ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

පෙරපාසලේ කවිය නිසා තාත්තාගේ සිගරටි බීම අඩු වෙලා

සිගරට් බොන මාමලා……  අපේ ළගට අවොතින් …… නහය වසා ගනිමූ …..  අපි බෙිරි ඉමු. 

මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට මේ කවිය මතකයෙන් තනිවම කියන්න පුළුවන් වෙන්න හොදට මතකයේ රැුදෙව්වා. දරුවන් තනිවම පෙරපාසලේ දී මෙන්ම නිවසේදී මේ කවිය කියන්න හුරුඋනා. එක දරුවෙක්, තාත්තා ඒ දරුවා ළග සිගරට් බොන්න ගත්තට පස්සෙ  දරුවා මොකුත් නොකියා නහය වහගෙන තාත්තා ළගම දැවටිලා ඉදලා තියනවා. සිගරට් බොන අය දැක්කම අපි දරුවන්ට නහය වහගන්න තමා පුරුදු කළේ. ඉවතට යන්න නෙවේ. ඒක නිසා තමා ඒ දරුවාගෙ තාත්තා දරුවා ළග සිගරට් බොන්න ගත්තාම නහය වහගත්තෙ. ඒ තාත්තට මේක හොදටම දැනිලා තාත්තා සිගරට් එක නිවලා දාලා ඉන් පස්සෙ දරුවා නහය වහගෙන ඉන්න එක නවත්තලා. එදායින් පස්සෙ ඒ තාත්තා දරුව ළග, ඒ වගේම දරුවා ඉන්න අවස්ථාවල සිගරට් බොනඑක නවත්තලා. මේ කතාව දරුවාගෙ අම්මා මට ඇවිත් කියලා අවසානෙට මට කිව්වා දැන් මහත්තයාගෙ සිගරට් බීම අඩුවෙලා තියෙන්නෙ කියලා. කවිය නිසා දරුවා අකමැති දේවලට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ගොඩනැන්වෙමින් තිබෙනවා   ඒක නිසා මට ලොකු සතුටු ඇති උනා.

නාලීනි අධිකාරි – බැලුම්මහර

Children are the most vulnerable group as alcohol and drug industries target them from early childhood. Immunizing children against industry promotions and developing knowledge on real effect of alcohol and drugs is a vital start at the beginning.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com