සිගරට් බොන මාමලා…… අපේ ළගට අවොතින් …… නහය වසා ගනිමූ ….. අපි බෙිරි ඉමු.
මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට මේ කවිය මතකයෙන් තනිවම කියන්න පුළුවන් වෙන්න හොදට මතකයේ රැුදෙව්වා. දරුවන් තනිවම පෙරපාසලේ දී මෙන්ම නිවසේදී මේ කවිය කියන්න හුරුඋනා. එක දරුවෙක්, තාත්තා ඒ දරුවා ළග සිගරට් බොන්න ගත්තට පස්සෙ දරුවා මොකුත් නොකියා නහය වහගෙන තාත්තා ළගම දැවටිලා ඉදලා තියනවා. සිගරට් බොන අය දැක්කම අපි දරුවන්ට නහය වහගන්න තමා පුරුදු කළේ. ඉවතට යන්න නෙවේ. ඒක නිසා තමා ඒ දරුවාගෙ තාත්තා දරුවා ළග සිගරට් බොන්න ගත්තාම නහය වහගත්තෙ. ඒ තාත්තට මේක හොදටම දැනිලා තාත්තා සිගරට් එක නිවලා දාලා ඉන් පස්සෙ දරුවා නහය වහගෙන ඉන්න එක නවත්තලා. එදායින් පස්සෙ ඒ තාත්තා දරුව ළග, ඒ වගේම දරුවා ඉන්න අවස්ථාවල සිගරට් බොනඑක නවත්තලා. මේ කතාව දරුවාගෙ අම්මා මට ඇවිත් කියලා අවසානෙට මට කිව්වා දැන් මහත්තයාගෙ සිගරට් බීම අඩුවෙලා තියෙන්නෙ කියලා. කවිය නිසා දරුවා අකමැති දේවලට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ගොඩනැන්වෙමින් තිබෙනවා ඒක නිසා මට ලොකු සතුටු ඇති උනා.
නාලීනි අධිකාරි – බැලුම්මහර