ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

මාමාගේ වෙනස

මම පොළොන්නරුවේ තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෙෘඛ්‍ය සේවා නිලධාරිනියක්
මගේ ගර්භණී අම්මා කෙනෙත් ඉන්නවා .එයා කිසිම දවසක කැමති නැහැ මම එයාව බලන්න එයාගේ ගෙදරට
එනවට . හේතුව එයාගේ සැමියාගෙ පියා ඒ කියන්නේ එයාගේ මාමන්ඩි නිතරම අරක්කු බිලා ගෙදර අයට
කරදර කරන නිසා . පොල්ලක් අරගෙන ගෙදර අයට ගහන්න පන්නනවා . කුණු හරප කියනවා .බඩු
පොළොවෙ ගහනවා .
එක දවසක මම ඒ ගර්භණී අම්මට කීවා මම හෙට උදේට ඔයාගේ ගෙදරට එනවා කියලා .
අම්මා අකමැති උනත්  බලෙන්ම ගියා .අම්ම අඩාගෙන ඇවිත් කීවා  මහත්තයගේ තාත්තා අරක්කු බීලා ගෙදර ඉන්නවා
කියලා . මම කමක් නැහැ කියලා ඇතුළට  ගිහිල්ලා සාලයේ වාඩිවුනා . ඒ අම්මා මට අතින් කියනවා තාත්තා
ඇතුලේ ඉන්නවා මිස් . මොකුත් කියන්න එපා කියලා . මම දන්නේ නැහැ වගේ කතාව පටන් ගත්තා ගර්භණී
අම්මාගේ නැන්දම්මා එක්ක
ඉස්සර ඔයාලගේ පවුල කොහොමද සතුටින් හිටියද කියලා . නැන්දම්මා අඩමින් කිවා මගේ මහත්තය මුල්
කාලේ  ගොඩාක් අපිට ආදරෙයි . පස්සේ තමයි අරක්කු බීලා මේ විදියට වද දෙන්න ගත්තේ කියලා .මම
ඇහැව්වා අරක්කු බොන්නේ නැති වෙලාවට එයා කොහොමද කියලා . ගොඩාක් හො`දයි කීවා . මම ඇහැව්වා
ඇයි එහෙම වෙනසක් කියලා . මේ කාන්තාව කීවා බිවම මොකුත් කරන දේවල් මතක නැහැනේ කියලා . මම
ඇහැව්වා එහෙම නම් අරක්කු බීලා එන දවසට කවද හරි අමතක වෙලා වෙන ගෙදරකට ගිහින් තියෙනවද
කියලා .නැහැ එහෙම වෙලා නැහැ කීවා . එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර අයට හැර වෙනත් ගෙවල් වල
අයට  පන්න පන්න ගහලා තියෙනවද  කියලා . එහෙම නෑ  කීවා.එයාගෙම බඩු පොළවෙ
ගහන්නෙ නෑ කීවා .
මම කීවා ඔයාලට තේරෙනවා නේද එහෙනම් අරක්කු බීවම සිහිය විකල් වෙනවා කියන්නේ ,අමතක වෙනවා
කියන්නේ ලොකු බොරුවක් කියලා . අරක්කු බොන එක  කොන්ද පණ නැති  , මොනවත් කරගන්න බැරි දුර්වල
අය කරන වැඩක් කියලා .මම දන්නවා අරක්කු බොන පිරිමි පුද්ගලයාට ඇහෙනවා ඇති කියලා . මම ගණන්
ගන්නේ නැතිව දිගටම කතා කරා .මම මීට පස්සේ ඔයාව බලන්නේ මේ ගෙදරදිමයි  කියලා ගර්භණී අම්මට කියලා එයාවත් බලලා ආවා .
මම ආයෙම සතියකින් විතර ගියා .යනකොට අර මාමන්ඩි එළියේ ඉන්නවා .මම” ආ මාමා කියලා කතා කරා
”එන්න නෝනා ගෙට කීවා මම ගිහින් වාඩි වුනා.මම එදා නෝනා කතා  කරපු දේවල් සේරම ගේ ඇතුළේ ඉදලා
අහගෙන හිටියේ . නෝනා කිව්වේ ඇත්ත. ආයෙම කවදාවත් මම මේ ගෙදර අයට කරදර කරන්නේ  නැහැ.මට
බොන එක නවත්ත ගන්න අමාරු වෙයි . ඒත් මම එහෙම  දේවල් කරන්නනේ නැහැ ”කිවා .ඊට කලින් පොළොව
ගහලා කැඩුණු  TVඑක හදන්න අරගෙන ගියා .අවශ්‍ය දැනෙන දේ කතා කරාම මිනිස්සු ඉක්මනට වෙනස්
වෙනවා.

මෙම අත්දැකීම පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාරයයාලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රතිඵලයකි.


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com