වැළකීම සහ වැළැක්වීම

Title : වැළකීම සහ වැළැක්වීම

Year of publication : 1990

Author : වෛද්‍ය දියනාත් සමරසිංහ

Summery : සමාජයේ බොහෝ දෙනෙකු විශ්වාස කරනු ලබන්නේ, මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු වන්නේ එහි පවතින රසායනික ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් මගින් බවය. නමුත් විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ, පාරිසරික සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ බලපෑම් ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමු කරවීමට හේතු වන බවය. මත්ද්‍රව්‍ය කිසියම් ආකාරයක හෝ සතුටක් නැත්නම් වින්දනයක් ලබා ගැනීමට උපකාරී නොවන බවත් එය සතුට හෝ වින්දනය අඩපණ කිරීමට හේතු වන ද්‍රව්‍යක් බවත් මෙම ග්‍රන්ථය මගින් පුළුල්ව මෙන්ම විද්‍යාත්මකව විස්තර කරනු ලබයි. ඇත්තටම මත්ද්‍රව්‍ය තුළ අන්තර්ගත වී තිබෙන්නේ මොනවාද? මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අනතුරුව කුමන ආකාරයේ බලපෑමක් ඇතිකරනේ ද යන්න පිලිබඳව ද මෙම ග්‍රන්ථය මගින් පෙන්වා දී තිබෙන බැවින් මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටීමට මෙම පොත මනා පිටිවහලක් වනු නිසැකය. මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට නම් පුද්ගල , කණ්ඩායම් හෝ කුමන ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත විය යුතුද ඒ කෙසේ ද යන්නත් මෙහි පැහැදිලි කර දක්වා ඇත.
එපමණක් ද නොව ස්වෙච්ඡාවෙන් කටයුතු කිරිමෙන් ලැබෙන සතුට හෝ වින්දනය සහ සැබෑ ජිවිතයේ සතුට වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිලිබඳව ද මෙහි පෙන්වා දි තිබිම මෙම ග්‍රන්ථයෙහි විශේෂත්වය වේ.

මෙම ග්‍රන්ථයෙහි පටුන පහතින් පෙළගස්වා ඇත.

1.හැඳින්වීම

2.ඇබ්බැහි වීම
2.1.ඇබ්බැහි වීමේ ලක්ෂණ
2.2.ඇබ්බැහිවීම සෑම විටම හානිදායකද?
2.3.ඇබ්බැහිවීමේ ක්‍රියාවලිය
2.4.ඇබ්බැහියෙන් මිදීම
2.5.පුනරුත්ථාපනය

3.ඇබ්බැහි වීමෙන් වැළකීම
3.1.තීරණ ගැනීම
3.2.හැබැයිකාරී ද්‍රව්‍ය නොගැනීමේ තීරණය
3.3.ඇබ්බැහි නොවී භාවිතය හානිකර ද?
3.4.ස්ථාවර තීරණ ගැනීමේ වැදගත්කම
3.5.හසු නොවීමේ ශිල්ප
3.6.සත්‍යය වින්දනයන් වර්ධනය

4.ඇබ්බැහිවීම් වැළැක්වීම
4.1.වැලැක්විය යුත්තේ කුමන ද්‍රව්‍යයන්ද
4.2.නිවාරණ කටයුතු කිසිදු වැදගත්කමකින් යුතුද?
4.3.නිවාරණය සඳහා සදහා ගත හැකි පියවර
4.4.නිවාරණයට අදාල සමාජයීය කටයුතු
4.5.සැපයුම අඩු කිරීම
4.6.විශේෂිත පිරිසකට යොමු වැඩසටහන්
4.7.ප්‍රායෝගික අධ්‍යාපන වැඩ පිළිවෙත්

5. වැඩිහිටියන් වශයෙන් ගත හැකි පියවර

6. ගුරුවරුන් වශයෙන් ගත හැකි පියවර

7.ගැහැණු ලමුන් වශයෙන් ගත හැකි පියවර

8.සංවිධාන වශයෙන් ගත හැකි පියවර

9. ඇගයීම

10.ඇරයුම