ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

සිගරටි අලෙවිය නතර කලා

සිගරට් විකිණිමෙන් ලාභයක් නැ කියලා තේරුනා. සිගරටි අලෙවිය නතර කලා

මගේ නම W.G සේපාලි.මම බඳගිරිය ජනශක්ති බැංකු සංගමයේ සාමාජිකාවක්. මම සිල්ලර කඩයක් පවත්වාගෙන යනවා.මගේ කඩේ සිගරට් විකුණුවා.අපේ ජනශක්ති නියාමිකතුමිය ඉන්දිකා මිස් ඇවිත් මව දැණුවත් කලා.සිගරට් විකිණීමෙන් තියෙන්නේ පොඩි ලාබයක්,ඊට වඩා මිනිස්සුන්ට,සමාජයට,පවුලට ලොකු හානියක් කරනවා කිව්වා.මේ හැම දෙයක්ම තේරුම් කරලා දිලා කිව්වා සිගරට් විකිණීම නතර කරන්න උත්සහ කරන්න කියලා.

සිගරට් විකුනලා පොඩි ලාභයක් ගත්තත් අපේ මහත්තයා සිගරට් බොන නිසාත්, කඩේ සිගරට් විකුණන නිසා වැඩියෙන් මහත්තයා සිගරට් බොන නිසාත් ඒ ලාබේ කිසි වැඩක් වුනේ නැ. මම මේ ගැන ගොඩාක් හිතුවා නතර කරනවාද නැද්ද කියලා හොදට හිතුවා . අන්තිමට සිගරට් විකිණීම නතර කලා. මට ගොඩාක් ප‍්‍රශ්න ආවා. සමහර අය වෙනත් භාන්ඩ අරන් සිගරට් ඉල්ලනවා.සිගරට් නැහැ කිව්වාම අනෙක් භාණ්ඩත් එපා කියලා යනවා.ඒත් මම ඒකෙන් සැලුනේ ,දුක්වුනේ නැහැ. මම සිගරට් විකුණන එක නතර කලාට අමතරව සිගරටි හොයන් කඩේට එන අයට කිව්වා සිගරට් බොන එක තෙරුමක් නැති දෙයක් ඒ නිසා නතර කරන්න කියලා. මම සිගරට් විකිණීම නැවැත්වු එකෙන් දැන් මම ලොකු සතුටක් ලබනවා.මේක මම හිතන්නේ ලොකු සමාජ මේහෙවරක් කියලා.


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com