ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

ගම්මානය වෙනස් කළ අරක්කු භාවිතා කල කෙනෙක්

වික්ටර් තබුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඉපිල්ලවත්ත ග‍්‍රාමයේ වෙසෙන තිදරු පියෙකි. වෘත්තියෙන් පෙදරේරුවෙක් වන ඔහු අවුරුදු 15ක් තිස්සේ දිනපතා අරක්කු භාවිතයට හුරුවු අයෙක් වෙයි. දෛනිකව ලැබෙන රු 1200 ක වේතනයෙන් රු 700ක් දිනපතා අරක්කු සඳහා වියදම් කරයි. දිනපතා බීමත්ව පැමිණෙන වික්ටර් බිරිදට පහර දෙති. නිවසේ භාණ්ඩ පොළොවේ ගසයි. දරුවන් බියට පත්වෙයි. බිරිද සහ දරුවෙන් ඉතා අපහසුවෙන් දිවි ගෙවයි. වික්ටර්ගේ නිවස ඉතාම අබලන්ව පැවතියේය. ඔහු ගමේ අන් පිරිසටද කරදරයක් වුයේ අරක්කු පානයෙන් පසු අන් අය සමඟ රණ්ඩු කිරීමත් බැන වැදීම හේතුවෙනි.

මෙම ගම්මානයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ආරම්භ කිරීමට ගැමිශක්ති සංවිධානය ආරාධනා කිරිමෙන් අනතුරුව සිදු කළ මූලික විශ්ලේෂණයේ දී ගම්මානයේ වෙනසක් ඇති කිරීමට සුදුසු පුද්ගලයා ලෙස විකටර් හදුනා ගනු ලැබුවේය. එහෙත් වික්ටර් ගම්මානයේ පැවැති කිසිම වැඩසටහනකට සහභාගි නොවිය. නමුත් ඔහගේ බිරිද සීතා අප පැවැත්වු වැඩසටහන් වලට සහභාගි වුයේ ඒ හරහා විකටර් හොඳ මාර්ගයට ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තුවෙනි. ඇය උපක‍්‍රමශිලීිව වික්ටර් අප වැඩසටහනට සහභාගි කරවීය. මුළදි ඔහු කියා සිටියේ ඔහු කවදාවත් අරක්කු බීම අත් නොහරින බවයි. මෙලෙස ක‍්‍රමිකව ඔහු සමඟ සිදු කළ සාක්ච්ඡුා සහ අපගේ සිදු කළ කි‍්‍රයාකාරකම් වලට ඔහුගෙන් ලබා ගත් සහයෝගය තුළ අප කෙරෙහි විශ්වාසයක් ඇති වීමත් සමග ඔහුගේ මනස ක‍්‍රමයෙන් වෙනස් කිරීමට හැකි විය.

මුළදි අරක්කු භාවිතය අඩු කළ වික්ටර් පසුව සම්පුර්ණයෙන්ම අරක්කු බීම නවතා දමා මේ වන විට අවුරුදු 7ක් වේ. කාමර 4කින් යුත් අගං සම්පුර්ණ නිවසක් ඔහුු විසින් ඉදි කර තිබේ. මීට අමතරව බිරිද සමග එක්ව ණය මුදලක් ගෙන තවත් ඉඩමක් මිලදි ගෙන ඇත. මෙන්ම සුළු ව්‍යාපාරයක් ලෙස සිමෙන්ති ගල් ව්‍යාපාරයක් කරයි. වික්ටර් ගම්මානයේ ළමුන් මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගැනීමට සමිතියක් ආරම්භ කර ඇත. තබුත්තේගම ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් අරක්කු බිමෙන් නිදස්වීම ගැන කතා කරයි. බිරිදගේ වැඩ වලට හවුල් වන අතර දරුවන්ගේ අධ්‍යාපනයටද උදව් කරයි. පොලිසියේ සහ රාජ්‍ය නිලිිිිිිිිධාරින්ගෙන් පිළිගැනීමක් ඔහුට ඇති වි තිබේ. ඉපිල්වත්ත ගම්මානයේ මත්ද්‍රව්‍ය භාවිතයේ කරදර අඩු වි ඇත.

කාවින්ද කහවත්ත


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com