ඇයවැය වාර්තාව රටක ආර්ථික හා සමාජීය දිශානතිය තීරණය කරන ප‍්‍රධානම සාධකයක්. එයි පැනවෙන බදු හෝ සහන සම්බන්ධයෙන් මහජනාතාව වඩාත් උනන්දුවක් දක්වන අතර, සමාගම් ඔවුන්ගේ ව්‍යාපාර පැවැත්මට බලපාන අයවැය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වඩාත් උනන්දු වේ. මේ තත්වය හොඳින්ම අවබෝධ කරගෙන සිටින සිගරට් හා මද්‍යසාර සමාගම් 2018 අයවැය ඉදිරිපත් වීමට මාස 06 ට කලින්ම ඔවුන්ගේ යෝජනා වක‍්‍රාකාරයෙන් ගෙනඒමට කටයුතු කොට ඇති බව පෙනෙන්නට තිබේ.

එයට හොඳම උදාහරණය නම් සැර මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා බියර් හා වයින් වැනි මද්‍යසාරවල භාවිතය දිරිමත් කිරීමට කටයුතුකල යුතු බව මාධ්‍ය වාර්තා කරළියට ඒමයි. මාධ්‍ය වාර්තාවන්ගෙන් ඔබ්බට ගොස් මුදල් අමාත්‍යවාරයාට පවා වැරදි තොරතුරු ලබාදීමෙන් නොමග යැවීමට මද්‍යසාර සමාගම් කටයුතුකර තිබේ. විද්‍යාත්මක නොවන හා මද්‍යසාර සමාගම්වලට වාසිදායක ආකාරයේ දත්ත තොරතුරු සමාජගත කරමින් මේ වන විට විශාල මාධ්‍ය ආවරණයක් ලබාගනිම්න් සිටින ආකාරයක්ද පෙනෙන්නට තිබේ.

සිගරට් කර්මාන්තයද දැන් මාස 02 ක පමණ කාලයක සිට අපේ රටේ සිගරට් සඳහා ඇති නීති රෙගුලාසි අධික බව නිසා බීඩි හා හොර සිගරට් වැඩි වශයෙන් විකිණීම සිදුකරන බව සාවධ්‍ය ප‍්‍රකාශයන් ගෙනයාම සිදුකරයි. මෙයට ආසන්තම මාධ්‍ය වාර්තා කිරීමක් ලෙස සිල්ලර සිගරට් වෙළඳ සංගමයේ සභාපතිවරා යැ’යි ප‍්‍රකාශ කෙරෙන නිර්ණාමික පුවත් වාර්තාවක් ජූලි 28 ඩේලි FT (Daily FT )පුවත්පතේ අර්ධ පිටුවක පලවිය. එයින් කියවෙන්නේ සිගරට් සම්බන්ධයෙන් පසුගිය වසරේ රජය ගන්නාලද තීරණ නිසා ඔවුන් අපහසුවට පත්ව ඇති බව හා බීඩි භාවිතය වැඩිවීම නිසා රාජ්‍ය ආදායම අඩුව ඇති බවයි. මේ සෑම තර්කයක්ම සිගරට් සමාගම විසින් බෝහෝ කාලයක සිට කරළියට ගෙන ඒන තර්ක සුලබ තර්කවන අතර, වෙනස වන්නේ වෙනත් පාර්ශවයක් ලෙස පෙනී සිටිමින් ඒවා ඉදිරිපත් කිරීමයි.

ජනමාධ්‍යවේදීන් නොමග යැවීමේ උපරිමය මේ වන විට සිදුවෙමින් පවතී. ජූලි මස 01 දින ඉරිදා දිවයින පුවත්පතේ සිගරට් විකිණීම නැවැත් වූ හක්මන නගරය සම්බන්ධයෙන් පුවත් වාර්තාවක් පලවිය. එම ලිපියේ වැඩිවශයෙන් ඉස්මතුකර තිබුනේ සිගරට් විකිණීම නැවැත්වීම නිසා අපහසුතාවන් ඇතිවී ඇති ආකාරයන් සම්බන්ධවයි. ඉතාමත් සියුම් ආකාරයෙන් සිගරට් සමාගමේ අවශ්‍යතාවයට ජනමතය නැටවීමට හැකි සෑම උත්සාහයක්ම මේ වනවිට දරමින් තිබේ.

බියර් භාවිතය සඳහා වැඩි පහසුකම් සැපයියයුතු බව පැවසීමේ දී පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් එය හොඳ තීරණයක් බව පැවසීය නැතහොත් නිහඬව සිටියේය. මෙම උත්ගත වී ඇත් ස්වභාවය අවධාරණයකරන්නේ එළඹෙන අයවැය මද්‍යසාර හා සිගරට් කාර්මාන්තයන්ට සුභවාදී එකක් වනු ඇති බව ද? බියර් හා සිගරට් කර්මාන්තයේ සාවද්‍ය දත්යන් මුදල් අමාත්‍යංශය ඇතුළු, ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ජනමාධ්‍ය තුලද බහුල වීම නිසා අවසානයේ රටට සිදුවන්නේ අගතියකි.

2018 අයවැයට කල්තියාම සිගරට්, බියර් සමාගම් වැඩ පටන් ගනී…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *