ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

දෝණියි තාත්තයි …………

 

ළමා සමාජයේ ළමයින්ට අපි කියා දුන්නා අරක්කු” බියර් බිව්වම මූණ කැතවෙනවා ඉක්මනට නාකිවෙනවා කියලා ඒවගේම අරක්කු” බියර් බොන එක කැත වැඩක් කියලත් අපි ළමයින්ට කියාදුන්නා’

දවසක් මම වෙඩින් එකකට ගියා ළමා සමාජයේ ළමයෙක් එයාලගේ පවුලේ අයත් එක්ක ඇවිත් හිටියා ඒ ගැහැනු දරුවට අවුරුදු 12යි තාත්තා රජයේ රැකියාවක් කරනවා’ ඒ දරුවගේ අම්මත් මා ලග වාඩිවෙලා කතා කරකර හිටියා ඒ වේලාවෙ අර දරුවා තාත්තාගෙ අතේ එල්ලිලා අඩාගෙන ඇවිත් ටීච ටීච කියලා දුන්නා නේද අරක්කු බොනඑක කැත වැඩක් කියලා ඉතින් මම කැමති නෑ මගේ තාත්තා කැත වැඩ කරනවාට  කියලා අඩන්න ගත්තා ඉතින් තාත්තාට හරිම ලැජ්ජාවක් ඇති වෙන්න ඇති මම මොකුත් නොකියා හිටියා. මේ දරුවා ආයෙත් අර ටිකම කියනවා ඉතින් තාත්තා ඒ වෙලාවෙ කිව්වා දරුවට හරි හරි ඔයා අඩන් නැතුව ඉන්න මම කැත වැඩ කරන්නෙ නෑ කියාල. ඉතින් ළමයට කදුළු අතරින්ම හිනාවක් මූණට ආවා ලොකු ජයග‍්‍රහනයක් ගත්තා වගේ. මටත්  හරිම සතුටක් ඇති උනා වෙනස්වීම දැකලා

ශාන්ති පෙරේරා – ළමා සමාජ අනුශාසක  කලුතර

Children are the most vulnerable group as alcohol and drug industries target them from early childhood. Immunizing children against industry promotions and developing knowledge on real effect of alcohol and drugs is a vital start at the beginning.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com