අපේ ගමේ වැඩි හරියක් ජීවත් වන්නේ ධිවර රැකියාවෙන්. ගමේ ගෙදරක උත්වසයක් තිබුනොත් ඒක කරන්නේ ණය මුදලක් අරගෙන. මැතකදී අපේ ගෙදරත් දුවගේ මල්වර උත්සවය තිබුණා. උත්සවයට කලින් මමයි මහත්තයයි උත්සවයට යන මුදල ගණන් හඳලා බැලූවා. එතනදි අපිට තේරුනා රු 60000 – 70000කින් විතර උත්සවය කරන්න පුළුවන් කියලා. කන්න දුන්නොත් අරක්කු බොන්නත් දෙන්න ඕනේ කියලා මහත්තයා කිව්වා. නැත්නම් වැල්ලට යන්න විදිහක් නැ යාළුවෝ වෙනස් විදිහකට බලයි කියලා කිව්වා. ඒ නිසා අරක්කු දුන්නොත් කියක් විතර යයිද කියලත් ගණන් හදලා බැලූවා. ඒ විදිහට ගත්තහම රු 150000 විතර යනවා. ඊට පස්සේ මම මහත්තයට කිව්වා අරක්කු නැතිව උත්සවය තියමු කියලා. ඒ තීිරණයට මහත්තයා මගෙත් එක්ක හි’ත් අමනාප වුනා. උත්සවය දවසේ මහත්තයා අකමැති උනා යාළුවන්ට කතා කරන්න. මට ඔනේ වුනේ අරක්කු නැතිව උත්සවයක් ගන්න බැහැ කියන්නේ පුහු අදහසක් කියන එක පෙවන්න. උත්සවයට අරක්කු දුන්නනේ නැ. අරක්කු දෙන්න හිටපු සල්ලි වලින් සංගීත කණ්ඩායමක් ගෙනාවා. ආපු හැමෝම හොදට නැටුවා කෑම කෑවා එකෙන් ඔප්පු වුනා අරක්කු නැතිව හොඳට නටන්නත් පුළුවන් හොඳට කන්නත් පුළුවන් කියලා.
මේ උත්සවය දරුවනුත් ආදර්ශයට ගත්තා. ළමයින් පවා කිව්වා ඊලඟ උත්සවත් අරක්කු නැතිව ගමු කියලා. මට මේ වගේ දෙයක් කරන්න හයියක් ලැබුනේ කිරින්දේ ජනශක්ති බැංකුවේ රෝහිණි මහත්මිය සමඟ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා සම්බන්ධ වීම නිසයි. අපේ උත්සවයට පස්සේ අපේ ගෙදරට අල්ලපු ගෙදරත් උත්සවයක් තිබුණා ඒ උත්සවයෙත් අරක්කු දුන්නේ නැ ඒඅය කිව්වේ ශම්මි අරක්කු දුන්නේ නැත්නම් අපිට බැරි ඇයි කියලා. අම්මා කෙනෙක් විදිහට මට හරි සතුටුයි මම කල දේට.
හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය සමග එක්ව සිදු කරන වැඩසටහනකි