මම ගාල්ල කරන්දෙනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්. මේ පවුලට අවුරුදු 14ක් බබාල නැතිව හිටියා. දැන් බබෙක් ඉන්නවා. මම බබා බලන්න ගෙදරට යනකොට සිගරට් ගද ආවා. දරුවාගේ තාත්තාගෙන් මම ඇහැව්වා ඔයාද සිගරට් බොන්නේ ගෙදර කියලා. තාත්තා අපහසුවෙන් ඔව් කීවා. දවසකට සිගරට් 10ක් බොනවා කිව්වා. මම දරුවාගේ මොළය වර්ධනයට වන හානිය, මතක ශක්තිය අඩුවන ආකාරය සහ වියදම ගණන් හදලා පෙන්නුවා. මේ රත්තරන් පැටියට ලොකු හානියක් ඔයා කරන්නේ කියලා පහදලා දුන්නා. තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මේ වෙනකොට …
Tag: MOH
මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් .මගේ රාජකාරී ප්‍රදේශය හ`ගුරන්කෙත . මේ ප්‍රදේශයේ හිටියා අවුරුදු දෙක හමාරක දරුවෙක්. මුලදි බර හොදට තිබුණා. පස්සේ ක්‍රමක්‍රමයෙන් බර අඩු වුණා. අම්මාගෙන් මේ ගැන ඇහැව්වහම කිව්වා මහත්තය අරක්කු බොනවා ඒ නිසා ගෙදර ආර්ථික ප්‍රශ්ණ නිසා දරුවාට අවශ්‍ය විදියට කෑම දෙන්න අමාරුයි කියලා . දවසක් තාත්තා ආවා දරුවාගේ බර කිරන්න. මම දරුවාගේ බර අඩු වීම ගැන තාත්තට පැහැදිළි කරා. බර අඩුවීම නිසා දරුවාගේ මොළය වර්ධනය අඩාලවන ආකාරය විවිධ …
Social Profiles