ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

අපි කාටවත් ණය උනේ නැහැ

මගේ නමගයානි මම ඉන්නේ සදුන්ගම, පතන ගමේ. මම ජනශක්ති බැංකුවේ සමාජිකාවක්. මගේ දුවගේ මල්වර උත්සවය තිබුනා. මමයි,මහත්තයයි උත්සවය සැලසුම් කලා. අපි තිරණය කලා අරක්කු සහ සිගරට් උත්සවයට දෙන්නේ නැහැ කියලා. ජනශක්ති නියාමිකාතුමිය වන චන්ද්‍රලතා මිස් අපව දැණුවත් කරලා තිබුනා උත්සවයට අරක්කු සහ සිගරට් දුන්නොත් වියදම් වන මුදල් ප‍්‍රමානය,සමහර වෙලාවට රංඩු ඇතිවෙන එක,සතුටට කියලා අරක්කු දෙන්න ඕන නැහැ කියලා.මහත්තයාගේ යාළුවන්ට උත්සවයට එන්න කියනකොට යාළුවෝ ඇහුවා අරක්කු දෙනවද කියලා. අරක්කු නම් දෙන්නේ නැහැ හැබැයි හොදට කන්න දෙනවා කියලා අපි කිව්වා.අපි හිතුවා අරක්කු දෙන්නේ නැති නිසා සෙනග අඩු වෙයි කියලා.එහෙම උනේ නැහැ සෙනග ගොඩාක් ආවා.මම ජනශක්ති බැංකුවෙන් 50000ක ණය මුදලක් අරන් තමා උත්සවය ගත්තේ.අරක්කු දුන්නේ නැති නිසා මම ණය මුදල සේරම ගෙව්වා.දුවගේ පොතටත් දැම්මා.කඩෙන් 25000 ක ණයට බඩු අරන් කැම ඉව්වේ.ඒ සේරමත් ගෙව්වා මම අද හරි සතුටින් ඉන්නේ.අපි දැන් කාටවත් ණය නැති නිසා


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com