අපේ ගමේ වැඩි හරියක් ජීවත් වන්නේ ධිවර රැකියාවෙන්. ගමේ ගෙදරක උත්වසයක් තිබුනොත් ඒක කරන්නේ ණය මුදලක් අරගෙන. මැතකදී අපේ ගෙදරත් දුවගේ මල්වර උත්සවය තිබුණා. උත්සවයට කලින් මමයි මහත්තයයි උත්සවයට යන මුදල ගණන් හඳලා බැලූවා. එතනදි අපිට තේරුනා රු 60000 – 70000කින් විතර උත්සවය කරන්න පුළුවන් කියලා. කන්න දුන්නොත් අරක්කු බොන්නත් දෙන්න ඕනේ කියලා මහත්තයා කිව්වා. නැත්නම් වැල්ලට යන්න විදිහක් නැ යාළුවෝ වෙනස් විදිහකට බලයි කියලා කිව්වා. ඒ නිසා අරක්කු දුන්නොත් කියක් විතර යයිද කියලත් ගණන් හදලා බැලූවා. ඒ විදිහට ගත්තහම …
Videos
මම කිරින්දේ රෝහිණි. අපේ ගෙදර උත්සවයක් තිබුණා දුවගේ මල්වර උත්සවය. අපේ ගම උත්සවයක් තිබුණොත් අරක්කු දෙන සිරිතක් තියෙනවා. මීට කලින් තිබුණ හැම උත්සවයකදීම වාගේ එන අයට අරක්කු බොන්න දෙනවා. අපේ ගෙදර උත්සව සංවිධානය වන මොහොතෙත් එන අයට අරක්කු දෙන්න ඔනේ කියලා මගේ මහත්තයා හා පුතා යෝජනා කලා. ඒ අය වැඩ කරන තැන් වල අයට උත්සවයට ආරාධනා කරන නිසා ඒ අයට අරක්කු දෙන්න ඔනේ කිව්වා. මම දැනගෙන හිටියා උත්සවටට අරක්කු දෙන එක ආර්ථික වශයෙන් අපිට ලොකු පාඩුවක් කියලා ඒ වගේම තෙරුමක් …
වික්ටර් තබුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඉපිල්ලවත්ත ග්‍රාමයේ වෙසෙන තිදරු පියෙකි. වෘත්තියෙන් පෙදරේරුවෙක් වන ඔහු අවුරුදු 15ක් තිස්සේ දිනපතා අරක්කු භාවිතයට හුරුවු අයෙක් වෙයි. දෛනිකව ලැබෙන රු 1200 ක වේතනයෙන් රු 700ක් දිනපතා අරක්කු සඳහා වියදම් කරයි. දිනපතා බීමත්ව පැමිණෙන වික්ටර් බිරිදට පහර දෙති. නිවසේ භාණ්ඩ පොළොවේ ගසයි. දරුවන් බියට පත්වෙයි. බිරිද සහ දරුවෙන් ඉතා අපහසුවෙන් දිවි ගෙවයි. වික්ටර්ගේ නිවස ඉතාම අබලන්ව පැවතියේය. ඔහු ගමේ අන් පිරිසටද කරදරයක් වුයේ අරක්කු පානයෙන් පසු අන් අය සමඟ රණ්ඩු කිරීමත් බැන වැදීම හේතුවෙනි. …
මගේ නම රෝහිණි. මගේ ගම බරවාකුඔූක මගේ සහෝදරියක් මිය ගියා. අපේ ගමේ මල ගවෙල් වල අරක්කු දෙන සිරිතක් තිබුණා. මල ගෙදර එන අයට අරක්කු, බීඩි, සිගරට්, බුලත්විට වලින් සංග්‍රහ කරන ඔනේ. මල ගෙදර එන වැඩිහිටි වගේම තරුණ අය පවා මේවා පාවිච්චි කරනවා ඒකට හේතුව මල ගෙදර නිදි මරන්න අරක්කු, සිගරට් වගේ දේවල් ඔනේ කියලා ලොකු මතයක් තිබුණා. අපේ ගම්වල මිනි වල කපන්න අනිවාර්්‍යෙයන්ම අරක්කු දෙන්න ඔනේ. එක තදින්ම තිබ්බ සිරිතක් අපේ අයතනයේ කාන්තා සංවර්ධන මහා සංගමයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සිදු …
දුවගේ විවාහ උත්සවය අරක්කු දෙන්නේ නැතුව ගත්තා මගේ නම පත්මා ශී‍්‍රයානි.මගේ ගම බැරගම මගේ දුවගේ විවාහ උත්සවයට දින නියම උනා . අපි හැම දෙයක්ම සැලසුම් කලා.කොහෙද විවාහ උත්සවය ගන්නේ,කෑම දෙන්නේ මොනවද, කව්ද පින්තූර ගන්නේ කියලා.එතන හිටපු ගොඩාක් දෙනෙක් කිව්වා උත්සවයට අරක්කු දෙන්න ඕන කියලා.මම කිව්වා අරක්කු දෙනවානම් විවාහය ලියාපදිංචි කරලා දාමු කියලා.කොහොමත් මම කැමති නැහැ අරක්කු දෙන්න. අපේ උත්සවයේ අරක්කු දුන්නොත් ගමේ දරුවෝ ගොඩ දෙනෙක් සතුටු වෙන්න අරක්කු බොන්න ඔනේ කියලා ඉගෙන ගන්නවා. මටත් දරුවෝ ඉන්න නිසා මම කැමති නැ …
Social Profiles