි කියන එක දරුවන්ගේ මතකයේ රදවන්න අපි මේ කවිය දරුවන්ට කියා දුන්නට පස්සෙ ළමයි මේ කවිය ගෙවල්වල ගිහින් කියනවා කියලා අම්මලා අපට ඇවිත් කියනවා එක අම්මා කෙනෙක් මට මෙහෙම කතාවක් කිව්වා. මහත්තයා සිගරට් බොන කොට අපේ පුතා මේ කවිය කියනවා කියලා නහය වහගන්නවා. දැන් මහත්තයා දරුවා ලග සිගරට් බොන්නෑ ඉස්සර ත්‍රීවීල් එකේ දරුවා අරන් පෙරපාසලට යන …
සිගරට් විකිණිමෙන් ලාභයක් නැ කියලා තේරුනා. සිගරටි අලෙවිය නතර කලා මගේ නම W.G සේපාලි.මම බඳගිරිය ජනශක්ති බැංකු සංගමයේ සාමාජිකාවක්. මම සිල්ලර කඩයක් පවත්වාගෙන යනවා.මගේ කඩේ සිගරට් විකුණුවා.අපේ ජනශක්ති නියාමිකතුමිය ඉන්දිකා මිස් ඇවිත් මව දැණුවත් කලා.සිගරට් විකිණීමෙන් තියෙන්නේ පොඩි ලාබයක්,ඊට වඩා මිනිස්සුන්ට,සමාජයට,පවුලට ලොකු හානියක් කරනවා කිව්වා.මේ හැම දෙයක්ම තේරුම් කරලා දිලා කිව්වා සිගරට් විකිණීම නතර කරන්න උත්සහ කරන්න කියලා. සිගරට් විකුනලා පොඩි ලාභයක් ගත්තත් අපේ මහත්තයා සිගරට් බොන නිසාත්, කඩේ සිගරට් විකුණන නිසා වැඩියෙන් මහත්තයා සිගරට් බොන නිසාත් ඒ ලාබේ කිසි …
මගේ නමගයානි මම ඉන්නේ සදුන්ගම, පතන ගමේ. මම ජනශක්ති බැංකුවේ සමාජිකාවක්. මගේ දුවගේ මල්වර උත්සවය තිබුනා. මමයි,මහත්තයයි උත්සවය සැලසුම් කලා. අපි තිරණය කලා අරක්කු සහ සිගරට් උත්සවයට දෙන්නේ නැහැ කියලා. ජනශක්ති නියාමිකාතුමිය වන චන්ද්‍රලතා මිස් අපව දැණුවත් කරලා තිබුනා උත්සවයට අරක්කු සහ සිගරට් දුන්නොත් වියදම් වන මුදල් ප්‍රමානය,සමහර වෙලාවට රංඩු ඇතිවෙන එක,සතුටට කියලා අරක්කු දෙන්න ඕන නැහැ කියලා.මහත්තයාගේ යාළුවන්ට උත්සවයට එන්න කියනකොට යාළුවෝ ඇහුවා අරක්කු දෙනවද කියලා. අරක්කු නම් දෙන්නේ නැහැ හැබැයි හොදට කන්න දෙනවා කියලා අපි කිව්වා.අපි හිතුවා අරක්කු …
Social Profiles