අපේ ගමේ පිට්ටනිය සහ මංසන්දි සිගරට් සහ අරක්කු භාවිතා කිරීම සදහා යොදාගෙන තිබුණා. එම නිසා ළමයින්ට නිදහසේ සෙල්ලම් කිරීමට නොහැකි බවත් අනාරක්ෂිත බවත් නිසා පාරේ තනිව ඇවිද යාමට දරුවන්ට අවස්ථාව දීමට දෙමාපියෝ අකමැති වූවා. අරක්කු බීපු මිනිස්සු පරුෂ වචන කිය කියා රංඩු කරගන්න නිසා ළමයින්ට අධ්‍යාපන වැඩ කරගැනීමට අපහසු වී තිබුණා. නීති විරෝධීව මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන තිබුණ නිසාත් පිට ගම්වලින් නාදුනන පිරිස් පැමිණෙන නිසාත් ළමුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බව දෙමාපියෝ නිතර පවසමින් කනස්සල්ලෙන් කාලය ගත කළා. මෙවන් පරිසරයක් ඇති …
Month: April 2020
ළමා සමාජයේ ළමයින්ට අපි කියා දුන්නා අරක්කු” බියර් බිව්වම මූණ කැතවෙනවා ඉක්මනට නාකිවෙනවා කියලා ඒවගේම අරක්කු” බියර් බොන එක කැත වැඩක් කියලත් අපි ළමයින්ට කියාදුන්නා’ දවසක් මම වෙඩින් එකකට ගියා ළමා සමාජයේ ළමයෙක් එයාලගේ පවුලේ අයත් එක්ක ඇවිත් හිටියා ඒ ගැහැනු දරුවට අවුරුදු 12යි තාත්තා රජයේ රැකියාවක් කරනවා’ ඒ දරුවගේ අම්මත් මා ලග වාඩිවෙලා කතා කරකර හිටියා ඒ වේලාවෙ අර දරුවා තාත්තාගෙ අතේ එල්ලිලා අඩාගෙන ඇවිත් ටීච ටීච කියලා දුන්නා නේද අරක්කු බොනඑක කැත වැඩක් කියලා ඉතින් මම කැමති …
Social Profiles