ගැටළු ගොඩාක් තිබූණ ගෙදරක් අපේ ගමේ තිබුණා. ගමේ අයත් එක්ක පන්සලේ හාමුදුරුවෝත් මැදිහත්වෙලා තිබුණා නමුත් ගැටළුව විසදන්න බැරිවෙලා. ඒ ගෙදර මනුස්සයා බීලා ගෙදර අයත් එක්ක රංඩුකර ගන්නවා අසල්වැසි අයටත් කරදරයි. ඔය වාතාවරණය තිබිය දී තමා අපේ පෙරපාසලේ ළමයින්ට අපි මේ කවි කියා දුන්නේ කැතයි කැතයි…… කැතම කැත…… අරක්කු බොන එක….. කැතම කැතයි ….. ඊට පස්සෙ ළමයි මේ කවි ගෙවල්වල ගිහින් කියන්න ගත්තා. අර ගැටළුව තිබුණ ගෙදර දරුවත් මේ කවි ගෙදර ගිහින් කියනවා. තාත්තා ඉන්න තැනත් තාත්තාගෙ යහළුවෝ ආවහමත් මේ දරුවා …
Category: Family
සිගරට් බිව්වම ……. තොල් කැතවෙනවා …….. ඇත්තම ඇත්තයි …… තොල් කැතවෙනවා ….. අපි පෙරපාසැලේ දී මේ කවිය දරුවන් සමග ගායනා කළා. “ටීච අපේ ළමයි අපි කවදාවත් අහලා නැති කවි කියනවා ඒ කවි නම් හරිම හොදයි සිගරට් බොන අය දැක්කම දරුවො මේ කවි කියනවා” කියලා අම්මලා ඇවිත් අපට කියනවා. ටික දවසකට පස්සෙ මගේ පුතා මහත්තයාට කියනවා “සිගරට් බිව්වම ගදයි ඔයා කැතවෙයි. මම කැමති නැ ඔයා කැතවෙනවට” කියලා ඉතින් දැන් මහත්තයා පුතාට පෙනෙන්න සිගරට් බොන්නෙ නෑ මහත්තයා සිගරට් බොනඑකත් අඩුවෙලා කියලා අම්මා …
මම ගාල්ල කරන්දෙනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියක්. මේ පවුලට අවුරුදු 14ක් බබාල නැතිව හිටියා. දැන් බබෙක් ඉන්නවා. මම බබා බලන්න ගෙදරට යනකොට සිගරට් ගද ආවා. දරුවාගේ තාත්තාගෙන් මම ඇහැව්වා ඔයාද සිගරට් බොන්නේ ගෙදර කියලා. තාත්තා අපහසුවෙන් ඔව් කීවා. දවසකට සිගරට් 10ක් බොනවා කිව්වා. මම දරුවාගේ මොළය වර්ධනයට වන හානිය, මතක ශක්තිය අඩුවන ආකාරය සහ වියදම ගණන් හදලා පෙන්නුවා. මේ රත්තරන් පැටියට ලොකු හානියක් ඔයා කරන්නේ කියලා පහදලා දුන්නා. තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මේ වෙනකොට …
අපේ ගමේ වැඩි හරියක් ජීවත් වන්නේ ධිවර රැකියාවෙන්. ගමේ ගෙදරක උත්වසයක් තිබුනොත් ඒක කරන්නේ ණය මුදලක් අරගෙන. මැතකදී අපේ ගෙදරත් දුවගේ මල්වර උත්සවය තිබුණා. උත්සවයට කලින් මමයි මහත්තයයි උත්සවයට යන මුදල ගණන් හඳලා බැලූවා. එතනදි අපිට තේරුනා රු 60000 – 70000කින් විතර උත්සවය කරන්න පුළුවන් කියලා. කන්න දුන්නොත් අරක්කු බොන්නත් දෙන්න ඕනේ කියලා මහත්තයා කිව්වා. නැත්නම් වැල්ලට යන්න විදිහක් නැ යාළුවෝ වෙනස් විදිහකට බලයි කියලා කිව්වා. ඒ නිසා අරක්කු දුන්නොත් කියක් විතර යයිද කියලත් ගණන් හදලා බැලූවා. ඒ විදිහට ගත්තහම …
මම කිරින්දේ නිශාන්ති අපේ ගෙදර දෙවෙනි දුවගේ මල්වර උත්සවය තිබුණා පසුගිය දවස්වල. අපේ ගම ධිවර ගම්මානයක් ඒ නිසා වැඩි පිරිසක් අරක්කු බොන අය ඉන්නේ ඒවගේම අනිත් මත්ද්‍රව්‍ය වර්ගත් බහුලව තියෙනවා. ඒ වගේම අපේ ගමේ සිරිතක් තියෙනවා උස්සවයක් තියෙනවානම් අරක්කු දෙන්න ඔනේ කියලා. අපේ ලොකු දුවගේ උත්සවයට අපි අරක්කු දුන්නා ඒ උත්සවයට රු 120000 විතර මුදලක් වියදම් වුනා. ඔය අතරේ අපේ ගමේ තිබුණු මල්වර උත්සව කිහිපයක් අරක්කු දුන්නේ නැතිව හොදට කලා ඒකට මුල් උනේ කිරිින්දේ ජනශක්ති බැංකුවේ සමාජ සජීවිකරණ කළමනාකාර තුමිය …
Social Profiles