ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

තාත්තව වෙනස් කරයි

පෙර පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තාත්තව වෙනස් කරයි

ගඳයි ගඳයි ……. හරිම ගඳයි ……..අරක්කු බිව්වම……. ගඳම ගඳයි…..

මේ කවිය පෙරපාසල් තුළ දි අපි දරුවන් එක්ක ගායනා කළා. දරුවන්ට කියා දුන්නා ඊට පස්සෙ දරුවෙක් මා ලගට ඇවිත් මට කිව්වා අපේ තාත්තා අම්මට ගහනවා කියලා.මට හරි දුකක් ඇති උනා මම ඒ වෙලාවේ දරුවට කුරුල්ලෙක් පෙන්නලා වෙනත් අතකට හිත යැවිවා.

නමුත් ඒ කරුණ මම අමතක කලේ නැ පස්සෙ දවසක දරුවගේ තාත්තා ගෙන්නලා පෞද්ගලිකව මම කතාකළා . නමුත් මට දරුවා කිව්ව කාරණය දරුවා කිව්වා කියලා කියන්න බෑ දරුවට ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැති නිසා මම උපාය ශිලීව ක්‍රියාත්මක උනා ඔයාට හොඳ දරුවෙක් ද ඕනෙ ? කියලා මම ඒ තාත්තාගෙන් ඇහැව එයා කිව්වා ඔව් කියලා

ඔයාගෙ දරුවා ටික දවසක ඉදලා බලාගත්ත අත බලාගෙන ඉන්නවා මොකද දන්නෙ නෑ ගෙදර ප්‍රශ්නයක් තියෙනවද ?ගෙවල්වල ප්‍රශ්න තිබ්බාම සමහර ළමයි ඔහොම හැසිරෙනවා මට අත්දැකිම් තියෙනවා ඒකයි මම එහෙම ඇහැවෙ කියලා මම ඒ තාත්තට කිව්වා. ඔය දෙන්නා රංඩු කරගන්නවා නම් අවසානයට ඔයාලට ඉතිරි වෙන්නෙ මන්ද බුද්ධික දරුවෙක් ඔයාලා බලාපොරොත්තුවන දරුවෙක් නම් නෙවේ. ඔයාලා ඒකට කැමති නම් රංඩු වෙනවා නම් රංඩු කරගන්න.

ඔයා අරක්කු බොනවද මම ඒ තාත්තාගෙන් ඇහැවා ඒ තාත්තා උත්තර නොදී හිටියා ඔයාට හොද ලස්සන නෝනා කෙනෙක් ඉන්නවා බලන්න ඔයාත් කොච්චර ලස්සනද අරක්කු බිව්වාම රූපය ඉක්මනින් කැත වෙනවා දරුවට ඔයාලා ආදරේ නම් ගෙදර ඇතුලේ හොද පරිසරයක් හදාගන්න කියලා මම ඒ තාත්තාට කිව්වා.

ටික දවසකට පස්සෙ දරුවාගේ අම්මා පෙරපාසලට ආවා රැස්වීමට මම පෞද්ගලිකව ඒ අම්මා ගෙන්නලා ඇහුවා දැන් මහත්තයා කොහොමද කියලා අනේ ටීච දැන් මහත්තයා මාත් එක්ක රංඩු කරගන්නෑ බොන්නෙත් නෑ කියලා මට කිව්වා මට හරි සතුටක් ඇතිඋනා.

පෙරපාසැලේ මේ වැඩසටහන පටන්ගත්ත නිසා තමා මට මේ වෙනස කරන්න පුළුවන් උනේ

ගීතානී පෙරේරා – පෙරපාසල් ගුරුවරික් ගම්පහ යක්කල


Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook

ChangeSriLanka is a blog for community interventions which are mobilized by ADIC

You may not reproduce or communicate any of the content on this website, including photos, videos from this website, without the permission of the copyright owner.

© 2021 ChangeSriLanka. All Rights Reserved. Developed & Designed by Exclusivewebarts.com