ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

අරක්කු කසිප්පු ‌බොන තැනක් ‌වෙලා තිබුණු පිට්ටනිය ‌සෙල්ලම් කරන තැනක් කරන්න කැපවුණු ‌බෝමිරියේ ළමයි

අපේ ගමේ පිට්ටනිය සහ මංසන්දි සිගරට් සහ අරක්කු භාවිතා කිරීම සදහා යොදාගෙන තිබුණා. එම නිසා ළමයින්ට නිදහසේ සෙල්ලම් කිරීමට නොහැකි බවත් අනාරක්ෂිත බවත් නිසා පාරේ තනිව ඇවිද යාමට දරුවන්ට අවස්ථාව දීමට දෙමාපියෝ අකමැති වූවා. අරක්කු බීපු මිනිස්සු පරුෂ වචන කිය කියා රංඩු කරගන්න නිසා ළමයින්ට අධ්‍යාපන වැඩ කරගැනීමට අපහසු වී තිබුණා. නීති විරෝධීව මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තිබුණ නිසාත් පිට ගම්වලින් නාදුනන පිරිස් පැමිණෙන නිසාත් ළමුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බව දෙමාපියෝ නිතර පවසමින් කනස්සල්ලෙන් කාලය ගත කළා.

මෙවන් පරිසරයක් ඇති අපේ ගමට ADIC ආයතනය පැමිණ ළමා සමාජයක් පිහිටෙව්වා. ඒ අතර දෙමාපියන් එක්රුස්කර ප‍්‍රදේශයේ තිබෙන ගැටළු මොනවද ඇහුවම ඒ හැමෝම කිව්වෙ ළමයින්ට සුදුසු පරිසරයක් නොමැති බවත් ඔවුන්ගේ අධ්‍යාපනයට බාදාවෙන බවත්ය.

ළමා සමාජයේ දී අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ළමයි එකතු වීමම අපට සතුටක් ඇති උනා. සිගරට්, අරක්කු බිව්වම ලෙඩ වෙන බව අපි හැමෝම දැනගෙන හිටියා. සිගරට්, අරක්කු බිව්වම ලෙඩ වෙන්න කලියෙන් ඔවුන්ට බොහෝ හානි සිදු වනබව මෙහිදී අපි ඉගෙන ගත්තා. අළුතෙන් මේ ඉගෙනගත් දේවල් ගමේ අනෙක් අයට කියා දිමට අපි පෝස්ටර් ඇදලා අලෙව්වා.

අරක්කු බිව්වම මෝඩපාටයි,  අරක්කු බිව්වම කැත වයසක පෙණුමක් පේනවා, සිගරට් බිව්වම තොල් කැතවෙනවා, සිගරට් බිව්වම පලාතම ග`දයි, සිගරට් බොන අය මෝඩ පාටයි, කොච්චර නෑවත් සිගරට් ගද යන්නෑ  වගේ පණිවිඩ තමා අපි පෝස්ටර්වල ඇදලා අලෙව්වේ.

 

මුල් දවස්වල අලවපු පෝස්ටර්  ඉරලාදා තිබුණා. නමුත් අපි දිගින් දිගටම පෝස්ටර්වල ඇදලා අලවන එක කළා. පසුව පෝස්ටර්  ඉරන එක නැවතුණා.

සිගරට් බොන අය සිගරට් සමාගමට මුදල් වියදම් කරන ආකාරය පිළිබ`දවත්, සිගරට්, අරක්කු සමාගම් ඉලක්ක කරන්නේ ළමුන් බවත්, ළමුන් ඉලක්ක කර සිදුකරන උපක‍්‍රමයන්  ගැනත් ගෙවල්වලට ගිහින් දැනුවත් කරමින් අත්පත‍්‍රිකා බෙදාදුන්නා.

ගමේ හැමෝම දැනුවත් වීම නිසා අපේ මෙම වැඩවලට උදව්කරන පිරිස වැඩි උනා. මංසන්දිවල මෙන්ම පිට්ටනියේ සිගරට්, අරක්කු භාවිතය ක‍්‍රමයෙන් අඩුවෙමින් ගොස් නිදහස් තත්වයටම පත්උනා, නීති විරෝධීව මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන නැති වූ නිසා පිට ගම්වලින් මිනිස්සු පැමිණීමත් නතර වීමෙන් ළමුන්ට තිබුණ අනාරක්ෂිතබව පහව ගියා. රංඩු නැති වූ නිසා ළමයින්ට අධ්‍යාපන වැඩ කිරීමට පහසු වුනා. පිට්ටනියේ දැන් අපට නිදහසේ සෙල්ලම් කිරීමට අවස්ථව ලැබී ඇති නිසා අපි දැන් ගොඩාක් සතුටින්.

එකමුතු ළමාසමාජය, බෝමිරිය

Children are the most vulnerable group as alcohol and drug industries target them from early childhood. Immunizing children against industry promotions and developing knowledge on real effect of alcohol and drugs is a vital start at the beginning.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com