11 Jan

හැම අතින්ම සැපයි….

බි‍්‍රතාන්‍ය ලිංගික කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් කරන ලද නවතම පර්යේෂණයකින් කරන ලද අපූරු කාරණයක් හෙළිදරව් වී තිබේ. ලිංගික කි‍්‍රයාකාරකම්වල වැඩි වැඩියෙන් නිරතවන…

අය වඩාත් නිරෝගී සහ දීර්ඝායුෂ භුක්ති විඳින්නන් බව එම අනාවරණය යි.
මාසයකට වතාවක් ලිංගික කි‍්‍රයාකාරකම්වල නිරත වන පුද්ගලයකුට හෘද රෝග වැලඳීමේ අවදානම සතියකට වතාවක් ලිංගික කි‍්‍රයාකාරකම්වල නිරත වන පුද්ගලයකුට වඩා දෙගුණයකින් වැඩි බව එහි දී හෙළිදරව් වී තිබේ.
සෙල තුළට ඔක්සිජන් සැපයීම වේගවත් කිරීම සහ ශරීරයේ පරිවෘත්තිය කි‍්‍රයා ක‍්‍රමානුකූල කිරීම ලිංගික කටයුතුවල නිරත වීමෙන් ලබාගත හැකි අතිරේක වාසි දෙකකි.

විනාඩි 30 ක් ලිංගික කි‍්‍රයාකාරකම්වල නිරත වීමෙන් කැලරි 200 ක් දහනය වේ. ඒ අනුව ඔබ සතියකට දින පහක් ලිංගික කි‍්‍රයාකරකම්වල නිරත වන්නේ නම් එය කී‍්‍රඩාගාරයක පැය දෙකහාමාරක් ව්‍යායාම කිරීමට සමාන වේ.

මේ කෙසේ වෙතත් මෙම පර්යේෂණය තවදුරටත් තහවුරු කරමින් පෙන්වා දී ඇත්තේ එසේ සිදුකරන ලිංගික කටයුතු වල සාර්ථකත්වය රඳාපවතින්නේ එම අය සිගරට් භාවිතා කරන්නන් ද යන බාහිර කරුණ මත බවයි. මන්ද සිගරට් භාවිතය කරන පුද්ගලයන් ලිංගිකව අප‍්‍රාණික වීමේ සෘජු අවදානමක් පැවතීම නිසා ලිංගික ක‍්‍රියාව ඔවුන් දෙදෙනාටම නීරස, කටුක හා අපේක්ෂා සුන්වන කටයුත්තක් වනු නියත බවයි.

එමනිසා මෙම පර්යේෂණය වැඩිදුරටත් සනාථ කරන්නේ හදවතට හා පරම සතුටට ලිංගික ජීවිතයේ සාර්ථකත්වය කොතරම් බලපායි ද ඒ තරමටම එනම් ලිංගික අවශ්්‍යතා ඒ අයුරින්ම සඵල කරගැනීමට දුම්පානය කිරීම මහා බාධාවක් වන බවයි.