Title : අපූරු පෙරපාසලක් Year of publication : 2018 Author : මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය Subject : දරුවන්ට සතුටින් ජිවත්විමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබාදිම පෙරපාසල් වයසේ දරවන් ඉලක්කකර ගනිමින් පෙරපාසල් ගුරුවරුන්ට පරිහරණය කිරීම ස`දහා මෙම පොත නිර්මාණය කර ඇත. දුම්කොළ, මද්‍යසාර සමාගම් මෙන්ම වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දැනටමත් පාරිභෝගිකයන් වී ඇති පුද්ගලයින් දිනෙන් දින මියයාම සිදුවේ.ඒ නිසා එම සමාගම්වල පැවැත්ම සහ ඔවුන්ට ලාභ ලැබීම උදෙසා දිනකට අහිමිවන පුද්ගල සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් අළුතෙන් ඔවුන්ගේ පාරිභෝගිකයන් ලෙස පත්කරගත යුතුවේ. ඔවුන්ගේ මෙම ඉලක්කය සපුරා ගැනීම ස`දහා කෙසේ හෝ පුද්ගලන් රැුවටීමකට ලක් කළ යුතුව ඇත.ප්‍රධාන වශයෙන් ළමුන් ඉලක්ක කර ඔවුන් රැුවටිම ස`දහා දුම්කොළ, මද්‍යසාර සමාගම් මෙන්ම වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විවිධ උත්සාහයන් දරණ නිසා ඒ පිළිබ`දව සැළකිලිමත් විය යුතුවන බව මෙම පොතේ පිටු අංක 01,02 හි ස`දහන් ව ඇත. එසේම මෙම පොත පරිහරණය කළයුතු ආකාරය පිටු අංක 03,04 හි ස`දහන් ව ඇති අතර දුම්කොළ, මද්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනයන් පිළිබ`දව දරුවන් තුළ මතකයේ රැු`දවීම සහ ඒවා පිළිබද`ව ධනාත්මක හැ`ගීම් ඇතිකිරිම උදෙසා ගන්නා උත්සාහයන් පිළිබ`දව පිටු අංක05 හි ඇතුලත් කර ඇත. දරුවන් ඉතා ආශාවෙන් වැළදගන්නා කාටූන්වල විර චරිත ,ආකර්ෂණීය චරිත,හාශ්‍ය උපදවන වැඩසටහන් මෙන්ම ටෙලිනාට්‍ය, චිත්‍රපටි හරහා ප්‍රධන උපක්‍රමයක් ලෙස රූපවාහිනීය යොදා ගන්නා ආකාරයත් ස`දහන්කර ඇත. නිසා මද්‍යසාර, දුම්කොළ නිෂ්පාදනයන් පිළිබ`දව ආසාවක් ඇති අවම කරමින් දරුවන්ට සතුටින් ජිවත්විමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය කුඩා කළ සිටම ළමුන් තුළ ඇති කිරීම උදෙසා අප සැමදෙනා ඒ ස`දහා ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? දරුවන් සම`ග සිදුකළහැකි ක්‍රියාකාරකම් හා එම ක්‍රියාකාරකම් සිදුකිරිමේදී නොකළයුතු දේ මොනවාද? යන්න පිළිබ`දව මෙම පොතේ විස්තර කර ඇත. ඉදිරියට කියවන්න
Title : අපි හැමදා සතුටින් Year of publication : 2018 Author : මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය Subject : දරුවන්ගේ මනස සංවර්ධනය කිරීම තුළන් ඔවුන්ට සතුටින් ජිවත්විමට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ඇතිවීම ප්‍රාථමික පාසල් වයසේ දරවන් ඉලක්කකර ගනිමින් ප්‍රාථමික පාසල් ගුරුවරුන්ට පරිහරණය කිරීම ස`දහා මෙම පොත නිර්මාණය කර ඇත. අවුරුදු 6-10 වයසේ දරුවන්ගේ මනස සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණික කරුණු මෙහි ඇතුළත්කර ඇත. එම දරුවන් සමග ඉගැන්විම් කටයුතු සිදුකරන අවස්ථාවල දී යොදාගත හැකි ආකාරයේ ක්‍රියාකාරකම් සහිතව මෙම පොත නිර්මාණය කරඇත . දිගු කාලීනව දුම්පානය සහ මද්‍යසාර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය හානි පමණක් දරුවන් දැනසිටිම ප්රතිඵලදායී බව අවම බැවින් විශේෂයෙන් සංවේදී කරුණු ලෙස අර්ථ දක්වන්නා වූ දුම්පානය සහ මද්‍යසාර භාවිතය නිසා කෙටිකාලීනව සිදුවන්නා වූ වෙනස් කම් එනම් තොල් කැතවිම ,ග`ද ගැසීම,මුහුණ කැතවිම ,ඇස් කැතවිම යන කරුණු දරුවන්ට කියාදීම ඵලදායිවේ. දරුවන් අනාගතයේදි දුම්වැටි උරන්නන් මද්‍යසාර භාවිතා කරන්නන් බවට පත්නොවීමට අවශ්‍යකරන දැනුම ආකල්ප සහ හැකියාවන් සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන තාක්ෂණික කරුනු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙහි අන්තර්ගතව ඇත. මෙම පොතේ ඇතුළත් කර ඇති ක්‍රියාකාරකම් සියල්ල ප්‍රාථමික පාසල් වයසේ දරුවන් හා ගුරුවරුන් සම`ග වසර කිහිපයක් අත්හදා බලමින් සාර්ථක ප්‍රතිඵල ලබාඇති ඒවා බව මෙහි ස`දහන්ව ඇත ඉදිරියට කියවන්න
Title : මද්‍යසාර පාලනය පිළිබ`දව ජාතික ප්‍රතිපත්තිය
Year of publication : 2016
Subject : සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය – ශ්‍රීලංකා
Author :
මද්‍යසාර භාවිතය යනු ලොවපුරා මහජන සෞඛ්‍ය,සංවර්ධනය හා දිළි`දු බව දුරලීම අඩාල කරවන,මිනිසුන් රෝගී කරවන එක් ප්‍රධාන සාධකයකි. මද්‍යසාර භාවිතය නිසා පුද්ගලයන්ගේ ජීවිත හා පවුල් මෙන්ම මුළු මහත් සමාජයම බි`දවැටීමට ලක්වේ.
මද්‍යසාර භාවිතය මිනිසුන්ට වැළදෙන ලෙඩ රෝග රැුසකට දායක වන ප්‍රධාන හේතුවකි. පහළ ආදායම් ලාභී රටවල මිනිසුන් අකල් මරණවලට හා ආබාධවලට ගොදුරුකරවන හේතූන් ලැයිස්තුවේ ඉහළින්ම පවතින්නේ ද මද්‍යසාර භාවිතය යි.
එය ලෙඩ රෝග 60ක ප්‍රධානතම හේතු සාධකය වන අතර තවත් රෝගී තත්ත්ව 200ක් සෑදීමට දායක වේ. ( මද්‍යසාර පිළිබ`දව ගෝලීය තත්ත්ව, 2004*
ශ්‍රී ලංකාවේ සිදුවන මරණ 10ක් ගත්විට එයින් 7ක් සිදුවන්නේ බෝ නොවන රෝග නිසාවෙනි. මද්‍යසාර භාවිතය බෝ නොවන රෝග ඇතිකරවන ප්‍රධාන හේතු සාධක 4න් එකකි.
මද්‍යසාර භාවිතා කරන ප්‍රතිශතය ඉහළ යාම,රෝග නිසා ඇතිවන විවිධ බලපෑම් වලට සැලකිය යුතු දායකත්වයක් සපයන බැවින් එවැනි තත්වයන් ඇතිවීම මගහරවා ගැනීමට උපරිම ප්රයත්නයක් දැරිය යුතුය.(මද්‍යසාර පිළිබ`දව ගෝලීය තත්ත්ව වාර්තාව, 2011* මද්‍යසාර භාවිතය පැතිරී ගියද ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් කිසිම විටක මද්‍යසාර පානය නොකිරීම සැනසිලිදායක තත්ත්වයකි.
මෙම වාතාවරණය තුළ මද්‍යසාර පාලනය පිළිබ`දව ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මද්‍යසාර පාලනය ප්‍රතිපත්ති වැඩසටහන යටතේ හා වසර 2025 වන විට ලෝකයේ බෝනොවන රෝග නිසා සිදුවන මරණ ප්‍රතිශතය 25% කින් අඩුකිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සැලැස්මට ශ්‍රී ලංකා රජය නිසි අවධානය දැක්වීමක් ලෙස ය.මෙය 2011 වසරේ දී අතිගරු ජනාධිපතිතුමන් සහභාගී වූ බෝනොවන රෝග වැළැක්වීමට හා පාලනය පිළිබ`දව එක්සත් ජාතින්ගේ මහා සභා රැුස්වීමේ දී බිහි වූ දේශපාලනික ප්රකාශනයේ ප්රතිඵලයකි. ^United Nations General Assembly Resolution – UN/A/RES/66/2)
අනෙකුත් අදාළ ප්‍රතිපත්ති හා නීති මාලාවන්
2006, අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබ`ද ජාතික අධිකාරීය පනත
1912,අංක 8 දරණ සුරාබදු ආඥා පනත
මත්ද්‍රව්‍ය අවභාවිතය වැළැක්වීම හා පාලනය ස`දහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය,2005
ශ්‍රී ලංකා පොලිස් ආඥා පනත (1984 සංශෝධනය*
පටුන
හැදින්වීම පිටු අංක 01
මෙහෙයුම් මූලධර්ම ,දැක්ම ,අරමුණ පිටු අංක 02 හි ස`දහන්ව ඇත
ප්‍රමුඛතා ප්‍රතිපත්තිමය විෂය පථයන් 03
ප්‍රමුඛතා විෂයපථයන් ස`දහා ක්රමෝපායන් හා ක්‍රියාන්විත අරමුණූ 03- 08
සම්බන්ධීකරණ යාන්ත්‍රණය,අධීක්ෂණය හා ඇගයීම, ක්රමෝපායන් ක්‍රියාවට නැංවීම පහසුකිරීමේ හා දිගුකල් පැවතිමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම 09
මෙම ප්‍රතිපත්ති ස`දහා ජාතික මානසික සෞඛ්‍ය කමිටුවේ අනු කමිටුව 10
Title: මද්‍යසාර ගැන කුමක් කරමුද ?
Year of publication: 2008
Author: මහාචාර්ය දියනාත් සමරසිංහ
Subject: මද්‍යසාර
පටුන
මේ පොත පරිහරණය 01
මූලික කරුණු 03
සිතන්න අවශ්‍ය පැති කිහිපයක් 13
කි්රයාකාරිවීම සඳහා සැලසුමක් සකස් කිරීම 23
මේ පොත පරිහරණය
මේ පොත් පිංචෙන් බලාපොරොත්තු වන්නේ ජීවිත රසවත් බවින් හා සුවදායී බවින් වැඩි පැත්තට යොමු කරවීමට මද්‍යසාර සම්බන්ධව අප ගත යුතු කි‍්‍රයාමාර්ග සමහරක් ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අප සිතන පතන සහ හැසිරෙන ආකාර වෙනස් විය යුතුයි. එමෙන්ම අප ඇසුරු කරන කණ්ඩායම් ඇති කරන බලපෑම් ද සුව අතට හරවා ගත යුතුයි. ඒ වෙනස්කම් අතුරින් සමහරක් ගැනයි මෙහි කතා කරන්නේ.
අප ජීවිත සැපවත් කර ගැනීමට අදාළ පැති බොහොමයකි. අපගේත් අන් අයගේත් මද්‍යසාර භාවිතය මින් එකකි. මෙම සම්බන්ධය පිළිබඳ බුද්ධිමය විග්රහයකට වඩා මේ පොතෙහි සලකා බැලෙන්නේ අප ජීවිතයේ සතුට වැඩි කර ගැනීමට මද්‍යසාර පිළිබඳ ගත යුතු ප්‍රායෝගික පියවර ගැනයි.
ප්‍රායෝගික පියවර පදනම් රහිත නම් ඒවායින් වැඩි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. මෙහි යෝජිත පියවර පදනම් වන්නේ මද්‍යසාර ගැන අවබෝධය වඩාත් පුළුල් හා නිවැරදි කරගැනීම මතයි. ඒ පිළිබඳ දැනුම ද පොතෙහි මුල් කොටසේ සැකෙවින් සලකා බැලෙනු ඇත. අප අවබෝධය කොතෙක් දියුණු වුවත් එය එදිනෙදා ජීවිතයට බලපෑමක් නොවෙයි නම් ඉන් ඇති ප්‍රයෝජනය අල්පය. එදිනෙදා ජීවිතයට ප්‍රායෝගිකව එකතු නොවන නැවුම් අවබෝධයන් වැඩි කලක් යාමට පෙර ක්ෂය වීම ද ස්වාභාවිකයි.
මෙහි අවසන් පරිච්ෙඡ්දය අවබෝධය කි‍්‍රයාවට නැංවීම පිළිබඳවයි. එහි යොමුව හාත්පසින්ම වෙනස්. අද පවතින තත්වයෙන් පටන්ගෙන ක්‍රමිකව ඉදිරියට යන ආකාරයටයි එහි ඇතුළත් වෙන්නේ. මෙම ඉදිරි ගමනට ඉලක්ක විය යුත්තේ අප ජීවත් වන ප්‍රජා අතර පවතින අවබෝධය සහ වෙනත් වෙනත් පිළිවෙත් රාශියකි. ප්‍රජාවක අවබෝධය දියුණු කිරීම පුද්ගලයෙකුගේ අවබෝධය දියුණු වනවාට හාත්පසින් වෙනස් මඟකින් ඉටු වන්නකි.
පිරිසක් ඉගෙන ගන්නා ක්‍රම ද අප උගත යුතුයි. එය හුදෙක් දැනුම බෙදා දීමෙන් ඉටු වන්නක් නොව, ප්‍රජාවක් කරන්නේ අලූත් දැනුම එලෙසින්ම පිළිගැනීම නොව, එය එය ප්‍රජාවේ දැනට පවතින විශ්වාස හා පිළිවෙත්වලට ගැළපෙන අයුරින් වෙනස් කිරීමෙන් අනතුරුව ග්‍රහණය කර ගැනීමයි. මෙහිදී අලූත් දැනුම හා අවබෝධය මෙන්ම ප්‍රජාවේ පැවති පිළිගැනීම් හා හැසිරීම් රටාවන් ද අනුවර්තනය වේ. මෙම අනුවර්තනයන් ද ගළපා ගනිමින් ඉදිරියට ගෙන යාම පොතෙහි දෙවන කොටසෙහි විස්තර වන්නේ පියවර මාලාවක් ලෙසයි.
අදාළ පිරිස හෝ ප්‍රජාව ඉදිරියට ගෙන යන්නේ හුදෙක් දැනුම බෙදා දීමෙන් නොව විවිධ කි‍්‍රයාකාරකම්වල යෙදවීමෙනි. අප හැසිරීම් හා පිළිවෙත් අලූත් වුවහොත් ඒ තුළින් අලූත් අවබෝධයක් ලබා ගැනීමට ද පුළුවන. එනිසා, කියවීමට වැඩි කැමැත්තක් නැති පුද්ගලයා අවසන් පරිච්ෙඡ්දයේ කි‍්‍රයාකාරකම් කොටසින් ඇරඹුව ද කම් නැත.
එහෙත් සැළකිය යුතු දියුණුවක් ඇති කිරීමට ආසා කරන පුද්ගලයා පළමුව මෙම පොතෙහි අඩංගු සියල්ල කියවා, කි‍්‍රයාකාරකම් පිළිබඳ පරිච්ෙඡ්දය නැවත ඇරඹිය යුතුය. කෙටි ලිඛිත වාර්තා තබා ගැනීම ද කි‍්‍රයාකාරකම් අතර යෝජනා වෙයි. එමගින් අප මැදිහත්වීම් හි ඵලදායීතාව බෙහෙවින් වැඩි කර ගැනීමට පුළුවන. සටහන් තබා ගැන්ම ප්‍රතිඵල බැලීමට රුකුලකි. නිරතුරුව ප්‍රතිඵල මැන බැලීම ප්‍රගතිය සහතික කරන්නකි.
මෙම පොතෙන් බලාපොරොත්තු ප්‍රගතීන් ප්‍රජාවක් සමග දිනාගැනීම අමාරු කටයුත්තක් නොවේ.එයට අදාළ කාර්යයන් පහසු මෙන්ම රසවත්ය. ඒ සඳහා විශාල කැපවීමක් හෝ පරිත්‍යාග කිරීමක් අවශ්‍යව නැත. එහෙත් අප ඵලදායීතාව වැඩි කර ගැනීමට නම් මීට ස්වල්පයක් අපහසු කටයුත්තකට ද එකතුවිය යුතුයි. එනම් මෙහි යෝජිත නිරන්තර මැන බැලීමත්, කෙටියෙන් හෝ වාර්තා තබා ගැනීමත්ය. ඒවා නොමැති වුවද ඉදිරියට යාමට පුළුවන. එවන් පහසු ගමනකින් වුව ද ප්‍රගතියක් ලැබෙනු ඇත. එහෙත් එමගින් ලැබෙන ප්‍රගතිය මඳ වීමටත් ප්‍රමාද විමටත් ඉඩ ඇති නිසා වාර්තා කරමින්, සොයා බලමින්, ඉදිරියට යාම වඩා සුදුසුය.
මූලික කරුණු
මද්‍යසාර භාවිතය අපේ සතුට මත විශාල බලපෑමක් ඇති කරයි. සමහර අය සතුටක් ලෙස අත්විඳින්නේ මද්‍යසාර භාවිත කරන අවස්ථා පමණයි. තවත් අය දකින්නේ මද්‍යසාරය ජීවිතවල සතුට අඩාල කරවන ප්‍රබල ම සාධකය ලෙසයි.
මේ මත දෙක අතරයි බහුතරය සිටින්නේ. ඒ අයගේ කෝණයෙන් බැලූ විට ජීවිතවල සතුට වැඩි කිරීමට ගත යුතු පියවර දෙආකාරයකින් වෙයි. භාවිතයෙන් සතුටක් ලබනවාය කියන අයගේ මද්‍යසාර භාවිතය ප්‍රශ්ස්ත ම තත්වයට ගෙන ඒම එකකි. හානිය හඳුනාගෙන එය අවම කිරීමට පියවර ගැනීම තවෙකකි. මේ අංශ එකක් අනෙකෙන් වෙන්ව සැලකිල්ලට ගත නොහැක.
කවර පිවිසුමකින් වුවද, අදාළ කටයුතු නිවැරදි ස්වරයේ පිහිටිය යුතුය. භාවිතයට තදින් බැඳුණු අය පමණක් හෝ එයට තදින් විරුද්ධ අය පමණක් හෝ අනුමත කරන ස්වරය වැරදි ස්වරයයි. නිවැරදි පිවිසුම බහුතරයක් ඒකරාශී කරගන්නක් විය යුතු සේම, සැහැල්ලූ හා පහසු වූවක් ද විය යුතුයි.
Title: ප්‍රජාවක වෙනස
Year of Publication: 2007
Publication: මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
Subject: කි‍්‍රයාකාරී කණ්ඩායම් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ මඟපෙන්වීම.
Summary: මෙම පොත සකස් කර තිබෙන්නේ තෝරාගත් ප්‍රජාවක මද්‍යසාර (බියර්, අරක්කු, කසිප්පු) හා දුම්වැටි (සිගරට්) කෙරෙහි ඇති ඉල්ලූම දුර්වල කිරීමටයි. පසුගිය වසර ගණනක අත්දැකීම් හා මෙතෙක් මෙම විෂය යටතේ ලියවී ඇති විද්‍යාත්මක පදනමකින් යුත් ග්රන්ථ පදනම් කරගෙන සකස් කර ඇති මෙය, සාමාන්‍ය මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපනයට වඩා බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගන්නා එකකි.
දිස්ති‍්‍රක් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාම නිලධාරීන් දක්වා වන රාජ්‍ය පරිපාලන ව්‍යූහයේ නිලධාරීන්ටත්, ඉහළ තලයේ සිට සමාජ සංවර්ධන සහකාරවරු හා සමෘද්ධි සංවර්ධන නිලධාරිවරු දක්වා වන සමෘද්ධි අධිකාරි ව්‍යුහයේ නිලධාරීන්ටත් තරුණ සේවා, සෞඛ්‍ය සේවා, සමාජ සේවා ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම රාජ්‍ය ව්‍යූහයක නිලධාරියෙකුට වුවත් මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට උත්සහ කරන රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූල සංවිධාන ඇතුළු ඕනෑම සිවිල් සංවිධානයකටත්, විශ්ව විද්‍යාලය ආචාර්යවරුන්ගේ සිට පාසල් ශිෂ්‍යන් දක්වා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට උත්සහ කරන ඕනෑම අධ්‍යාපන ක්ෂේත්රයක නියැලෙන්නන් හටත් මෙන්ම මද්‍යසාර දුම්වැටි ඉල්ලූම අවම කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ උනන්දුවක් ඇති ඕනෑම කණ්ඩායමක් හෝ පුද්ගලයෙකුටත් භාවිත කළ හැකි හා තේරුම් ගත හැකි පරිදි සරල හා ප්‍රායෝගික ලෙස මෙම පොත සකස් කර ඇත.
මෙය තෝරාගත් ප්‍රජාවක මද්‍යසාර – දුම්වැටි ඉල්ලූම අවම කිරීම උදෙසා භාවිත කළ හැකි මොඩියුලයක් පමණක් බව තේරුම්ගත යුතු අතර වැඩසටහන් කි‍්‍රයාත්මක කරන අයගේ නිර්මාණශීල හා ඵලදායි කි‍්‍රයාකාරකම්, ව්‍යාපෘති ප්‍රතිඵල ඉහළ යෑමට හේතුවනු ඇත. මෙම මොඩියුලය කි‍්‍රයාවේ යෙදවීමට පෙර හොඳින් කියවා අවබෝධ කරගන්න. මෙය කි‍්‍රයාත්මක කිරීමට පෙර මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ මූලික දැනුමක් කි්රයාකරන්නන් සතු විය යුතු අතර මත්ද්‍රව්‍ය නිවාරණයේදී නොකළ යුතු දේ, ප්‍රජාවක පවතින තත්වය මැනගැනීමට භාවිත කළ හැකි ක්‍රමවේද මෙන්ම මද්‍යසාර, දුම්වැටි භාවිතයෙන් සිදුවන දැනෙන හානිය ආදිය පිළිබඳ අමතර කියවීම් ද මෙම පොතට ඇතුලත් කර ඇත.
ප්‍රධාන අරමුණ
මෙම මොඩියුලය ක්‍රමවත්ව කි්රයාවන නැංවීමේදී ප්‍රජාව තුළ සිටින පිරිස් තුළ බියර්, කසිප්පු, අරක්කු සහ සිගරට් ඉල්ලූම පවතින ආකාරය සහ එය අවම කරන ආකාරය හඳුනාගෙන ඉල්ලූම අවම කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට පෙළඹේ.
විශේෂිත අරමුණු
1. මද්‍යසාර භාවිතය සහ දුම්වැටි භාවිතය කිරීම නිසා සිදුවන ආර්ථික හානිය හා අනෙකුත් හානි නිවැරදිව අවබෝධ කරගනී.
2. පුද්ගලයින් තුළ අරක්කු, කසිප්පු, සිගරට් ආකර්ෂණය කරවන සාධක දුර්වල කිරීම උදෙසා පුද්ගලිකව හා කණ්ඩායමක් ලෙස ගත හැකි පියවරයන් අවබෝධ කරගනී.
3. මද්‍යසාර භාවිතයෙන් පසුව සිදුකරන රඟපෑම සහ ලබාගන්නා අවසරය අවබෝධ කරගනී.
4. මද්‍යසාර භාවිතය සහ දුම්වැටි භාවිතය වටා ගොඩනඟා ඇති බොරු මතයන් හා වැරදි ආකල්ප හඳුනා ගනී.
5. දුම්කොළ සහ මද්‍යසාර කර්මාන්තයේ (නීත්‍යානුකූල හා නීති විරෝධී* වක්‍ර සහ ඍජු බලපෑම් හඳුනා ගනී.
6. ප්‍රජාවේ සහ ජීවිතයේ සියලූම අවස්ථා මද්‍යසාර සමග සම්බන්ධ කර ඇති බව සහ එය වෙනස් කිරීමේ කි‍්‍රයා පිළිවෙළ හඳුනා ගනී.
7. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ජාතික, ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ මැකි ආකාරය අවබෝධ කර ගනී.
8. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක සාර්ථකත්වය මැන ගන්නා ආකාරය අවබෝධ කර ගනී.
මොඩියුලය භාවිත කරන්නන්ට උපදෙස්
මෙය කි‍්‍රයාවේ යෙදවීමට පෙර හොඳින් කියවා අවබෝධ කරගන්න.
එක් එක් කි‍්‍රයාකාරකම සිදු කිරීමට ප්‍රථම අදාල කොටස හොඳින් කියවා තේරුම් ගන්න.
අවශ්‍ය අවස්ථාවල නම්‍යශීලී වන්න.
සෑම කි්රයාකාරකමක්ම ප්‍රජාවට රසවත් හා සමීප කර ගන්න.
සෑම කි්රයාකාරකමක්ම කරගෙන යන විට එහි වෙනස මනිමින් ඉදිරියට යන්න.
එක් එක් කි්රයාකරකම අවසානයේදී ඔබ බලාපොරොත්තු වූ වෙනස නොවූයේ නම් එම කි‍්‍රයාකාරකම නැවත කරන්න.
Title: හෙරොයින් භාවිතයෙන් නිදහස් වීම.
Year of Publication: 2004
Author: ශාක්‍ය නානායක්කාර
Subject: හෙරොයින් භාවිතයෙන් නිදහස් වීමේ මනෝ විද්‍යාත්මක ප්‍රවේශය.
Summary: කෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට හසුවීමට පෙර වළක්වා ගැනීම වඩාත් ඵලදායි දෙයයි. නමුත් ප්‍රජාව තුල කි‍්‍රයාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක භාවිතයට යෙමුවූවන් නිදහසු කරගැනීමේ උත්සාහය ද තිබීම එම වැඩසටහන වඩාත් පරිපූර්ණ කරයි. මෙම පොත සකසා ඇත්තේ විශේෂයෙන්ම හෙරොයින් භාවිතයට යොමුවූවන් නිදහස් කරගැනීමේ උත්සාහයේ යෙදෙන්නන්ට යම් මඟ පෙන්වීමක් ලෙසය.
මෙම පොතෙහි යොමුව හෙරොයින් භාවිතයෙන් නිදහස්වීමේ මනෝ විද්‍යාත්මක ප්රවේශයයි.නිදහස්වීමට අවශ්‍ය පෙළඹවීම ලබාදෙමින් චර්යාමය සහ චින්තාමය වෙනසක් ඇති කිරීමට කළ හැකි විවිධ ක්‍රමවේදයන් මෙහි විස්තර කර ඇති අතර උපදේශනයේ හෝ උදව් කිරීමේ යෙදෙන්නාට අදාල සේවාදායකයින්ට ගැළපෙන ක්‍රම තෝරා ගැනීමට ඉන් ඉඩකඩ සැලසේ.
හෙරොයින් වෙත ආකර්ෂණයක් ගොඩනැගෙන අයුරු
හෙරොයින් භාවිතයෙන් කෙනෙකුය මුලින් දැනෙන්නේ නිදිමත ගතියෙන් කිරා වැටීම, බඩ දැඟලීම, හිස කැරකැවීම, වමනය, මාංශ පේශීන්ගේ වේදනාව ආදී අපහසුතා රැුසකි. නමුත් එසේ අපහසුතා දැනුනත් භාවිතා කරන්නන් එය සැපක් හෝ වාසියක් ලෙස හඳුනාගන්නේ එහි රසායනික බලපෑම නිසා නොවේ. ඇතැම්විට, තත්ත්වාරෝපණය හා අපේක්ෂාවන් නිසා දැනෙන අපහසුව ම සැපක් ලෙස ලේබල් කර හඳුනා ගනී. නමුත් නිදහස්ව බලන්නෙකුට හෙරොයින් භාවිතා කරන විටත්, එසේ භාවිත කළ පසුත් විඳින්නේ දුකක්ම බව පෙනේ.
හෙරොයින්හි රසායනික බලපෑමට ආරූඪ කළ බාහිර අංග සමහරක්
හෙරොයින් භාවිතය ඇරඹීම හා භාවිතය තුළ දිගින් දිගටම පැවතීමට හේතුවන හෙරොයින් පිළිබඳව ගොඩනගා ගත් වාසි සහගත අපේක්ෂා පද්ධතියක් (Positive outcome expectancy) හෙරොයින් භාවිත කරන්නන් තුළ තිබේ. තත්ත්වාරෝපණය, සමාජ ඉගෙනුම ආදිය මගින් ඇතිවූ වැරදි සංජානනයන් (misconception) හා වැරදි සිතුවිලි (maladaptive thoughts) නිසා මෙලෙස හෙරොයින් භාවිතය පිළිබඳ ධන අපේක්ෂාවන් ඇතිවේ. තවද හෙරොයින් භාවිතයේ සැබෑ අපහසුව, අප්රසන්නතාව හා අවාසි පිළිබඳ අපේක්ෂාවන් (negative outcome expectancy) හෙරොයින් භාවිතා කරන්නන් තුළ ක්ෂීන වී ඇත. මෙලෙස වැරදි ලෙස ඇති වූ සංජානනයන් නිවැරදි කිරීම තුළින් ද හෙරොයින් පිළිබඳ වැරදි සිතුවිලි(maladaptive thoughts) අභියෝගයට ලක් කිරීමෙන්ද හෙරොයින්වල ධන අපේක්ෂාවන් පිළිබඳව ඇති මිත්‍යාවන් ඉවත් කර හෙරොයින් පිළිබඳ චින්තනය ප්‍රතිව්‍යුහගත කිරීම ( cognitive restructuring )හෙරොයින් භාවිතයෙන් නිදහස්වීමේ ප්‍රධාන පියවරකි. මෙලෙස හෙරොයින්වල රසායකයට වැරදි ලෙස ආරූඪ කළ බාහිර (attributions for heroin effects) මොනවාදැයි හඳුනා ගැනීම වැදගත් වේ.
Title: මානව සංවර්ධනය තුළින් ඵලදායිතා වර්ධනය
Published: 1999
Author: ශාක්‍ය නානායක්කාර
Subject: මානව යහ පැවැත්ම වර්ධනය
Summery: ඵලදායිතාව වර්ධනය සඳහා මානව සම්පත් සංවර්ධනය මුල් කාලයේ යොදා ගැනිණි. එහි ”සම්පත්” කොටස විස්ථාපනය වී දැන් මානව සංවර්ධනයට අවධානය යොමුවී ඇත. ඉන් තවත් ඉදිරියට යමින් මානව යහ පැවැත්ම වර්ධනය හා පරිසර යහ පැවැත්ම වර්ධනය පිළිබඳව යොමුව තුළින් ඵලදායිතාව වර්ධනය පිළිබඳව ආකෘතිය මෙම අත්පොතෙන් ඉදිරිපත් කර තිබේ.
පටුන
මානව යහ පැවැත්ම වර්ධනය 1
හිතකර පරිසරයක් ගොඩනගා ගැනීම 13
කාර්යක්ෂමතාව වර්ධනය 21
ඵලදායි සන්නිවේදනය 40
ඵලදායි චින්තනය 48
ආයතනයේ සාර්ථකත්වයට දායකවීම 52
යම් පුද්ගලයෙකුගේ පූර්ණ පෞරුෂ වර්ධනය තුළින් හා ඔහුට බලය ලබාදීම තුළින් ඔහුගේත් ඔහු සේවය කරන ආයතනය හෝ සංවිධානයේත් දියුණුව හා යහ පැවැත්ම ඇති කරගැනීමේ කි‍්‍රයාදාමය මානව සංවර්ධනයයි. යමෙකුගෙන් අවශ්‍ය කරන දේ ලබාගැනීමට පෙළඹවීම නොව ඔහුව ගොඩනැගීම හා වර්ධනය කිරීම තුළින් ඔහු තුළ ඇති නිර්මාණශීලීත්වය හා සහජ දක්ෂතාවන් පුබුදුවාලීම මානව සංවර්ධනයේ අරමුණු වේ. එමගින් බිහිවෙන නිදහස්, කාර්ය ශූර හා නිර්මාණශීලී පුද්ගලයින්ගෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අපේක්ෂා කළ හැක.
මානව සංවර්ධනයෙන් අපේක්ෂා කරන්නේ පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇති කිරීමයි. පුද්ගලයෙකුගේ හැසිරීම කෙරෙහි බලපාන්නේ ඔහුගේ දැනුමට වඩා ඔහුගේ ආකල්පයන් බැවින් මානව සංවර්ධනයේදී ආකල්පමය වෙනසට විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත. දැනුම හා කුසලතා වර්ධනය ද ඊට සමගාමීව සිදුවිය යුතුය. පුද්ගලයෙකුට අවශ්‍ය දැනුම ලබාදීම හා කුසලතා වර්ධනය එතරම් අපහසු නොවේ. නමුත් ආකල්පමය වෙනසක් ඇති කිරීම ඊට වඩා පුළුල්ව සැලසුම් කළ යුතු වේ. හැසිරීමේ වෙනසක් ඇති කිරීමෙන් ද පුද්ගලයා වටා ඇති සමාජ වාතාවරණය වෙනස් කිරීමෙන් ද ආකල්පවලට බලපෑමක් කළ හැක. මෙම ආකල්පමය වෙනස ඇති කිරීමට මානව යහපැවැත්ම වර්ධන ප්‍රවේශය වඩාත් ඵලදායී වේ.
ඵලදායිතාව
යම් ආයතනයක හෝ නිෂ්පාදන කි්රයාදාමයක ඵලදායිතාව මැනීමට විවිධ ක්‍රම තිබේ. නමුත් යම් පුද්ගලයෙකුගේ ඵලදායිතාව මනින්නේ කෙසේද? යමෙකු වන මහන්සිය, කැපවීම හා යොදන සම්පත් ප්‍රමාණයට අනුකූලව ඔහු ලබන ප්‍රතිඵලය සැසඳීමෙන් ඔහුගේ ඵලදායිතාව පිළිබඳව නිගමනයකට එළඹිය හැක. නමුත් පුද්ගලයෙකුගේ ඵලදායිතාව තීරණය කිරීමේදී ඔහුගෙන් කෙරෙන වැඩ ප්‍රමාණය මෙන්ම එසේ කෙරෙන කාර්යයන් කෙතරම් ප්‍රයෝජනවත් ද යන්න පිළිබඳවත් සලකා බැලිය යුතු වේ. එසේ කෙරෙන කාර්යයන් ඔහුගේ අපේක්ෂිත අරමුණු කරා යෑමට හෝ ඔහු සේවය කරන ආයතනයේ අපේක්ෂිත අරමුණු කරා යෑමට කෙතරම් පිටුවහලක් වන්නේ ද යන්න ප්‍රයෝජනවත් බව මැනීමේ එක් දර්ශකයකි.
Title: සෞඛ්‍ය ප්‍රවර්ධන කි‍්‍රයාවලිය
Year of Publication: 2001
Author(s): දියනාත් සමරසිංහ සමග දුමින්ද ගුරුගේ, රෝහණ රණසිංහ, සරත් අමුණුගම, මනෝජ් ප්‍රනාන්දු සහ සුසන්ත ඉන්ද්‍රවංශ
Summary: සෞඛ්‍ය ප්‍රවර්ධනය නව ප්‍රජා හෝ මහජන සෞඛ්‍ය ලෙස සැළකෙන්නේ එහි ක්‍රමවේදයන්හි වෙනස නිසා පමණක් නොව, ” සෞඛ්‍යය” යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද යන්න පවා මෙම නව පිවිසුමේ අළුතෙන් විමර්ශනයට භාජනය වේ. මෙහි ප්‍රධාන අංග අතුරෙන් කරුණු දෙකක් සඳහන් කළ යුතුය. මින් එකක් වන්නේ දුබලතා සහ අසනීපයන් ගැන පමණක් නොව සුවතාව හෙවත් ධන අංශය ගැනද සැලකිලිමත් වීමයි. අනෙක කි‍්‍රයාවලිය ගැනත් ප්‍රතිඵලය ගැනත් සැලකිලිමත් වීමය.
සෞඛ්‍ය යන අදහස තරමක් අපැහැදිළි එකකි. ඒ පිළිබඳ නිර්වචන බොහොමයකි. ”සෞඛ්‍ය” යන අදහස පිළිබඳ පවතින නොයෙකුත් අවබෝධ අතුරින් වඩාත් බලපෑමක් ඇත්තේ සහ බලයක් උසුලන්නේ වෛද්‍ය ආකෘතියයි. පටු අරුතකින් සෞඛ්‍ය යන්න දකින්නේ මෙම ආකෘතිය තුළයි. වෛද්‍ය ආකෘතියට අනුව පුද්ගලයාගේ සෞඛ්‍ය ශරීරයේ ඉන්ද්‍රියන් හා ඊටත් කුඩා වූ කොටස් තුළ විසිරී පවතින ගුණාංගයකි. ශරීරය යන්ත්‍රයක් නම් එහි විවිධ කොටස් හෙවත් අවයව සතුටුදායකව වෙන් වෙන්ව කි‍්‍රයා කරයි නම් සමස්ත ශරීරය නැත්හොත්් පුද්ගලයා සෞඛ්‍යමත්ය. රෝගයක් ඇති වූ විට හෙවත් ශරීරයේ කි‍්‍රයාකාරිත්වය අකර්මන්‍ය වූ විට අදාල දෝශය හෝ කොටස නැවත සාමාන්‍ය තත්වයට ගෙන ඒමට ප්‍රතිකාර මගින් පියවර ගැනේ. ව්‍යාකූල වූ අභ්‍යන්තර අවයව හෝ කි‍්‍රයාකාරකම් එකිනෙක වෙනස් රෝග ලෙස වර්ග කෙරේ. මෙම ව්‍යාකූලත්වය නිවැරදි කිරීම හෙවත් රෝගී අවයවය නැවත සාමාන්‍ය තත්වයට පත් කිරීම සැළකෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලෙසයි. රෝගවලට ප්‍රතිකාර කිරීමෙන් ඔබ්බට වෛද්‍ය ආකෘතිය තුළ ඉඩ ඇත්තේ රෝග වැළැක්වීම දක්වා පමණි.
සෞඛ්‍ය යනු ඔබ අප ඉගෙන ගන්නා, විනෝද වන, ආදරය කරන, එදිනෙදා තැන් තුළ ජනිත කරන හා ජීවත් වන දෙයකි.
සෞඛ්‍ය යන්න අප හදාරණ විෂයයක් පමණක් නොව අප ජීවත්වන දෙයක් ද විය යුතුය.
තමාට යෝග්‍යතම පරාසය තුළ ශරීර ස්කන්ධය පවත්වා ගැනීම ඉන් ඔබ්බට පවතිනවාට වඩා සුවදායක වන්නේ වෙනත් අයුරකිනි.
යහපැවැත්ම දියුණු කිරීමේ උත්සාහයේ වඩාත් ප්‍රයෝජනවත් කටයුත්තක් වන්නේ මෙබඳු අපැහැදිළි තැන්හි දී තීරණ ගන්නා ආකාරය තව පැහැදිලි කර ගැනීමයි.
එකම මූලික දෙයක විවිධ පැතිකඩ ලෙස ශාරීරික, මානසික සහ සමාජීය යහපැවැත්ම නිරතුරු අවධානයේ තබාගෙන, එකිනෙක අංශය තවදුරටත් මෙතැන් සිට විග්රහ කර බලමු.
සෞඛ්‍යය දියුණු කිරීමේ එක් ප්‍රධාන පියවරක් වන්නේ අසාධාරණයන් හෝ විෂමතාවයන් නිසා පීඩාවට හෝ අපහසුවට පත් වූ අය එම විෂමතාවයන්ට ලක්ව ඇති ප්‍රමාණය අඩු කිරීමයි.
සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සාම්ප්‍රදායික සෞඛ්‍ය ක්ෂේත්රය හෙවත් වෛද්‍ය ප්‍රතිකාර සැපයීම සහ රෝග වැළැක්වීමේ යොමුවෙන් ඔබ්බට යා යුතු බව පැහැදිලිය.