ගැටළු ගොඩාක් තිබූණ ගෙදරක් අපේ ගමේ තිබුණා. ගමේ අයත් එක්ක පන්සලේ හාමුදුරුවෝත් මැදිහත්වෙලා තිබුණා නමුත් ගැටළුව විසදන්න බැරිවෙලා. ඒ ගෙදර මනුස්සයා බීලා ගෙදර අයත් එක්ක රංඩුකර ගන්නවා අසල්වැසි අයටත් කරදරයි. ඔය වාතාවරණය තිබිය දී තමා අපේ පෙරපාසලේ ළමයින්ට අපි මේ කවි කියා දුන්නේ කැතයි කැතයි…… කැතම කැත…… අරක්කු බොන එක….. කැතම කැතයි ….. ඊට පස්සෙ ළමයි මේ කවි ගෙවල්වල ගිහින් කියන්න ගත්තා. අර ගැටළුව තිබුණ ගෙදර දරුවත් මේ කවි ගෙදර ගිහින් කියනවා. තාත්තා ඉන්න තැනත් තාත්තාගෙ යහළුවෝ ආවහමත් මේ දරුවා …
Author: Sunethra Thilakarathne
සිගරට් බිව්වම ……. තොල් කැතවෙනවා …….. ඇත්තම ඇත්තයි …… තොල් කැතවෙනවා ….. අපි පෙරපාසැලේ දී මේ කවිය දරුවන් සමග ගායනා කළා. “ටීච අපේ ළමයි අපි කවදාවත් අහලා නැති කවි කියනවා ඒ කවි නම් හරිම හොදයි සිගරට් බොන අය දැක්කම දරුවො මේ කවි කියනවා” කියලා අම්මලා ඇවිත් අපට කියනවා. ටික දවසකට පස්සෙ මගේ පුතා මහත්තයාට කියනවා “සිගරට් බිව්වම ගදයි ඔයා කැතවෙයි. මම කැමති නැ ඔයා කැතවෙනවට” කියලා ඉතින් දැන් මහත්තයා පුතාට පෙනෙන්න සිගරට් බොන්නෙ නෑ මහත්තයා සිගරට් බොනඑකත් අඩුවෙලා කියලා අම්මා …
සිගරට් බොන මාමලා…… අපේ ළගට අවොතින් …… නහය වසා ගනිමූ ….. අපි බෙිරි ඉමු. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට මේ කවිය මතකයෙන් තනිවම කියන්න පුළුවන් වෙන්න හොදට මතකයේ රැුදෙව්වා. දරුවන් තනිවම පෙරපාසලේ දී මෙන්ම නිවසේදී මේ කවිය කියන්න හුරුඋනා. එක දරුවෙක්, තාත්තා ඒ දරුවා ළග සිගරට් බොන්න ගත්තට පස්සෙ දරුවා මොකුත් නොකියා නහය වහගෙන තාත්තා ළගම දැවටිලා ඉදලා තියනවා. සිගරට් බොන අය දැක්කම අපි දරුවන්ට නහය වහගන්න තමා පුරුදු කළේ. ඉවතට යන්න නෙවේ. ඒක …
ගඳයි ගඳයි ……..හැම තැනම ගඳයි ……….සිගරට් බිව්වම ………..ගඳම ගඳයි……. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා සිගරට් බිව්වම ගඳයි කියන එක දරුවන්ගේ මතකයේ රදවන්න අපි මේ කවිය දරුවන්ට කියා දුන්නට පස්සෙ ළමයි මේ කවිය ගෙවල්වල ගිහින් කියනවා කියලා අම්මලා අපට ඇවිත් කියනවා එක අම්මා කෙනෙක් මට මෙහෙම කතාවක් කිව්වා. මහත්තයා සිගරට් බොන කොට අපේ පුතා මේ කවිය කියනවා කියලා නහය වහගන්නවා. දැන් මහත්තයා දරුවා ලග සිගරට් බොන්නෑ ඉස්සර ත්‍රීවීල් එකේ දරුවා අරන් පෙරපාසලට යන …
පෙර පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තාත්තව වෙනස් කරයි ගඳයි ගඳයි ……. හරිම ගඳයි ……..අරක්කු බිව්වම……. ගඳම ගඳයි….. මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා ඊට පස්සෙ දරුවෙක් මා ලගට ඇවිත් මට කිව්වා අපේ තාත්තා අම්මට ගහනවා කියලා.මට හරි දුකක් ඇති උනා මම ඒ වෙලාවේ දරුවට කුරුල්ලෙක් පෙන්නලා වෙනත් අතකට හිත යැවිවා. නමුත් ඒ කරුණ මම අමතක කලේ නැ පස්සෙ දවසක දරුවගේ තාත්තා ගෙන්නලා පෞද්ගලිකව මම කතාකළා . නමුත් මට දරුවා කිව්ව කාරණය දරුවා කිව්වා …
Social Profiles