මම පොළොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. මව්පිය සැසි වලදි සහ සායන වලදි ගර්භණි මව්වරුන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සම`ග
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව සාකච්චා කරන්න පටන් ගත්තට පස්සේ පස්සේ ප‍්‍රජාවේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සාර්තක
වෙනස්කම් ඇති වුණා . මම මැදිහත් වු එක් පවුලක් ගැනයි මම විස්තර කරන්නේ .
මගේ ගර්භණි අම්ම කෙනෙක් නිතරම මට කියනවා එයාගේ මහත්තයා අරක්කු බොනවා කරදරයක් නැහැ
ඒත් මම කැමති නැහැ . මිස් අනේ මේක නවත්ත ගන්න උදව් කරන්න කියලා.මම අම්මාගෙන් විස්තර ඇහැව්වම
අම්මා කිවේ සැමියා හැම දවසෙම අරක්කු බොනවා කියලා .මම අම්මට ගොඩාක් උදව් කරන්න උත්සාහ
කරත් තාත්ත එක්ක මේ ගැන කතා කරනවට අම්ම බය වුණා .
මම හිතුවා තාත්ත එක්ක මේක ගැන කතා කරනවට වඩා වෙන ක‍්‍රමයකින් තාත්තට මේක දැනෙන්න
හැරියොත් හොදයි කියලා .අම්මට කීවා තාත්තා අරක්කු බීලා එන්නේ නැති දවස් ටික වරද්දන්නේ නැතිව එයාලා නිදා ගන්න ඇද ළග බ්ත්තියේ පාට කෑල්ලකින් ලියන්න කියලා . මම ගෘහ පිවිසිම් වලට මාසෙකින්
යනකොට දවස් දෙකක් මහත්තයා නොබී ආපු දවස් ” ̃කියලා ලියලා තිබුණා .මම අම්මාට කිව්වා මහත්තයාට කියන්න මේ ලියපු ටික මිසුත් දැක්ක කියලා ගර්භණී අම්මා මෙහෙම දවස් කිහිපයක් ලියන කොට එයාගේ සැමියා මේ ගැන අහන්න පටන් ගත්තා . ”මේ ඔයා අරක්කු බීලා එන්නෙ නැති දවස්. අපේ මිස් මේක දැක්ක කියලා ඔයාට කියන්න කීවා ̃ කියලා විතරක් අම්මා එයාගෙ සැමියාට
කියලා තියෙනවා .
සැමියා එදා ඉදලා අරක්කු බීලා එන දවස් ගණන අඩු කරලා බිත්තියේ ලියවෙන දවස් ගාන වැඩි කර ගන්න උත්සාහ කරලා තියෙනවා . මේ වෙනකොට මාසෙකට අරක්කු නොබි එන දවස් බිරිද සතුටු වෙන තරමට
ගොඩාක් වැඩිවෙලා .බිරිද සැමියාව අගය කරන්න පටන් අරගෙන . දෙන්නා දැන් ගොඩාක් සතුටින් ඉන්නවා
.මම මැදිහත් වුනේ ඉතාම අඩු මහන්සියකින් . ඒත් ප‍්‍රතිඵලය ගොඩාක් සාර්තකයි . මටත් ගොඩාක්ම සතුටුයි
මෙම අත්දැකීම පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාරයයාලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රතිඵලයකි.