මගේ නම B විපුලසේන.මගේ වයස අවුරුදු 62කි.මීට අවුරුදු හතලිහකට පමන පෙර සිට දිනකට සිගරට් 15ක් පමන බිව්වා.යහළුවන සමග එකතු වී නිකරුනේ කාලය ගත කරමින් අරක්කු සහ සිගරට් භාවිතා කරමින් විශාල මුදල් ප‍්‍රමාණයක් නාස්ති කලා.දරුවන් සමග සතුටින් සිටිමට තිබු කාලය නිකරුනේ අනවශ්‍ය ලෙස වැය වුනා.වැඩකරලා ආවාම මහන්සියට කියලා අරක්කුත් බිව්වා.මාගේ ශාරීරික සෞඛ්‍යය තත්වය පිිරිහීමකට ලක්වක බව මට දිනෙන් දින දැනෙන්නට වුනා.මේ අතරතුරේ මාගේ බිරිද ජනශක්ති බැංකුවේ සහය නියාමකතුමිය වශයෙන් වැඩ භාරගත්තා.මගේ නෝනා නිතරම මට කියන්න ගත්තා සිගරට් සහ අරක්කු බොන එක නවත්තන්න කියලා.රන්දුනුවත්ත බැංකු සංගමයේ සජීවිකරණ කළමණාකාරතුමියද නිතර නිතර අප නිවසට ඇවිදින් මා සමග සාකච්ජා කොට අරක්කු සහ සිගරට් භාවිතයේ ඇති අවාසිය පැහැදිළි කරලා දුන්නා.ශරිරයට වන හානි කියලා දුන්නා.මම බොන සිගරට් වල සහ අරක්කු වල මුදල ගනන් හදලා පෙන්නුවා.
සිගරට් වලට අරක්කු වලට වියදම් වෙන බව මම දැනගෙන හිටියත් මම කවදාවත් ඒ මුදල කීයද කියලා ගණන් හදලා නැ .මම එදා ඉදලා අරක්කු වලට සිගරට් වලට විදම් කරලා තියෙන මුදල ගණන් හදලා බැලුවහම තමයි මට තදින්ම හිතුනේ තව දුරටත් මේක කරන එක තෙරුමක් නැ කියලා හිතලා නවත්වනවා කියලා තිරණයක් ගත්තා.
ඊට පස්සේ මම ටික,ටික අඩු කරන්න පටන් ගත්තා.එක පාරටම මට මේ පුරුද්ද අතහරින්න බැරි වුනා.නමුත් ක‍්‍රම ක‍්‍රමයෙන් දිනෙන් දින අරක්කු සහ සිගරට් බීම නතර කලා.ජනශක්ති බැංකුවේ තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ පාගමන් සඳහාද මම සහභාගි වුනා.අරක්කු සහ සිගරට් භාවිතය නැවැත්වීම තුලින් මට මගේ නිදහස ලැබුනා.මගේ මුදල් ඉතිරි වුනා,සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරුනා.ඉතින් මේ ගැන මම මගේ නෝනාටත් ජනශක්ති බැංකු සංගමයේ රේණුකා මිස්ටත් ඇඩික් ආයතනයටත් ස්තූති වන්ත වෙනවා.හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලයි මම කියන්නේ.අපේ රෙටේ මුදල් අපි ලගම ඉතිරි කරගෙන අපේ ළමයින්ට සැප දෙන්න පුලූවනි.