ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

පෙර පාසලේ කවියෙන් තාත්තාගේ සිගරට් බීම අඩු වෙලා

ගඳයි ගඳයි ……..හැම තැනම ගඳයි ……….සිගරට් බිව්වම ………..ගඳම ගඳයි…….

මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා සිගරට් බිව්වම ගඳයි කියන එක දරුවන්ගේ මතකයේ රදවන්න අපි මේ කවිය දරුවන්ට කියා දුන්නට පස්සෙ ළමයි මේ කවිය ගෙවල්වල ගිහින් කියනවා කියලා අම්මලා අපට ඇවිත් කියනවා

එක අම්මා කෙනෙක් මට මෙහෙම කතාවක් කිව්වා. මහත්තයා සිගරට් බොන කොට අපේ පුතා මේ කවිය කියනවා කියලා නහය වහගන්නවා. දැන් මහත්තයා දරුවා ලග සිගරට් බොන්නෑ ඉස්සර ත්‍රීවීල් එකේ දරුවා අරන් පෙරපාසලට යන ගමන් සිගරට් බොනවා දැන් එහෙම නෑ මහත්තයා සිගරට් බොනඑක අඩුකරලා. දරුවට නොපෙනෙන්න සිගරට් බිවිවත් දත් මැදලා මැදලා දරුවා ලගට එන්නෙ.

අම්මලා කිහිප දෙනෙක්ම මට කිව්වා තාත්තලා දරුවන්ට පේන්න ඒ වගේම දරුවන් ලග සිගරට් බොන එක නවත්තලා

මේ කතා ඇහුනාම මට පේනවා තාත්තලාට සිගරට් බොන්න අපහසු පරිසරයක් වගේම ළමයින්ට හොද පරිසරයක් හැදෙනවා .

නිමන්ති සේනානී

 

Children are the most vulnerable group as alcohol and drug industries target them from early childhood. Immunizing children against industry promotions and developing knowledge on real effect of alcohol and drugs is a vital start at the beginning.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com