Sinhala

School Drug Prevention Programme

ඵලදායි ලෙස පාසල් තුල මත්ද්‍රව්‍ය නිවාරණය සිදු කරන ආයතනයක් ලෙස අප ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් අත්දැකීම් ඔස්සේ මෙම තොරතුරු සහ ක්‍රියාවලින් එකතු කර ඇත. මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර සමාගම් උපක්‍රම ශීලි ලෙස පාසල් සිසුන් හසු කරගන්නේ කෙසේද යන්න සහ සමාගම් උපක්‍රම වලට එරෙහිව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිලිබඳ මෙහි සදහන් කර ඇත. සහ ඵලදායි මත්ද්‍රව්‍ය නිවාරණය තුලදී  පාසල තුල ඇති විය යුතු වෙනස්කම් ඇතුළු ඵලදායි මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් සිදු කිරීමට අවශ්‍ය සියලු තොරතුරු මෙයින් ලබාගත හැක.

පහත කරුණු පිළිබද සැලකිලිමත් වන්න

  • ලබාදී ඇති presentation වල කිසිදු වෙනසක් හෝ කිසිදු දෙයක් එකතු නොකරන්න.
  • Presentation භාවිතා කිරීමේදී සෑම slide එකක්ම භාවිතා කරන ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් ලබා දී ඇති අතර ඒ කරුණු වලට අනුව ඉදිරිපත් කිරීම හෝ සාකච්ඡාව සිදු කරන්න.
  • වයස අවුරුදු 13 – 18 අතර වයස් කාණ්ඩ වල සිසුන්ට පමණක් මෙම Presentation එක භාවිතා කරන්න

Manual and guideline

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල තුල ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ පාසල තුල ඇති විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අදියර වශයෙන් විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. පාසල් තුල ඵලදායිව මත්ද්‍රව්‍ය නිවාරණය සිදු කිරීමට සහ පාසල් ප්‍රජාව ඒ සඳහා දායක කර ගැනීමට මෙය අනුගමනය කරගත හැක.

Presentation

පහත කරුණු පිළිබද සැලකිලිමත් වන්න

  • ලබාදී ඇති presentation වල කිසිදු වෙනසක් හෝ කිසිදු දෙයක් එකතු නොකරන්න.
  • Presentation භාවිතා කිරීමේදී සෑම slide එකක්ම භාවිතා කරන ආකාරය පිළිබද පැහැදිලි කිරීමක් presentation හි notes වල ඇති අතර ඒ කරුණු වලට අනුව ඉදිරිපත් කිරීම හෝ සාකච්ඡාව සිදු කරන්න.
  • වයස අවුරුදු 13 – 18 අතර වයස් කාණ්ඩ වල සිසුන්ට පමණක් මෙම Presentation එක භාවිතා කරන්න

Teachers Course

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මද්‍යස්ථානය (ADIC) දරුවන් දුම්වැටි, මද්‍යසාර ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයට හසුවීම වලක්වා ගැනීමට අවශ්‍ය කරන නිවැරදි දැනුම, ආකල්ප සහ කුසලතාවයන් කුඩා කල සිටම දරුවන්  තුළ සංවර්ධනය කිරීම සදහා පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ආරම්භ කරන ලදී.

එම වැඩසටහන්වලින් ලැබූ සාර්ථකත්වය මත මෙම වැඩසටහන තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් පාසල් ගුරුභවතුන් හට පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ පාඨමාලාවක් ලෙස මෙහි සදහන් කර ඇත.

Materials

ඵලදායි මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පාසල් ළමුන් අතරට  යොමු කල හැකි සහ ඔවුන් හරහා ප්‍රජාවට පණිවිඩ යැවිය හැකි අතර ඒ සදහා යොදාගත හැකි පණිවිඩ සහ අත්පත්‍රිකා, ස්ටිකර්ස් මෙහි ඇතුලත් කර ඇත.

Video

මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර සහ ගංජා ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය වලින් ඇතිවන හානිය සහ සමාගම් උපක්‍රම හරහා පාසල් සිසුන් හසු කරගන්නා ආකාරය. පාසල් සිසුන්ට මාධයෙන් ඇතිවන බලපෑම, සහ පාසල් සිසුන් සංවර්ධනය කල යුතු ආකාරය සහ පාසල් සිසුන් ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය සම්බන්ධයෙන් වීඩියෝ පට මෙහි සඳහන් වේ.

Drug Prevention Game

මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සෞඛ්‍ය සහ ආර්ථික හානි සම්බන්ධයෙන් සහ සමාගම් උපක්‍රම වලට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය පිලිබඳ  ආකර්ශනිය ලෙස පාසල් සිසුන් හට දැනුම අවබෝධය තරගයක් ආකාරයෙන් ලබාදිය හැකි ආකාරය මෙහි සදහන් වේ.

මෙය සිදු කල යුත්තේ

  • පාසලේ සිසුන් කණ්ඩායම් දෙකක් ගෙන (එක් කණ්ඩායමකට උපරිම 10 දෙනෙකුගෙන් යුක්ත විය යුතුය.) මෙම තරගය සිදු කල යුතුය.
  • එක් කණ්ඩායමකට අවස්ථා 8 ක් හිමි වේ. කණ්ඩායමක් ලෙස මෙම අවස්ථා 8 හිමි කරගත යුතුය.
  • මෙහි අංක 16 ක් ඇති අතර ඒ සෑම අංකයකටම අදාල ප්‍රශ්නයක් ඒ තුල සදහන්ව ඇත.
  • ඒ ප්‍රශ්නයට අදාලව නිවැරදි පිළිතුර දිය යුතුය. පසුව ඊලග කොටසෙන් එම ප්‍රශ්නයට අදාල පිළිතුර සඳහන් වේ.
  • ලකුණු ලබාදිය යුත්තේ, නිවැරදි පිළිතුර ලබාදුන්නේ නම් ලකුණු 10 ක් ද , කාලය අවසන් වීමෙන් පසු ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රශ්නයකට පිළිතුර නිවැරදිව ලකුණු ලබා දුන්නේ නම් ලකුණු 5 ක් ද හිමි වේ.

Creation School Students

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පාසල් ළමුන් සමාගම් උපක්‍රම වලට එරෙහිව ක්‍රියාත්මක වී ඇති අයුරු සහ මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර භාවිතයෙන් සිදු වන හානිය නිර්මාණශීලිව විවිධ නිර්මාණ සිදු කරමින් ඒ පිලිබඳ ප්‍රජාව දැනුවත් කල ඇති අයුරු මෙහි සඳහන් වේ.