ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

දරුවගේ බර කිරන්න එන සිගරට් ‌‌බොන තාත්තා

මම ගාල්ල කරන්දෙනිය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්. මේ පවුලට අවුරුදු 14ක් බබාල නැතිව හිටියා. දැන් බබෙක් ඉන්නවා. මම බබා බලන්න ගෙදරට යනකොට සිගරට් ගද ආවා. දරුවාගේ තාත්තාගෙන් මම ඇහැව්වා ඔයාද සිගරට් බොන්නේ ගෙදර කියලා. තාත්තා අපහසුවෙන් ඔව් කීවා. දවසකට සිගරට් 10ක් බොනවා කිව්වා. මම දරුවාගේ මොළය වර්ධනයට වන හානිය, මතක ශක්තිය අඩුවන ආකාරය සහ වියදම ගණන් හදලා පෙන්නුවා. මේ රත්තරන් පැටියට ලොකු හානියක් ඔයා කරන්නේ කියලා පහදලා දුන්නා. තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මේ වෙනකොට තාත්තා දරුවා ළග ගේ ඇතුලේ සිගරට් බොන එක නවත්තලා. දිනකට සිගරට් එකයි බොන්නේ දැන්. තාත්තා දැන් නිවාඩු දාලා බබාව බර කිරන්නත් අරගෙන එනවා.


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com