ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

අරක්කු බීපු සල්ලි වලින් දරුවගේ බර වැඩි කරගත්ත තාත්තා

මම නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ රිකිල්ලගස්කඩ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් .මගේ රාජකාරී ප‍්‍රදේශය හ`ගුරන්කෙත . මේ ප‍්‍රදේශයේ හිටියා අවුරුදු දෙක හමාරක දරුවෙක්. මුලදි බර හොදට තිබුණා. පස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් බර අඩු වුණා. අම්මාගෙන් මේ ගැන ඇහැව්වහම කිව්වා මහත්තය අරක්කු බොනවා ඒ නිසා ගෙදර ආර්ථික ප‍්‍රශ්ණ නිසා දරුවාට අවශ්‍ය විදියට කෑම දෙන්න අමාරුයි කියලා .
දවසක් තාත්තා ආවා දරුවාගේ බර කිරන්න. මම දරුවාගේ බර අඩු වීම ගැන තාත්තට පැහැදිළි කරා. බර අඩුවීම නිසා දරුවාගේ මොළය වර්ධනය අඩාලවන ආකාරය විවිධ ලෙඩ රෝග වලට මුහුණ දීමට සිදුවන ආකාරය සාකච්ඡුා කරා. හො`දට තාත්තා අහගෙන හිටියා. ගෙදර ගිහිල්ලා නෝනත් එක්ක කියලා මිස් මට අද හො`දටම බැන්නා. දරුවාගේ බර අඩුවෙන්න මගේ අරක්කු බීම ලොකු හේතුවක් වෙනවා කියලා .මම කොහොම හරි මේක අඩුකර ගන්න ඕන කියලා දරුවාගේ පියා කියලා තියෙනවා.
සතියකට විතර පස්සේ දරුවාගේ අම්මා මුණ ගැහුනම කිව්වා මිස් දැන් මහත්තයා බොන එක අඩුකරලා. බබාට උවමනා දේවල් ගෙනත් දෙනවා. සතියනට සැරයක් මස් හෝ මාළු ගේනවා, යෝගට් වගේ දේවල් ගෙනත් දෙනවා කියලා. ඊලග මාසේ බර කිරන්න එනකොට දරුවාගේ බර වැඩිවෙලා. ඊට පස්සේ දිගටම දරුවාගේ බර ක‍්‍රමයෙන් වැඩි වුණා. මට සතුටුයි. මම පොඩි දෙයයි කළේ. ලොකු වෙනසක් ඇති වුණා


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com