මම ගාල්ල කරන්දෙනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්. මේ පවුලට අවුරුදු 14ක් බබාල නැතිව හිටියා. දැන් බබෙක් ඉන්නවා. මම බබා බලන්න ගෙදරට යනකොට සිගරට් ගද ආවා. දරුවාගේ තාත්තාගෙන් මම ඇහැව්වා ඔයාද සිගරට් බොන්නේ ගෙදර කියලා. තාත්තා අපහසුවෙන් ඔව් කීවා. දවසකට සිගරට් 10ක් බොනවා කිව්වා. මම දරුවාගේ මොළය වර්ධනයට වන හානිය, මතක ශක්තිය අඩුවන ආකාරය සහ වියදම ගණන් හදලා පෙන්නුවා. මේ රත්තරන් පැටියට ලොකු හානියක් ඔයා කරන්නේ කියලා පහදලා දුන්නා. තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මේ වෙනකොට …
Author: Wasanthi Herath
මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් .මගේ රාජකාරී ප්‍රදේශය හ`ගුරන්කෙත . මේ ප්‍රදේශයේ හිටියා අවුරුදු දෙක හමාරක දරුවෙක්. මුලදි බර හොදට තිබුණා. පස්සේ ක්‍රමක්‍රමයෙන් බර අඩු වුණා. අම්මාගෙන් මේ ගැන ඇහැව්වහම කිව්වා මහත්තය අරක්කු බොනවා ඒ නිසා ගෙදර ආර්ථික ප්‍රශ්ණ නිසා දරුවාට අවශ්‍ය විදියට කෑම දෙන්න අමාරුයි කියලා . දවසක් තාත්තා ආවා දරුවාගේ බර කිරන්න. මම දරුවාගේ බර අඩු වීම ගැන තාත්තට පැහැදිළි කරා. බර අඩුවීම නිසා දරුවාගේ මොළය වර්ධනය අඩාලවන ආකාරය විවිධ …
මම පොළොන්නරුව මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්. මව්පිය සැසි වලදි සහ සායන වලදි ගර්භණි මව්වරුන් සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සම`ග මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව සාකච්චා කරන්න පටන් ගත්තට පස්සේ පස්සේ ප්‍රජාවේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සාර්තක වෙනස්කම් ඇති වුණා . මම මැදිහත් වු එක් පවුලක් ගැනයි මම විස්තර කරන්නේ . මගේ ගර්භණි අම්ම කෙනෙක් නිතරම මට කියනවා එයාගේ මහත්තයා අරක්කු බොනවා කරදරයක් නැහැ ඒත් මම කැමති නැහැ . මිස් අනේ මේක නවත්ත ගන්න උදව් කරන්න කියලා.මම අම්මාගෙන් විස්තර ඇහැව්වම …
මම පොළොන්නරුවේ තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෙෘඛ්‍ය සේවා නිලධාරිනියක් මගේ ගර්භණී අම්මා කෙනෙත් ඉන්නවා .එයා කිසිම දවසක කැමති නැහැ මම එයාව බලන්න එයාගේ ගෙදරට එනවට . හේතුව එයාගේ සැමියාගෙ පියා ඒ කියන්නේ එයාගේ මාමන්ඩි නිතරම අරක්කු බිලා ගෙදර අයට කරදර කරන නිසා . පොල්ලක් අරගෙන ගෙදර අයට ගහන්න පන්නනවා . කුණු හරප කියනවා .බඩු පොළොවෙ ගහනවා . එක දවසක මම ඒ ගර්භණී අම්මට කීවා මම හෙට උදේට ඔයාගේ ගෙදරට එනවා කියලා . අම්මා අකමැති උනත් බලෙන්ම ගියා .අම්ම …
Social Profiles