අවුරුද්දේ බොහෝ දෙනෙක් නැකතට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා. සෑම නැකතකටම බැරි වුනත් පුළුවන් ඒවා මග නොඇර කරන්න තමා හැමෝම උත්සහ කරන්නේ. ඔන්න කාලයක් තිසේසේ අරක්කු, බියර්, සිගරට් මේ ඕනෑම අවාසිදායක පුරුද්දකින් පීඩා විඳපු අයට මේ අවුරුද්දේ ඒක නවත්ව ගන්න හොඳ නැකතක් තමයි උදාවෙන්නේ.

කාලයක් මේ පුරුදු පවත්වගෙන ආවා කියලා මෙලෝ දෙයක් ලැබිලා නැතිනම්, ඉස්සරහටත් විඳින්න පුළුවන් දෙයක් ලැබෙයි කියලා විශ්වාසයකුත් නැතිනම්, හොඳම දේ තමයි මද්‍යසාර, සිගරට් භාවිතය හැකි ඉක්මනින් නවත්වලා දාන එක. ඒකට ඉතින් 2035 වෙනකල් බලන් ඉන්න ඕන නෑ. මේ 2017 අවුරුද්දේ හෙට අනිද්දට ලබන ඕනෑම නැකතක ඒ තීරණේ ගන්න ඕන කෙනෙක්ට පුළුවන්.

හැබැයි ඔයා ඒ ගන්න තීරණේ ගැන ඔයාගේ ලඟම පාර්ශව දැනුවත් කරලා කලොත් එයාලත් මේ අවුරුද්දේ ලොකු හයියක් වෙයි ඔයාගේ තීරණේ ක‍්‍රියාත්මක කරවන්න. විශේෂයෙන් දරුවෝ, බිරිඳ, අම්මා, තාත්තා, ඇත්තටම අවංක හොඳම යාළුවා මේ හැමෝම. කෙනෙක් හිතනවානම් ඔන්න ඔහේ මේ අවුරුද්දෙත් හොඳට බීලා ලබන අවුරුද්දේ හෝ වෙන දවසක මේ පුරුද්ද නවත්වනවා කියලා ඒක නම් කවදාවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඇවිත් තියෙන හොඳම අවස්ථාව ප‍්‍රයෝජනේට ගත්තොත් ලබන අවුරුද්දේ වෙනස්ම මිනිහෙක් වෙන්න පුළුවන්.

ඔබේ මද්‍යසාර, සිගරට් භාවිතය පවත්වාගෙන යාම හෝ එය නැවැත්වීම සම්පූර්ණයෙන් ඔබේ අතේ තියෙන වැඩක් ඒ නිසා හොඳින් හිතන්න තීරණය ගන්න, ඒ තීරණේ ක‍්‍රියාත්මක කරන ඕනෑම වෙලාවක් ඔයාගේ ජීවිතේ හොඳම නැකත තමයි.

සියළු දෙනාට සැප සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා.

බොන එක නවත්වගන්න ඕන අයට, මේ අවුරුද්දේ තියෙන හොඳම නැකත !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *