අපේ ගමේ වැඩි හරියක් ජීවත් වන්නේ ධිවර රැකියාවෙන්. ගමේ ගෙදරක උත්වසයක් තිබුනොත් ඒක කරන්නේ ණය මුදලක් අරගෙන. මැතකදී අපේ ගෙදරත් දුවගේ මල්වර උත්සවය තිබුණා. උත්සවයට කලින් මමයි මහත්තයයි උත්සවයට යන මුදල ගණන් හඳලා බැලූවා. එතනදි අපිට තේරුනා රු 60000 – 70000කින් විතර උත්සවය කරන්න පුළුවන් කියලා. කන්න දුන්නොත් අරක්කු බොන්නත් දෙන්න ඕනේ කියලා මහත්තයා කිව්වා. නැත්නම් වැල්ලට යන්න විදිහක් නැ යාළුවෝ වෙනස් විදිහකට බලයි කියලා කිව්වා. ඒ නිසා අරක්කු දුන්නොත් කියක් විතර යයිද කියලත් ගණන් හදලා බැලූවා. ඒ විදිහට ගත්තහම …
Author: Nisansala Gamage
මම කිරින්දේ නිශාන්ති අපේ ගෙදර දෙවෙනි දුවගේ මල්වර උත්සවය තිබුණා පසුගිය දවස්වල. අපේ ගම ධිවර ගම්මානයක් ඒ නිසා වැඩි පිරිසක් අරක්කු බොන අය ඉන්නේ ඒවගේම අනිත් මත්ද්‍රව්‍ය වර්ගත් බහුලව තියෙනවා. ඒ වගේම අපේ ගමේ සිරිතක් තියෙනවා උස්සවයක් තියෙනවානම් අරක්කු දෙන්න ඔනේ කියලා. අපේ ලොකු දුවගේ උත්සවයට අපි අරක්කු දුන්නා ඒ උත්සවයට රු 120000 විතර මුදලක් වියදම් වුනා. ඔය අතරේ අපේ ගමේ තිබුණු මල්වර උත්සව කිහිපයක් අරක්කු දුන්නේ නැතිව හොදට කලා ඒකට මුල් උනේ කිරිින්දේ ජනශක්ති බැංකුවේ සමාජ සජීවිකරණ කළමනාකාර තුමිය …
මගේ නමගයානි මම ඉන්නේ සදුන්ගම, පතන ගමේ. මම ජනශක්ති බැංකුවේ සමාජිකාවක්. මගේ දුවගේ මල්වර උත්සවය තිබුනා. මමයි,මහත්තයයි උත්සවය සැලසුම් කලා. අපි තිරණය කලා අරක්කු සහ සිගරට් උත්සවයට දෙන්නේ නැහැ කියලා. ජනශක්ති නියාමිකාතුමිය වන චන්ද්‍රලතා මිස් අපව දැණුවත් කරලා තිබුනා උත්සවයට අරක්කු සහ සිගරට් දුන්නොත් වියදම් වන මුදල් ප්‍රමානය,සමහර වෙලාවට රංඩු ඇතිවෙන එක,සතුටට කියලා අරක්කු දෙන්න ඕන නැහැ කියලා.මහත්තයාගේ යාළුවන්ට උත්සවයට එන්න කියනකොට යාළුවෝ ඇහුවා අරක්කු දෙනවද කියලා. අරක්කු නම් දෙන්නේ නැහැ හැබැයි හොදට කන්න දෙනවා කියලා අපි කිව්වා.අපි හිතුවා අරක්කු …
මගේ නම B විපුලසේන.මගේ වයස අවුරුදු 62කි.මීට අවුරුදු හතලිහකට පමන පෙර සිට දිනකට සිගරට් 15ක් පමන බිව්වා.යහළුවන සමග එකතු වී නිකරුනේ කාලය ගත කරමින් අරක්කු සහ සිගරට් භාවිතා කරමින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කලා.දරුවන් සමග සතුටින් සිටිමට තිබු කාලය නිකරුනේ අනවශ්‍ය ලෙස වැය වුනා.වැඩකරලා ආවාම මහන්සියට කියලා අරක්කුත් බිව්වා.මාගේ ශාරීරික සෞඛ්‍යය තත්වය පිිරිහීමකට ලක්වක බව මට දිනෙන් දින දැනෙන්නට වුනා.මේ අතරතුරේ මාගේ බිරිද ජනශක්ති බැංකුවේ සහය නියාමකතුමිය වශයෙන් වැඩ භාරගත්තා.මගේ නෝනා නිතරම මට කියන්න ගත්තා සිගරට් සහ අරක්කු බොන එක …
දුවගේ විවාහ උත්සවය අරක්කු දෙන්නේ නැතුව ගත්තා මගේ නම පත්මා ශී‍්‍රයානි.මගේ ගම බැරගම මගේ දුවගේ විවාහ උත්සවයට දින නියම උනා . අපි හැම දෙයක්ම සැලසුම් කලා.කොහෙද විවාහ උත්සවය ගන්නේ,කෑම දෙන්නේ මොනවද, කව්ද පින්තූර ගන්නේ කියලා.එතන හිටපු ගොඩාක් දෙනෙක් කිව්වා උත්සවයට අරක්කු දෙන්න ඕන කියලා.මම කිව්වා අරක්කු දෙනවානම් විවාහය ලියාපදිංචි කරලා දාමු කියලා.කොහොමත් මම කැමති නැහැ අරක්කු දෙන්න. අපේ උත්සවයේ අරක්කු දුන්නොත් ගමේ දරුවෝ ගොඩ දෙනෙක් සතුටු වෙන්න අරක්කු බොන්න ඔනේ කියලා ඉගෙන ගන්නවා. මටත් දරුවෝ ඉන්න නිසා මම කැමති නැ …
Social Profiles