ලෝකයේ සමහර සිනමා නිර්මාණ නිෂ්පාදනය සඳහා සිගරට් හා මද්‍යසාර සමාගම් රු. කොටි ගණනින් මුදල් වැයකොට ඇති බව සාක්ෂි තිබේ. එහෙත් චිත‍්‍රපටයේ කිසිදු තැනක එසේ මුදල් ගත් බව සඳහන් නොවූවත් සමාගම්වල අවශ්‍යතාවය නම් හොඳින් ඉෂ්ඨ වී තිබේ. එසේ නම් බලමු සිගරට්, බියර් හෝ අරක්කු කොම්පැණි වලින් සල්ලි අරන් හදපු චිත‍්‍රපටි හඳුනගන්න විධි 05 ක්.
01. හිතාමාතාම මද්‍යසාර, සිගරට් නිෂ්පාදනයක වෙළඳනාමයක් චිත‍්‍රපටයේ කිසියම් වේලාව් දර්ශණය වීම. සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි චිත‍්‍රපට පිලිවෙලින් සිගරට් හා බියර් වෙළඳනාම හිතාමතාම සිනමාපටයට අඩංගු කොට ඇත. ඒ දර්ශන ඇතුලත් කිරීම සඳහා අතිවිශාල මුදලක් නිෂ්පාදන සමාගම් හා අධ්‍යක්ෂකවරුන් ලබාගෙන ඇති බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.
02. චිත‍්‍රපටයේ සමස්ත කාලයෙන් බොහෝ දර්ශන ප‍්‍රමාණයක මද්‍යසාර හෝ සිගරට් භාවිතය ප‍්‍රදර්ශණය වීම. භාවිතය සාමාන්‍ය එක්ක්, කාන්තාවන් ද භාවිතා කරන බව මෙන්ම ගැටළුවක් නොමැති බව පේ‍්‍රක්ෂකයාට හැඟවෙන්නට සැළැස්වීම.
03. දැනට සමාජයේ සම්මත හෝ විද්‍යාත්මකව පවා සනාථ වී ඇති සත්‍යන් අභියෝගයට ලක්කිරීම. සමහර චිත‍්‍රපටි මගින් මද්‍යසාර, සිගරට් භාවිතය ලිිංගික ආකර්ෂණය හා ප‍්‍රණවත් බව ඇතිකරක්නක් ලෙස පෙන්වනු ලබයි. එහෙත් සැබෑව එය නොවන බව තහවුරු වී අවසානයි. ලෝකයේ ඕනෑම සිනමාවක මෙයට උදාහරණ දැකගත හැකිය.
04. අවස්ථාවේ පේ‍්‍රක්ෂකයාට වැඩිම බලපෑමක් කල හැකි රංගන ශිල්පියා හෝ ශිල්පිණිය සිගරට් හෝ මද්‍යසාර භාවිතය යොදාගැනීම. මෙය ලොව පුරා සිනමාවේ සිදුවන අතර අපේ රටේ ද එසේමය. සිල්වෙස්ටර් ස්ටැලෝන් හට රම්බෝ සිනමාපටය තුළ සිගරට් භාවිතාකරනවාට 1983 වසරේ ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක් වේ.
05. භාවිතාව සුවිශේෂි චරිත විසින් කරන්නක් බව පෙන්වීම හා භාවිතා නොකරන්නන් පිම්පියන් ලෙස හුවාදැක්වීම සිදුවන්නේ නම් එවැනි චිත‍්‍රපට සඳහාද සිගරට් හා මද්‍යසාර සමාගම් වල නොමද ආශිර්වාදය හිමිවී ඇති බව හඳුනාගත හැකිය. දම්ල සිනමාවේ, හින්දි සිනමාවේ හා අපේ සිනමාවේ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී මෙම කාරණාව සපත කල හැකි සාක්ෂි ඔනෑතරම් ඔබට සොයාගත හැකි වනු ඇත.
06. චිත‍්‍රපටය පුරාවට සිගරට් හෝ මද්‍යසාර භාවිතය හුවාදක්වා ඒ පිළිබඳව හැකිතරම් වැරදි විශ්වාසයන් පේ‍්‍රක්ෂකයා තුලය යවා අවසානයේ ඉතා කුඩා හෝ ආකර්ශණීය නොවන ආකාරයේ සඳහනක් භාවිතයේ ගැටළුව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම. අද වන විට සිනමා කර්මාන්තයට සියුම් ලෙස මෙවැනි ආකාරයෙන් මැදිහත් වීමට සිගරට් හා මද්‍යසාර කර්මාන්තය සමත් වී ඇත.

චිත‍්‍රපටියට සල්ලි දැම්මේ මද්‍යසාර, සිගරට් කොම්පැණි වලින්ද කියලා බලාගන්න ක‍්‍රම සහ විධි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *