මම ගාල්ල කරන්දෙනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්. මේ පවුලට අවුරුදු 14ක් බබාල නැතිව හිටියා. දැන් බබෙක් ඉන්නවා. මම බබා බලන්න ගෙදරට යනකොට සිගරට් ගද ආවා. දරුවාගේ තාත්තාගෙන් මම ඇහැව්වා ඔයාද සිගරට් බොන්නේ ගෙදර කියලා. තාත්තා අපහසුවෙන් ඔව් කීවා. දවසකට සිගරට් 10ක් බොනවා කිව්වා. මම දරුවාගේ මොළය වර්ධනයට වන හානිය, මතක ශක්තිය අඩුවන ආකාරය සහ වියදම ගණන් හදලා පෙන්නුවා. මේ රත්තරන් පැටියට ලොකු හානියක් ඔයා කරන්නේ කියලා පහදලා දුන්නා. තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මේ වෙනකොට …
Category: Mobilizer
මම පොළොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. මව්පිය සැසි වලදි සහ සායන වලදි ගර්භණි මව්වරුන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සම`ග මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව සාකච්චා කරන්න පටන් ගත්තට පස්සේ පස්සේ ප්‍රජාවේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සාර්තක වෙනස්කම් ඇති වුණා . මම මැදිහත් වු එක් පවුලක් ගැනයි මම විස්තර කරන්නේ . මගේ ගර්භණි අම්ම කෙනෙක් නිතරම මට කියනවා එයාගේ මහත්තයා අරක්කු බොනවා කරදරයක් නැහැ ඒත් මම කැමති නැහැ . මිස් අනේ මේක නවත්ත ගන්න උදව් කරන්න කියලා.මම අම්මාගෙන් විස්තර ඇහැව්වම …
මම පොළොන්නරුවේ තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෙෘඛ්‍ය සේවා නිලධාරිනියක් මගේ ගර්භණී අම්මා කෙනෙත් ඉන්නවා .එයා කිසිම දවසක කැමති නැහැ මම එයාව බලන්න එයාගේ ගෙදරට එනවට . හේතුව එයාගේ සැමියාගෙ පියා ඒ කියන්නේ එයාගේ මාමන්ඩි නිතරම අරක්කු බිලා ගෙදර අයට කරදර කරන නිසා . පොල්ලක් අරගෙන ගෙදර අයට ගහන්න පන්නනවා . කුණු හරප කියනවා .බඩු පොළොවෙ ගහනවා . එක දවසක මම ඒ ගර්භණී අම්මට කීවා මම හෙට උදේට ඔයාගේ ගෙදරට එනවා කියලා . අම්මා අකමැති උනත් බලෙන්ම ගියා .අම්ම …
ගඳයි ගඳයි ……..හැම තැනම ගඳයි ……….සිගරට් බිව්වම ………..ගඳම ගඳයි……. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා සිගරට් බිව්වම ගඳයි කියන එක දරුවන්ගේ මතකයේ රදවන්න අපි මේ කවිය දරුවන්ට කියා දුන්නට පස්සෙ ළමයි මේ කවිය ගෙවල්වල ගිහින් කියනවා කියලා අම්මලා අපට ඇවිත් කියනවා එක අම්මා කෙනෙක් මට මෙහෙම කතාවක් කිව්වා. මහත්තයා සිගරට් බොන කොට අපේ පුතා මේ කවිය කියනවා කියලා නහය වහගන්නවා. දැන් මහත්තයා දරුවා ලග සිගරට් බොන්නෑ ඉස්සර ත්‍රීවීල් එකේ දරුවා අරන් පෙරපාසලට යන …
සිගරට් විකිණිමෙන් ලාභයක් නැ කියලා තේරුනා. සිගරටි අලෙවිය නතර කලා මගේ නම W.G සේපාලි.මම බඳගිරිය ජනශක්ති බැංකු සංගමයේ සාමාජිකාවක්. මම සිල්ලර කඩයක් පවත්වාගෙන යනවා.මගේ කඩේ සිගරට් විකුණුවා.අපේ ජනශක්ති නියාමිකතුමිය ඉන්දිකා මිස් ඇවිත් මව දැණුවත් කලා.සිගරට් විකිණීමෙන් තියෙන්නේ පොඩි ලාබයක්,ඊට වඩා මිනිස්සුන්ට,සමාජයට,පවුලට ලොකු හානියක් කරනවා කිව්වා.මේ හැම දෙයක්ම තේරුම් කරලා දිලා කිව්වා සිගරට් විකිණීම නතර කරන්න උත්සහ කරන්න කියලා. සිගරට් විකුනලා පොඩි ලාභයක් ගත්තත් අපේ මහත්තයා සිගරට් බොන නිසාත්, කඩේ සිගරට් විකුණන නිසා වැඩියෙන් මහත්තයා සිගරට් බොන නිසාත් ඒ ලාබේ කිසි …
Social Profiles