ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

පාසල් සිසුන් ආදරවන්තයන්ගේ දිනය සැමරූ අයුරු

පාසල තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු කිරීමේදී සාම්ප‍්‍රදායික වැඩසටහන්වලින් ඔබ්බට ගිය ආකර්ශණීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මගින් පාසල් සිසුන්ගේ දැනුම හා ආකල්ප වෙනස් කළ හැකි බව පාසල් සිසුන් විසින්ම සනාථ කර ඇත.

ආදරවන්තයන්ගේ දිනය නැතිනම් වැලන්ටයින්ගේ දිනය තරුණ පිරිස් අතර ආකර්ශණිය දිනයකි. එවන් දිනයක සිගරට් භාවිතයේ ආකර්ශණීය ප‍්‍රතිරූපය අවම කරන ආකාරයේ පණිවුඩ නිර්මාණශිලි අයුරින් පාසලේ ළමුන් තුලට ගෙනයාමට පානදුර රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පොස්ටර් ව්‍යාපාරයක් සිදු කරන ලදී.

මෙහිද ඔවුන් පාසලේ සිසුන් වැඩිපුරම ගැවසෙන ස්ථාන හදුනාගන්නා ලදී. උදාහරණ ලෙස වැසිකිළිය පිටුපස, ක‍්‍රීඩා කාමරය පිටුපස, පිට්ටනිය පිටුපස වැනි ස්ථාන වල ආකර්ශණිය පණිවිඩ ඇතුළත් පෝස්ටර් ප‍්‍රදර්ශණය කරන ලදී. මෙම කි‍්‍රයාකාරකම් වලට වැඩි වශයෙන් සහභාගී වුයේ විදුහලේ කැපි පෙනෙන සිසුන් වීමද විශේෂත්වයකි.

මෙම පණිවිඩ සඳහා පාසල් ළමුන් තුළින් ඉහල ප‍්‍රතිචාර ලැබි තිබුණි.

Youth have a tendency to initiate alcohol, tobacco and other drug use due to many reasons. Providing leadership opportunities to youth prevents not only their initiation to drug use, but through them prevents their friends and peers from initiating drug use.

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com