මගේ නම රෝහිණි. මගේ ගම බරවාකුඔූක මගේ සහෝදරියක් මිය ගියා. අපේ ගමේ මල ගවෙල් වල අරක්කු දෙන සිරිතක් තිබුණා. මල ගෙදර එන අයට අරක්කු, බීඩි, සිගරට්, බුලත්විට වලින් සංග්‍රහ කරන ඔනේ. මල ගෙදර එන වැඩිහිටි වගේම තරුණ අය පවා මේවා පාවිච්චි කරනවා ඒකට හේතුව මල ගෙදර නිදි මරන්න අරක්කු, සිගරට් වගේ දේවල් ඔනේ කියලා ලොකු මතයක් තිබුණා. අපේ ගම්වල මිනි වල කපන්න අනිවාර්්‍යෙයන්ම අරක්කු දෙන්න ඔනේ. එක තදින්ම තිබ්බ සිරිතක්
අපේ අයතනයේ කාන්තා සංවර්ධන මහා සංගමයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සිදු කරන්නේ ADIC ආයතනයෙන් එහිදි මම පුහුණු කරුවෙක් ලෙස පුහුණු වුනාට පසුව මට තේරුම් ගියා අරක්කු බීලා නිදි මරන්න පුලුවන් කියන එක මහන්සිවෙලා වැඩ කරන්න පුලුවන් කියන එක බොරු මතයක් කියලා තේරුම් ගියා. ඒ අතර මගේ සහෝදරියක් මිය ගියා. මගේ සහෝදරියගේ මල ගෙදර වෙනසක් කරන්න ඔනේ කියලා මට හිතුනා. ඒ අභියොගය බාරගෙන මල ගෙදර නිදි මරණ අයට අරක්කු. සිගරට්. බීඩි කිසිවක් දුන්නේ නැ. සමහර අය මගෙන් ප්‍රශ්ණ කරන්න ගත්තා අරක්කු නැත්තේ ඇයි කියලා. මම කිව්වා අපේ මරණය වෙන්වෙන් පැමිණි අය මරන්න මම උදව් කරන්නේ නෑ කියාලා කිව්වා.අන්තිම දවසේ මිනි වල කපන වේලාවේ අරක්කු නැති නිසා මිනි වල කපන්න බැ කිව්වා. අරක්කු අරන් එන්න කියලා කිව්වා. අරක්කු නැතිව තේ බිස්කට් ඇරගෙන අපි එතනට ගියා. අපිට තේ එපා අරක්කු ඔනේ මිනි වල කපන්න. ඔයාලට අපි අරක්කු දෙන්නේ නැ මිනි වල කපන්න බැරිනම් යන්න කියලා කිව්වා. මම මගේ ළමයින්ට සහොදරයින්ට කතා කරලා කිව්වා උදලු පිහි අරගෙන කනත්ට එන්න කිව්වා. අපි කට්ටියම එකතුවෙලා මිනි වල කැපුවා. මට හිතෙනවා මම කරපු ඒ වැඩෙන් ගමේ අනිත් අයටත් පණිඩිඩයක් යන්න ඇති කියලා.