ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

අරක්කු වලට යන මුදලින් දුවට රත්තරන් ආභරණ හැදුවා

මම කිරින්දේ නිශාන්ති අපේ ගෙදර දෙවෙනි දුවගේ මල්වර උත්සවය තිබුණා පසුගිය දවස්වල. අපේ ගම ධිවර ගම්මානයක් ඒ නිසා වැඩි පිරිසක් අරක්කු බොන අය ඉන්නේ ඒවගේම අනිත් මත්ද්‍රව්‍ය වර්ගත් බහුලව තියෙනවා. ඒ වගේම අපේ ගමේ සිරිතක් තියෙනවා උස්සවයක් තියෙනවානම් අරක්කු දෙන්න ඔනේ කියලා. අපේ ලොකු දුවගේ උත්සවයට අපි අරක්කු දුන්නා ඒ උත්සවයට රු 120000 විතර මුදලක් වියදම් වුනා. ඔය අතරේ අපේ ගමේ තිබුණු මල්වර උත්සව කිහිපයක් අරක්කු දුන්නේ නැතිව හොදට කලා ඒකට මුල් උනේ කිරිින්දේ ජනශක්ති බැංකුවේ සමාජ සජීවිකරණ කළමනාකාර තුමිය වන රෝහිණි මහත්මියගේ ගෙදර උත්සවය. ඒ නිසා මටත් හිතුනා දෙවෙනි දුවගේ උත්සවය අරක්කු නැතිව ගත්තොත් ලොකු වියදමක් ඉතුරු කරගන්න පුළුවන් කියලා.

මගේ මහත්තයා ධිවර රැකියාව කරන නිසා මහත්තයාගේ යාළුවන්ට අරක්කු දෙන්න ඕනේ කියලා කිව්වා. මම මහත්තයාට පැහැදිළි කරලා කිව්වා අරක්කු දුන්නොත් අපිට වෙන පාඩුව ගැන. මහත්තයගේ යාළුවන්ට පණිවිඩ යැව්වා අපේ උත්සවයේ අරක්කු දෙන්නේ නැ කියලා. මගේ මහත්තයා නිතර අරක්කු බොන කෙනෙක් නෙවේ ඉදලා හිටලා අරක්කු බොනවා උත්සවයක දි වගේ. අපේ උත්සවය හෝටලයක පැවැත්තුවා කිසිම විදිහකට අපි අරක්කු දුන්නේ නැ. කවුරුත් බීලා ආවේත් නැ හොඳට කන්න දුන්නා සංගීතය තිබුනා විනෝද වුනා අරක්කු නැතිව නටන්නන බැ කියපු අයත් එදා හොදට නැටුවා උත්සවේ ඉවර වෙනකොට පාන්දර 2 විතර වුනා කිසිම ගැටුමක් නැතිව සතුටින් අවසන් වුනා. අරක්කු නැති නිසා මට කිසිම බයක් දැනුනේ නැ රංඩු ඇති වෙයි කියලා. අපිට උත්සවයෙන් 55000 විතර ඉතිරි වුනා ඒවායින් දුවට රත්තරන් ආභරණ හැදුවා තවත් මුදලක් දුව වෙනුවෙන් ගිණුමක තැන්පත් කලා.

හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය සමග එක්ව සිදු කරන වැඩසටහනකි


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com