ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

දුවගේ විවාහ උත්සවය

දුවගේ විවාහ උත්සවය අරක්කු දෙන්නේ නැතුව ගත්තා

මගේ නම පත්මා ශී‍්‍රයානි.මගේ ගම බැරගම මගේ දුවගේ විවාහ උත්සවයට දින නියම උනා . අපි හැම දෙයක්ම සැලසුම් කලා.කොහෙද විවාහ උත්සවය ගන්නේ,කෑම දෙන්නේ මොනවද, කව්ද පින්තූර ගන්නේ කියලා.එතන හිටපු ගොඩාක් දෙනෙක් කිව්වා උත්සවයට අරක්කු දෙන්න ඕන කියලා.මම කිව්වා අරක්කු දෙනවානම් විවාහය ලියාපදිංචි කරලා දාමු කියලා.කොහොමත් මම කැමති නැහැ අරක්කු දෙන්න. අපේ උත්සවයේ අරක්කු දුන්නොත් ගමේ දරුවෝ ගොඩ දෙනෙක් සතුටු වෙන්න අරක්කු බොන්න ඔනේ කියලා ඉගෙන ගන්නවා. මටත් දරුවෝ ඉන්න නිසා මම කැමති නැ ඒ වගේ දෙයක් කරන්න කිව්වා. සමහර අය කිව්වා මේ කාලේ මල ගෙදරත් අරක්කු දෙනවා ඇයි මගුල් ගෙදර දෙන්නේ නැත්තේ කියලා.මේ උත්සවයට පුතාගේ යාළුවෝ එනවා, මහත්තයාගේ යාළුවෝ එනවා, අපේ අයියලා ,මල්ලිලා එනවා මේ හැමෝටම අරක්කු දෙන්න ඕන කිව්වා. මම එකහෙලාම තීරණය කලා අරක්කු දෙන්නේ නැහැ කියලා. මගේ මල්ලි කෙනෙක් කිව්වා අරක්කු බොන්නේ නැතුව නටන්නේ කොහොමද කියලා.

කොහොම හරි ඔය අභියෝග මැද මම උත්සවයට අරක්කු දුන්නේ නැ. අරක්කු නැති නිසා බොන පිරිමි අය නැටුවේ නැ. කාන්තාවෝ ටික නටන්න ගත්තා.මම කිව්වා පිරිමි අයට මේ කාන්තාවෝ නටන්නේ අරක්කු බීලා නෙවෙයිනේ ඔයාලත් ඇවිත් නටන්න කියලා.ඒ වෙලාවේ සෙනග 1500 විතර හිටියා.අන්තිමට මේ සේරම නැටුවා.අරක්කු දුන්නානම් ප‍්‍රශ්න ඇති වෙන්න තිබුනා.අවසානයේ රණ්ඩු දබර වෙලා, බඩු කුඩු කරගෙන නෑදැයෝ, යාළුවෝ විසිර යන්නනේ බොහොම දුකෙන් කනස්සල්ලෙන්.උත්සවේ රෑ 7 විතර වෙනකම් තිබුනා.හැමෝම ඇවිත් ගියේ බොහොම සතුටින්.ඒ වගේම මේ වගේ හොදට උත්සවේ අරගෙන අම්මා කෙනෙක් විදිහට මම ගොඩාක් සතුටු වෙනවා.


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com