සිගරට් බිව්වම ……. තොල් කැතවෙනවා …….. ඇත්තම ඇත්තයි …… තොල් කැතවෙනවා …..
අපි පෙරපාසැලේ දී මේ කවිය දරුවන් සමග ගායනා කළා. “ටීච අපේ ළමයි අපි කවදාවත් අහලා නැති කවි කියනවා ඒ කවි නම් හරිම හොදයි සිගරට් බොන අය දැක්කම දරුවො මේ කවි කියනවා” කියලා අම්මලා ඇවිත් අපට කියනවා.
ටික දවසකට පස්සෙ මගේ පුතා මහත්තයාට කියනවා “සිගරට් බිව්වම ගදයි ඔයා කැතවෙයි. මම කැමති නැ ඔයා කැතවෙනවට” කියලා ඉතින් දැන් මහත්තයා පුතාට පෙනෙන්න සිගරට් බොන්නෙ නෑ මහත්තයා සිගරට් බොනඑකත් අඩුවෙලා කියලා අම්මා කෙනෙක් මට ඇවිත් කිව්වා
අයිරාංගනී මල්ලවාරච්චි – කොස්හින්න