අපේ ගමේ පිට්ටනිය සහ මංසන්දි සිගරට් සහ අරක්කු භාවිතා කිරීම සදහා යොදාගෙන තිබුණා. එම නිසා ළමයින්ට නිදහසේ සෙල්ලම් කිරීමට නොහැකි බවත් අනාරක්ෂිත බවත් නිසා පාරේ තනිව ඇවිද යාමට දරුවන්ට අවස්ථාව දීමට දෙමාපියෝ අකමැති වූවා. අරක්කු බීපු මිනිස්සු පරුෂ වචන කිය කියා රංඩු කරගන්න නිසා ළමයින්ට අධ්‍යාපන වැඩ කරගැනීමට අපහසු වී තිබුණා. නීති විරෝධීව මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තිබුණ නිසාත් පිට ගම්වලින් නාදුනන පිරිස් පැමිණෙන නිසාත් ළමුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බව දෙමාපියෝ නිතර පවසමින් කනස්සල්ලෙන් කාලය ගත කළා. මෙවන් පරිසරයක් ඇති …
Tag: Tobacco
පාසල තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු කිරීමේදී සාම්ප්‍රදායික වැඩසටහන්වලින් ඔබ්බට ගිය ආකර්ශණීය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මගින් පාසල් සිසුන්ගේ දැනුම හා ආකල්ප වෙනස් කළ හැකි බව පාසල් සිසුන් විසින්ම සනාථ කර ඇත. ආදරවන්තයන්ගේ දිනය නැතිනම් වැලන්ටයින්ගේ දිනය තරුණ පිරිස් අතර ආකර්ශණිය දිනයකි. එවන් දිනයක සිගරට් භාවිතයේ ආකර්ශණීය ප්‍රතිරූපය අවම කරන ආකාරයේ පණිවුඩ නිර්මාණශිලි අයුරින් පාසලේ ළමුන් තුලට ගෙනයාමට පානදුර රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පොස්ටර් ව්‍යාපාරයක් සිදු කරන ලදී. මෙහිද ඔවුන් පාසලේ සිසුන් වැඩිපුරම ගැවසෙන ස්ථාන හදුනාගන්නා ලදී. උදාහරණ ලෙස වැසිකිළිය …
Social Profiles