ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

අරක්කු නැතිව උත්සව බෑ කියන එක අපි බොරු කලා

මම කිරින්දේ රෝහිණි. අපේ ගෙදර උත්සවයක් තිබුණා දුවගේ මල්වර උත්සවය. අපේ ගම උත්සවයක් තිබුණොත් අරක්කු දෙන සිරිතක් තියෙනවා. මීට කලින් තිබුණ හැම උත්සවයකදීම වාගේ එන අයට අරක්කු බොන්න දෙනවා. අපේ ගෙදර උත්සව සංවිධානය වන මොහොතෙත් එන අයට අරක්කු දෙන්න ඔනේ කියලා මගේ මහත්තයා හා පුතා යෝජනා කලා. ඒ අය වැඩ කරන තැන් වල අයට උත්සවයට ආරාධනා කරන නිසා ඒ අයට අරක්කු දෙන්න ඔනේ කිව්වා.

මම දැනගෙන හිටියා උත්සවටට අරක්කු දෙන එක ආර්ථික වශයෙන් අපිට ලොකු පාඩුවක් කියලා ඒ වගේම තෙරුමක් නැති දෙයක් කියලා. මම තදින්ම කිව්වා අරක්කු දෙනවානම් මම උත්සවේ ගන්නේ නැ කියලා. කොහොම හරි මම ඒ ගැන තෙරුම් කරලා දීලා අරක්කු දෙන්නේ නැතිව උත්සවය ගත්තා. ඒ නිසා මට ලක්ෂ 1.5 මුදලක් බැංකුවේ ඉතිරි කලා. මම අපු පිරිසට හොදට කෑම දීලා සංග්‍රහ කලා.

මගේ මේ වැඩෙන් පස්සේ තිබ්බ උත්සව 6 කින් 5 කම අරක්කු නැතිව උත්සව කලා. මගේ මහත්තයාගේ යාලුවෝ දැන් කියනවා ඒ අයටත් අරක්කු දෙන්නේ නැතිව උත්සව කරන්න පුලුවන් කියලා

Women are the most victimized group from alcohol and drug related violence. Mobilizing women against violent behaviors is an effective intervention. It is also important as women play a prominent role in the family as a mother and wife.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com