ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

ගමම එකතුවෙලාත් කරගන්න බැරි වූ දෙයක් පුංචි පුතා කලා

 ගැටළු ගොඩාක් තිබූණ ගෙදරක් අපේ ගමේ තිබුණා. ගමේ අයත් එක්ක පන්සලේ හාමුදුරුවෝත් මැදිහත්වෙලා තිබුණා නමුත් ගැටළුව විසදන්න බැරිවෙලා. ඒ ගෙදර මනුස්සයා බීලා ගෙදර අයත් එක්ක රංඩුකර ගන්නවා අසල්වැසි අයටත් කරදරයි.  ඔය වාතාවරණය තිබිය දී තමා අපේ පෙරපාසලේ ළමයින්ට අපි මේ කවි කියා දුන්නේ

කැතයි කැතයි…… කැතම කැත……  අරක්කු බොන එක….. කැතම කැතයි …..

ඊට පස්සෙ ළමයි මේ කවි ගෙවල්වල ගිහින් කියන්න ගත්තා. අර ගැටළුව තිබුණ ගෙදර දරුවත් මේ කවි ගෙදර ගිහින් කියනවා. තාත්තා ඉන්න තැනත් තාත්තාගෙ යහළුවෝ ආවහමත් මේ දරුවා කවි කියන්න ගත්තා.

 මුලින් මේ තාත්තා බීලා රංඩු කරගන්න එක ක‍්‍රමයෙන් අඩුකරලා පස්සෙ බොන එකත් නවත්තලා ඒ දරුවගෙ අම්මා මට ඇවිත් මේ සිද්දිය කියලා “ටීචට බුදුබව අත්වෙනවා මම මේ කරදරෙන් නිදහස් කරලා දුන්නට” කියලා මට කියනවා. 

ඉතින් ගමම එකතුවෙලා කරගන්න බැරි වූ දෙයක් මේ කවියක් ඉගැන් වූ නිසා  දරුවා නිවැරදි ප‍්‍රතිචාරය දැක්වූ නිසා තාත්තා ළමයට ආදරේ නිසාත් ළමයට සුදුසු පරිසරයක් නිර්මාණය උනා.

 දැන් ගමේ අයත් වෙනදාට වඩා මට ලොකු ගෞරවයක් දක්වනවා. ගමේ වැඩසටහන් වලටත් මට ආරාධනා ලැබෙනවා.

 දර්ශනා නවෝමී  – කිරිදිවෙල

Children are the most vulnerable group as alcohol and drug industries target them from early childhood. Immunizing children against industry promotions and developing knowledge on real effect of alcohol and drugs is a vital start at the beginning.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com