පසුගිය දිනක මුදල් අමාත්‍යංශය විසින් සුරාබදු ආඥාවන් කිහිපයන් වෙනස් කිරීම සිදුකල අතර, ඒවායින් එකක් වන්නේ කාන්තාවන්ට මද්‍යසාර විකුණන ස්ථානවල රැුකියාවේ යෙදීමට තිබූ තහංච් ඉවත් කිරීම හා මද්‍යසාර මිලදී ගැනීමට මෙතක් තිබූ තහංච් ඉවත් කිරීමයි. මේවා බොහෝ කාලයකට පෙර පනවා තිබූ නීති හෝ අද කාලයට නොගැලපෙන නීති බැවින් වෙනස් කිරිමට කටයුතු කල යුතුව තිබූ බව පවසමින් මෙම ක‍්‍රියාව සාධාරණිකරණය කිරීමට මුදල් අමාත්‍යංශයට හැකිය.

තවත් අයුරකින් පිරිමි කරන සියළු රැුකියා අයිතිවාසිකම් කාන්තාවන්ටද ලබාදීමේ අරමුණ කරගෙන මෙම වෙනස්කම සිදුකිරීම වඩාත් යහපත් බව තවත් අයෙකුට කිවහැකිය. දියුණු ලෝකයේ රටවල කාන්තාවන්ට ඇති අයිතීන් අපේ රටේද තිබිය යුතු බව හා එසේ වන්නේ නම් යහපත් බව සමහර විට කාන්තාවකටම සිතීමට මෙය නිම්ත්තක් ද වනු ඇත. මේ තීරණය හා මතුපිටින් පෙනෙන ඉහත සඳහන් ඒවාට අමතර ඇතුලාන්තයක් හෙලිකිරීම සඳහා මෙය අවස්ථාව කරගනිමි.

කාන්තාවන් වෙනුවෙන් මද්‍යසාර මිලදී ගැනීම හා විකිණීමට තිබූ බාධාවන් ඉවත් වන්නේ කාගේ අවශ්‍යතාවක් නිසාද යන්න කිසිවෙක් කල්පනා හෝ කලේ ද? එය හුදෙක් මුදල් අමාත්‍යංශයේ තීරණයක් පමණ ද? නැතහොත් ලෝක වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු අපේ රට විසින්ද අනුගමනය කලයුතු එක් ක‍්‍රියාපටිපාටියක් ද? ලෝක වෙළඳාමේ මද්‍යසාර හා සිගරට් කර්මාන්තයේ මුහුණුවර ලෝක වෙළඳ ගිවිසුම් හරහා එළිබහින අවස්ථාවක් ලෙස කිසිවෙක් මෙය හඳුනාගන්නේ ද? මතුපිටින් නොපෙනුනාට ඇතුලාන්තයේ අවශ්‍යතාවය නම් අපේ අනන්‍යතාවට නිසි නොවන එහෙත් ලෝකේ අවශ්‍යතාවය ඉටුකිරීමකි.

හෙට සිට අපේ රටේ කාන්තාව මද්‍යසාර විකුණන ස්ථානවල පොල්ම් ගැසෙන්නේ නැත. මන්ද අපේ රටේ කාන්තාවගේ මද්‍යසාර භාවිතය ලෝකයේ අනෙක් රටවල මද්‍යසාර භාවිතය හා සැළකීමේ දී ඉතාමක් කුඩා අගයක් ගන්නා බැවින් හා ඔවුන්ගේ බුද්ධිමත්භාවය නිසායි. වඩාත් උසස් අධ්‍යාපනයක් ලද එහෙත් බුද්ධිය හීන කාන්තාවන් අතලොස්සක් මෙම නීතිය වෙනස්වීමෙන් අනතුරුව වයින්, බියර් හෝ වෙනත් මද්‍යසාර මිලදී ගනිමින් කිසියම් රංගනයක නිරත වීමක් සිදුවීමට ඉඩ ඇත. එසේ සිදු වුවහොත් වන්නේ පෙර කී ලෙස එවන් අයගේ ඇති බුද්ධිමත්භාවයේ හා දැනීමේ අඩුවක් නිසායි.

මෙම වෙනස් වූ නීති මගින් වැඩිම බලපෑම සිදුවන්නේ කාන්තාවන් නොව පිරිමින්ට බව අපගේ තර්කයයි. විශේෂයෙන්ම කාන්තාවන්ට මද්‍යසාර විකිණීමට අවකාශ ලබාදීමෙන් මද්‍යසාර සඳහා ගොඩනගන ආකාර්ෂණය සුළුපටු නොවනු ඇති. තරුණයන්ට හා පිරිමි දරුවන්ට මද්‍යසාර පිළිබඳ වැරදි අවබෝදයක් ආකර්ෂණීය ස්වරූපයෙන් ඔවුන්ගේ මනසේ ස්ථාපිත කිරීමේ ලෝක උපාය දැන් අපේ රටේ ක‍්‍රියාත්මක වීමට නියමිතයි. නුදුරේදීම ඔබේ දරුවා බැලීමට යන ක‍්‍රිකට් හෝ රගර් තරඟයක අඩ නිරුවතින් බියර් විකුණන ලඳුන් දැකීමට වුවහොත් පුදුම නොවන්න. මන්ද, අපේ රටේ මද්‍යසාර වෙළඳ ප‍්‍රචාරණය තහනම් අවස්ථාවක බියර් හා මද්‍යසාර විකිණීම සඳහා අවස්ථානුකූලව කාන්තාව යොදාගැනීමෙන් වඩාත් වැඩි වාසි හිමිකර ගැනීමට හැකියාව එම කර්මාන්තයන්ට හිමිවන බව ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට අපහසු නැත.

එසේනම් මෙම නීති වෙනස් කරන ලද්දේ කාන්තාවනි ඔබට සම තැන හිමිකරදීමට නොවේ, විශේෂයෙන්ම බියර් ඇතුළු මද්‍යසාර කර්මාන්තයන් විසින් ලෝකය පුරා ගෙනයන කූට වැඩපිලිවෙලක් සමග අපේ රටද ඒකාත්මික කිරීමටයි. මෙම නීතිය වෙනස් කරගැනීම සඳහා බියර් කර්මාන්තයන් බොහෝ කාලයක සිට උත්සහා දරන්නට ඇත. එම උත්සාහය මල්පල ගැන්වී ඇත. ඒ අනුව අද පවතින රට ගැන බොහෝ දේ අවබෝධ කරගැනීමට ඔබට අපහසු ද නොවනු ඇත. මද්‍යසාර සමබන්ධයෙන් පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේ සිට ආන්දෝලනාත්මක තීරණ රාශියක් එලි දක්වා රට මද්‍යසාර කර්මාන්තයන්ට පාවා දී ඇති යුගයක බුද්ධිමත් මහජනතාව ලෙස කුමක් කල යුතුද? මෙවර පාළාත් පාලන ඡුන්දය සඳහා අපේක්ෂකත්වය ලැබු 25% ක් වන කාන්තා අපේක්ෂිකාවන් මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුුමක් වියයුතු ද? සොයාගැනීම ඔබට අපූරු අත්දැකීමක් වනු ඇත.

සුරාබදු ආඥාවන් වෙනස් කිරීමේ මූලික අරමුණ කාන්තාවන්ට සම තැන දීමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *