Children Programme

ළමුන් සංවර්ධනය උදෙසා

දුම්වැටි, මද්‍යසාර ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍යවලට හසුනොවීමට ළමුන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීම උදෙසා ක්‍රියාකාරකම් පෙලක් සූදානම් ……….

ආදරණීය දෙමාපියනි

මාධ්‍ය  වෛරසයට එරෙහිව ඔබ ඔබගේ  දරුවාට ප්‍රතිශක්තිකරණය ලබා දුන්නාද ? 

දරුවාගේ මුල් ළමා විය අවධියේ සිටම  ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට දෙමාපියන් වන ඔබටම  සරලව කළ හැකි ක්‍රම දැනගන්න

” ආදරණීය දෙමාපියනි අත්පත්‍රිකාව කියවන්න”

ආදරණීය දරුවෙකු හදාගන්න
බුද්ධිමත්, දක්ෂ මෙන්ම නිර්මාණශීලී දරුවන් හදාගැනීමට නැරඹිය යුතුම වීඩියෝවකි.

දරුවන්ගේ බුද්ධි වර්ධනය
දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරගැනීම පහසුවෙන් ඔබටම කළහැකියි. එය සිදුකර ගැනීමේ ක්‍රමය මේ වීඩියෝ එක හරහා දැනගන්න පුළුවනි.

කවදාවත් අමතක නොවන තෑග්ග
මුදල් වියදම් නොකරම අමතක නොවන තෑග්ගක් තාත්තට දරුවා දීලා . බලමුද ? මොකද්ද තෑග්ග කියලා මේ වීඩියෝ නරඹන්න , දැනගන්න , අනෙක් අයටත් කියන්න….

TV නාලිකා ළමුන් රැවටීම

සිගරට්, අරක්කු, බියර් භාවිතය දුර්වල අනුවණ ක්‍රියාවක් වුවත් කාටුන්, ටෙලිනාට්‍යය ,චිත්‍රපටි හරහා සිගරට් ,අරක්කු ,බියර් භාවිත කර ළමයින්ට පෙන්වන්න හදන බොරුව පිළිබඳව වගකීමක් ඇති අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක් විදිහට  එසේත් නැත්නම් දරුවන් සමග මැදිහත්වීම් සිදු කරන කෙනෙකු හැටියට කියවිය යුතුම අත් පත්‍රිකාවකි

” TV නාලිකා ළමුන් රැවටීම “

 

ඔබගේ සිහිනය කුමක්ද ?
සෑම මවක මෙන්ම පියෙකුගේ සිහිනය සතුටින් සිටින නිරොගී දරුවෙක් සිහිනය සැබෑ කරගන්න මේ වීඩියො එක නරඹමු.

පුංචි අපට බොරු උගන්නවා කියලා අහලා තියෙනවද ?
පුංචි ළමයින්ට බොරු උගන්නවන්නෙ කොහොමද ? මොනවද උගන්වන බොරු මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක නරඹන්න.

අළුත් විදියකට බලන්න පුරුදු වෙමු.

දුක් විඳගෙන අරක්කු, බියර් බීලා සතුටුයි කියලා පෙන්නන්න උත්සාහ  කරන අය දිහා අළුත් විදියක බලන්න කැමතියි නම්
“සතුට ” කියවන්න

අනේ ඩොටී පව් අර boy

අනේ ඩොටී පව් අර boy ඒගොල්ලන්ගෙ පැත්තට වතුර හිඟයක් වගේ

ළඟට එද්දිම දුවන්න හිතෙනවා

ඔයාගෙ සිගරට් ගඳට ඕන කෙනෙක්ට  ළඟට එද්දිම දුවන්න හිතෙනවා

පෝස්ටරයක් අඳිමු.

“අපේ ගෙදර සිගරට් ගඳ නැ ”

දරුවෙකුට මෙහෙම කියන්න පුළුවන් නම්……. මේක ස්ටිකර් එකක් ළමයින්ට මේක චිත්‍රයක් ලෙසට අඳින්න දෙන්න පුළුවන්

පොත් සලකුණක් හදමු

පොත් සලකුණක් ලෙස (Book marker ) නිර්මාණය කරන්න දරුවාට අවස්තාව ලබාදීමට මෙම පණිව්ඩය යොදාගත හැකිය.

සතුටින් ඉඳිමු පෝස්ටරයක් අඳින්න

අපේ තාත්තා අරක්කු බොන්නෙ නැති නිසා තාත්තත් සතුටින් මමත් සතුටින්

දරුවන්ට මේ විදිහට කියන්න හිතෙනවා ඇති ……. මේක ස්ටිකර් එකක් ළමයින්ට මේක චිත්‍රයක් ලෙසට අඳින්න දෙන්න පුළුවන්

පොත් සලකුණක් හදමු

පොත් සලකුණක් ලෙස (Book marker ) නිර්මාණය කරන්න දරුවාට අවස්තාව ලබාදීමට මෙම පණිව්ඩය යොදාගත හැකිය.

අපේ ළමා අයිතිවාසිකම් අහිමිවීම

සිගරට් ,අරක්කු නිසා අපේ ළමා අයිතිවාසිකම් අහිමි වන බව දන්නවද ? මේ අත් පත්‍රිකාව කියවා  ඒ ගැන  දැන ගන්න  පුළුවන්

 

ගැහැනු ළමයින්ට කළ හැකි අපූරු වැඩක්
සඳුනියි, චතුමියි කරලා තියෙන වැඩේ නම් හරිම හොඳයි. යහළුවන් එක්ක එකතුවෙලා මේ අපූරු වැඩේ කරලා රස විඳින්න . මුලින්ම වීඩියෝ එක බලලා ඉන්න

ශනු නංගි හා කසුන් අයියාගේ හමුවීම
කාලෙකින් කසුන් අයියට ශනූ නංගි හමුවෙලා. නංගි මොනවද කියලා තියෙන්නෙ බලමු මේ වීඩියෝ එක

Smart කොල්ලෙක් නම්

කඩේ අංකල් වෙනස් වෙලා
අංකල්ගේ වෙනස් වීම මොකද්ද බලන්න නම් මේ වීඩියෝ එක නරඹන්නම වෙනවා

සිගරට් කොම්පැණියට අහුවෙලා

හුලංගිය විකුම්
විකුම්ගෙ අයියලාට තලගොයෙක් දාගන්න බැරිවෙලා ලු අහලා බලනන්න පුළුවන් වීඩියෝ එක බලලා

දරුවාට සතුටින් ජීවත් වීමට නම්

ඔබේ දරුවාට සතුටින් ජීවත් වීමට අවශ්‍ය කරන  ප්‍රතිශක්තිය ලබා දුන්නාද ? ඔබටම කලහැකි දෙයක් කියවලා බලන්න…..

කුඩා කල සිටම දරුවන් තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීම සදහා

අපූරු පෙර පාසලක්…

දුම්වැටි, මද්‍යසාර පිළිබඳව දරුවන් තුළ ආශාවක් ඇති නොවීම සඳහා කුඩා කල සිටම දරුවන් තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීම  සදහා ඔබට අවශ්‍ය  ශක්තිය මෙම පොත් පිංච කියවීමෙන්  ලබාගත හැකිය.

පෙර පාසල් වයසේ  මෙන්ම ප්‍රාථමික පාසල් වයසේ සිටින දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා ඔබගේ හැකියාව දියුණු කර කරගැනීමට මෙය කාඩ් පෙල ශක්තියක් වනු නොඅනුමානය .

සැලකිළිමත් විය යුත්තේ ඇයි ?

පෙර පාසල් වයසේ  මෙන්ම ප්‍රාථමික පාසල් වයසේ සිටින දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා ඔබගේ හැකියාව දියුණු කර කරගැනීමට මෙය කාඩ් පෙල ශක්තියක් වනු නොඅනුමානය .

දරුවන්ට රසවත් ලෙස කියාදීමට කතාන්තර පොත් පෙලක් සූදානම්.

සෑම දරුවෙකු සතුටින් තියන්නට වෙහෙස වන පෙර පාසල් ගුරු මෑණිවරුන් උදෙසා…

මවකමෙන් සෙනෙහස  පුදන්නට තරම් සිත්ඇති පෙර පාසල් ගුරු මෑණිවරුන් උදෙසා…

දරුවන්ගේ හෙට ලොව දිනන්නට ආදරණීය ලෙස අත  දෙන්නා වූ පෙර පාසල් ගුරු මෑණිවරුන් උදෙසා….

දරුපැටවුන් එනතුරු උදෑසනින් පෙරමග  බලාගෙන සිටිනා පෙර පාසල් ගුරු මෑණිවරුන් උදෙසා…

දරුවන් සැමට එක ලෙස සෙනෙහස  පුදන්නට හැකි වූ පෙර පාසල් ගුරු මෑණිවරුන් උදෙසා…

දෙවැනි මව්න් ලෙස සිටින පෙර පාසල් ගුරු මෑණිවරුන් උදෙසා……

ප්‍රාථමික පාසල් වයසේ දරුවන්ට සතුටින් කළ හැකි ක්‍රියාකාරකම් 10ක්

දුම්වැටි සමාගම මෙන්ම මද්‍යසාර සමාගම් ළමුන් ඉලක්ක කර සිදුකරන ප්‍රචාරණයන්ගෙන් ඇති වන බලපෑම අඩු කරලීම සදහා  ප්‍රාථමික පාසල් වයසේ දරුවන්ට සතුටින්  සිදුකළ හැකි කතාන්තර අනුසාරයෙන් ,ඒ වගේම යාකරන්න, රවුම් කරන්න ප්‍රහේළිකා ඇතුලත්  ක්‍රියාකාරකම්  පෙලක් සූදානම්……..

රසවත් මෙන්ම  හරිම සරලයි…….. ඔබත් කැමැත්තක් ඇත්නම් දරුවන් සමග  මෙම ක්‍රියාකාරකම් සිදුකරන්න වෙනස දැනගන්න අපිත් කැමතියි

” අපි හැමදා සතුටින් ” පොත් පිංච දරුවන්ගේ ආකල්ප වෙනසක් උදෙසා

දුම්වැටි ,මද්‍යසාර පිළිබඳව දරුවන් තුළ ඇති විය හැකි ආකර්ෂණය අවම කිරීම සදහා මෙන්ම දරුවන්ගේ ආකල්ප වෙනසක් කිරීමට පහසුම  ක්‍රියාකාරකම් පෙලක් ඇතුළත් පොතක්  ………

ප්‍රාථමික පාසල් වයසේ දරුවන්  වෙනුවෙන්ම සූදානම්

ප්‍රාථමික පාසල් වයසේ දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස කාඩ් පත් කිහිපයක්

ප්‍රාථමික පාසල් වයසේ දරුවන්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් ලෙස ලබාදීමට හැකි කාඩ් පත් පෙලක් සූදානමින් තියෙන බව ඔබ දන්නවාද  ….

කුඩා කල සිටම දරුවන්ගේ ආකල්ප වෙනසක්  ඇති කරලීමට රසවත් මෙන්ම  හරිම සරලයි.

ඔබත් කැමැත්තක් ඇත්නම් දරුවන් සමග  මෙම ක්‍රියාකාරකම් සිදුකර වෙනස බලලා අපටත් කියන්න පුළුවන් ….

ළමුන් සඳහා නිර්මාණය කර ඇති විශේෂිත කවි

මෙම කවි ළමුන්ට කියා දීමට පෙර මෙම පත්‍රිකාව හොඳින් කිය විය යුතුමය.

පත්‍රිකාව සම්පූර්ණයෙන් කියවීමෙන් පසු මතක තබා ගතයුතු කරුණු කිහිපයක් ඇත. එයින් විශේෂම කරුණ තමා සිගරට් බොනවා වගේ අරක්කු බොනවා වගේ හැසිරීම් දක්වන්න නැතුව මේ කවි දරුවන් සමඟ ගායනා කිරීම. හොදින් මතකයි නේද ඒ කරුණ සිගරට්, අරක්කු පිළිබඳව ආශාවක් ඇති නොවීම සඳහා දරුවන් කුඩා කල සිටම ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ කවි නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් මෙම කවි වල විශේෂත්වය එයයි.

අවුරුදු 3 ක් වයසැති දරුවන්ගේ (පෙරපාසල් වයසේ ) සිට ඔබ කැමති ඕනෑම වයසක සිටින දරුවන් සදහා මෙම කවි කියාදී ඔවුන්ගේ මතකයේ රැදවිය හැකිය.

ඔබගේ උත්සාහය සඳහා අත්වැලක්

සිගරට් ,අරක්කු, බියර් පිළිබඳව ළමුන් තුළ ආකර්ෂණයක් ගොඩනැංවීම අවම කිරීමේ උත්සාහය සඳහා අත්වැලක් ලෙස කියවා දැනුම ලබාගැනීමට මෙම පත්‍රිකාව කියවන්න.

ඵලදායක නොවන වැකි පිළිබඳව දැන ගනිමු.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් යොදා ගන්නා ඵලදායක නොවන වැකි සහ තවත් කරුණු දැගන්න අවශ්‍ය නම් දරුවන්ගේ අනාගතය යහපත් කිරිම උදෙසා පත්‍රිකාව කියවන්න

දරුවන් උදෙසා ඵලදායී ක්‍රියාකාරකම් 10 ක්

දුම්වැටි ,මද්‍යසාර අතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය වලට පෙළඹවීම අවම කිරීමට නම් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කුඩා කල සිටම නිවැරදි දැනුම ,අවබෝධය ,ආකල්ප සහ කුසලතා සකස් විය යුතුය.

ඒ වෙනුවෙන් ක්‍රියාකාරකම් 10 ක් ඇතුලත් කරමින් මෙම පොත නිර්මාණය කර ඇත.

මෙම ක්‍රියාකාරකම් ළමා සමාජ හරහා දරුවන්ට එකින් එක සිදුකිරීමට අවස්ථාව ලබාදෙන්න.

ළමුන්ට ආසාවෙන් කළ හැකි ක්‍රීඩාවක්

දරුවන්ට නිවැරදි දැණුම ලබාදීමට ද එසේම ආකල්ප වර්ධනයක් මෙන්ම පෞරුෂ වර්ධනයක් ගොඩනැංවීම පහසුකර ගැනීමට ද භාවිත කළහැකි පහසු මෙවලමකි.