16 Jul

සිගරට් වලට වැට බඳිද්දි මාධ්‍ය හරහා වැටපනින ගංජා…

මේ වන විට අපේ රටේ සිගරට් භාවිතය අවම කිරීම සම්භන්දයෙන් ඉතා වැදගත් නීති හා රෙගුලාසි සම්මත වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය අද ඊයේ පමණක සිට නොව මීට වසර 20 කපමණ කාළයේ සිටම අපේ මිනිසුන්ගේ දැනුවත් වීම් හා…. ඒ රාජ්‍ය මාදිහත් වීමේද ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි. සංවර්ධනය වෙමින් පවනතින රටක් ලෙස ලෝකයේ අනෙක් දියුණු රටවල් පවා අභිබවා යමින් සිගරට් භාවිතය අවම කරමින් යන ප‍්‍රවණතාවයක් ඇතිවී තිබෙන ප‍්‍රධානම රට ලෙස අපිට ආඩම්බර විය හැකි තත්වයක් උදාවී තිබේ. මේ අප ලබා ඇති දියුණුව කාලයාගේ ඇවෑමත් සමග චිනිසුන්ගේ නිවරුදි අවබෝදය දියුණු වීමේ යාන්ත‍්‍රනය සැකිසීමේ ප‍්‍රතිපලයක් ලෙස කිවහැකිය. මේ ප‍්‍රවණතාවට රුකුල් දුන් එක් ප‍්‍රධාන අවස්ථාවක් වූයේ 2006 වසරේ දී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත කරලියට පැමිණිම හා එය ක‍්‍රියාත්මක වීමයි. තවද තම රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය සම්භන්ධයෙන් අන් කවර රාජ්‍යන්ටත් වඩා සැලකිල්ලක් අපේ රටේ පවතින්නේ නිදහස් සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය නිසායි. රටේ ප‍්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් ලෙස සිගරට් භාවිතය පැවතීම තවදුරටත් නිදහස් සෞඛ්‍යට අභියෝගයක්ම විය. එවන් වාතාවරණයක දී එනම් 2003 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොවටම ඉදිරිපත් කල දුම්කොළ පාළනය පිළිබඳ නීති රාමුවේ වැදගත්කම අවබෝද කරගෙන ඒ සඳහා ආසියාවෙන්ම ප‍්‍රමුඛව පිළිගැනීම සිදුකල රට ලෙස අප ඉතිහාසයට එක් විය. මේ වන විට එහි ඇති සිගරට් පැකට් මත රූපමය සෞඛ්‍ය අවවාදයන් ක‍්‍රියත්මක කිරීමේ ආසන්න අවස්ථාවකට අපේ රට පැමිණ ඇත. තවද පොදු ස්ථාන වල සිගරට් භාවිතය මෙන්ම සිගරට් මිපදී ගැනීමට හැකි වයස අවුරුදු 21 දක්වා ඉහල දැමීම 2006 දී සිදුවිය. මේවා මෙසේ සිදුවීමත් සමග 2007 සිට අද වන විට ලංකාවේ සිගරට් නිෂ්පාදනය 10% න් පමණ ප‍්‍රමාණයකින් පහත වැටී ඇති බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙනු ලබයි.
එවන් තත්වයක් මත අපහසුවට පත්වන පිරිසක් වේ නම් ඒ සිගරට් කර්මාන්ත කරුවනුයි. ඉහත සඳහන් ජාතික ප‍්‍රතිපත්තීන් වලට අමතරව සමාජ ව්‍යුහයේ කුඩාම ඒකකය වන කුටුම්භයේ සිට විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, සංවිධාන වල ක‍්‍රියාත්මක වීම නිසා නොයෙක් ප‍්‍රතිපත්ති වලින් සිගරට් භාවිතයට වැට බැඳීම මේවන විට සිදුවෙමින් පැවතීම අනාගත පරපුරේ භාග්‍යක් ලෙස සැලකිය හැකියි. එසේ ප‍්‍රදේශීය මට්ටමෙන් පවා නීති කෙටුම්පත් සකස් වෙමින් සිගරට් භාවිතයෙන් අපේ මිනිසුන් ගලවා ගැනීමේ මෙහෙවරේ යෙදී සිටින බවට හොඳම උදාහරණය විවිධ නගරයන් සිගරට් විකීණීීමෙන් ඉවත් වීම හා ඒවා භාවිතයෙන් පවා නිදහස් කලාපයන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලයි. තවද අතිවිශාල සිල්ලර හා තොග වෙළඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් මේ පව්කාර භාණ්ඩය විකිණිමෙන් අවබෝදයෙන් ඉවත් වී තිබීම ජාතියේම ජයග‍්‍රහණයකි. මේ තත්වය උඩ සිගරට් සමාගමට තවදුරටත් සිය ව්‍යාපාර වල පැවැත්ම තහවුරු කරගැනීමට මහත් පරිශමයක් දැරීමට මේ වන විට සිදු වී ඇති බව පෙනෙන්නට තිබෙන්නේ රූපමය සෞඛ්‍ය අවවාදයන් ගෙනඒමට එරෙහිව අදාල සමාගම් නඩු මගට එලඔ ඇති නිසායි. රටක් ලෙස අප අත්කරගෙන ඇති සාර්ථකත්වය පවත්වා ගැනීමේ අභියෝගය අපි හැම හමුවේ ම ඇති බව මෙහිදී කිව යුතුමය. මන්ද සිගරට් සම්භන්දයෙන් තරමක් හෝ සාර්ථක නොවු කළාපීය මෙන්ම ලෝකයේ රටවල් හමුවේ අපි පරමාදර්ශයක් වී හමාර නිසායි. වර්ථමානය ගැන නොවේ අනාගත දරු පරපුරේම අවශ්්‍යතාවයක් ලෙස සිතා සියළු ආකාරයෙන් සිගරට් භාවිතය අදෛර්‍යමත් කිරීමට අශීර්වාද කිරීම අප කාගේත් යුතුකමකි. එය සිගරට් බොන නොබොන භේදයකින් තොරව සිදුකල හැකිය, මෙසේ සිගරට් භාවිතා කිරීමට අපහසු තත්වයක් රටක ඕනෑම ස්ථරක් මත ගොඩනැගීමේ වාසිය බොහෝවිට අත්වන්නේ සිගරට් භාවිතයේ නිරත වන එහි සැබෑ අත්දැකීම එදිනෙදා ලබාගන්නා පිරිසටම වේ.

මේ සියළු ආකාර වලින් අපේ රටේ සිගරට් භාවිතය අඩු වෙමින් පවතිද් දී මේ වන විට පලවන මාධ්‍ය වාර්ථා සම්භන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත් යයි සිතේ. අපේ රටේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන් වර්ථමානයේ මත්ද්‍රව්‍ය ගැටළු වාර්තා කිරීමේ දී අතිශෝකිතායෙන් ඒ දෙය කරනවාද යන්න සැකම මතවේ. සිගරට් බොන එකේ පැහැදිළි අඩුවීමක් දක්නට ඇති විට රටේ විවිධ ප‍්‍රදේශයන්ගෙන් ගංජා වැටලීම් වාර්තා වේ. ඒවා වාර්තා වෙන ප‍්‍රමාණය බැලූ කල හුවාදක්වන්නට හදන්නේ සිගරට් භාවිතය අඩු වීම නිසා ගංජා භාවිතය ඉහල යාමක් පිළිබඳවද යන්න සාධාරණ ප‍්‍රශ්නය මට ඇතිවිය. එහෙත් ජාතික අන්තරායකර ෙඖෂද පාළක මණ්ඩලයේ වාර්ථාවන් වලට අනුව ඒසේ ගංජා හෝ හෙරෝයින් හෝ වෙනත් මත්ද්‍රව්‍ය රට තුල බහුලවීමක් සිදුවී ඇති බව දක්කට නොලැබේ. යුද්ධය අවසන් වීමේන අනතුරුව මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමේ හා ඒවා වැපිරීමේ අභියෝගය හඳුනාගෙන එය සැබෑවටම අහුරාදැමීමේ වැඩපිළිවෙලකට අදාල අංශයන් යොමුවී ඇති බව මේ මාධ්‍ය වාර්තා සනාථ කරයි. එහෙත් තහනම, භයානක හෝ අන්තරාදායක යන යෙදුම් වලින්ම මේ මත්ද්‍රව්‍ය ආකාර්ෂණීය එකක් වීම සිදුවේ නම් ඒ එය වාර්තා කරන පුද්ගලයන්ගේ වරදිනි. ඒ නිසා මාධ්‍ය විසින් මෙවැනි දෑ වාර්තා කිරීමේදී අතිශෝතික්තියෙන් වටිනාකම් එකතු කිරීම නොකල යුතු දෙයක් වන්නේ ඒ මගින් ඇතිවන චිත‍්‍රය මගින් මත්ද්‍රව්‍ය වල අපහසුව සඟවන නිසායි. ඒ අපහසුව හෝ භාවිතා කරන්නන්ගේ හසුවීමේ අනුවන කම පෙන්වීමට හැකි නම් එය දීර්ඝකාලීන වාසි අත්කර දෙනු ඇත.

කෙසේ වෙතත් ඕනෑම මත්ද්‍රව්‍යක සුලබතාව අවම කිරීම ඒවා භාවිතයට නැඹුරුවිය හැකි අවස්ථා අවම කිරීමටද හේතුවේ. එහෙත් සිගරට් භාවිතයට වැට බැඳීම සමග අනෙක් මත්ද්‍රව්‍යන්ගේ වැඩිවීමක් සිදුවේ යයි මතයක් ගොඩනැගීමට රුකුල් දෙන ආකාරයේ මාධ්‍ය හැසිරීමක් දක්නට තිබේ. එය සෘජුවම සිගරට් කර්මාන්තයේ අවශ්්‍යතාවක් ඉටුවීමක් විය හැක්කේ ඔවුන්ගේද බලාපොරොත්තුව වන නිත්‍යානුකූල මත්ද්‍රව්‍ය භාවිතය ලෙස පෙනීසිිටින ඔවුන්ගේ නිෂ්පාදන සඳහා උඩගෙඩි ලාබාදීමයි. ඒ එක්කම හොර සිගරට් වැටලීම් ගැන රටේ විවිධ අවස්ථාවල වාර්තා වෙන්නේ අතිශෝකිත්යක් නිසාද වියහැක. ඒ කෙසේද යන්න සොයා බලමු, අපේ රටේ සිගරට්ටුවක මිල අදට පවතින මිලට වඩා 50% න් පමණ වැඩි මිලකට විකිණිය හැකි අවස්ථාවක් ඇති බව ආර්ථික විශ්ලේශකයන් පසුගිය වසරේ පෙන්වා දෙන ලදී. ඉන් පෙන්වා දී ඇත්තේ රටේ මිලදී ගැනීමේ හැකියාව හා උද්දමනයට සාපේක්ෂව සිගරට් වල මිල තවමත් ඇත්තේ පහත් අගයක බවයි. මෙවන් තත්වයක් මත තවත් හොර සිගරට් රටතුල සංසරණය වෙනවා යයි පෙන්වීම කිසියම් කුමන්ත‍්‍රණයක්ද විය හැකිය. එසේ වන්නේ හොර සිගරට් වෙළඳපොලේ බහුලව පවතිනාවා යයි පෙන්වීම සිගරට් සමාගමට වාසි සහගතවන නිසායි. එවිට සිගරට් සාමාගමට අභියෝග කලහැකි නීති සම්පාදනය කිරීමේ වගකීම ඇති ආයතන විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශය සිගරට් මිල වැඩිකිරීමට මැලිවේ. බෝහෝවිට සිගරට් සමාගම විසින් පෙන්නුම් කරන්නේ හොර සිගරටි නිසා රටට විශාල බදු ප‍්‍රමාණයක් අහිමි විය හැකි නිසා ඒවාට හැකිතරම් වැට බැඳීමට කටයුතු කල යුතුබවයි. පැහැදිළි සත්‍ය නම් මද්‍යසාර හා සිගරට් සමාගම් වලින් ලැබෙන පව්කාර බදු යන තිරයෙන් බොහෝ අයගේ ඇස් වසා තිබීමයි. දුක් මහන්සියෙන් හම්බකරන කම්කරුවන් පවා සමහරවිට උජාරුවෙන් කියන්නේ අපි බොන සිගරටි නිසා තමයි ආණ්ඩුව දුවන්නේ කියාය. මෙහෙම කියන අය කිසි වේලාවක වෙනත් භාණ්ඩ හා සේවාක් වෙනුවෙන් බදු පැණවීමකදී ආණ්ඩුව පැත්තට කතා කරන්නේ නැත ආණ්ඩුවට පට්ට පතුරු යන්න පරුශවචනයෙන් බැනවදී.

අපේ මිනිසුන්ට අරක්කු, සිගරටි, බියර් පොවලා වුන් අමාරුවෙන් හම්බකරපු සල්ලි පොදි පිටින් එකතු කරලා බදුවිදියට කොටසක් දුන්නාම ඔක්කොම හරිද? අපේ රට අනුගමනය කරන්නේ ”ලෙඩා මැරුණත් බඩ සුද්දයි” න්‍යාය නම් මේ යන විදිය හරි. ඒත් ඊට වැඩි යමක් රටට ඕනේ නම් කූට සමාගම් වල කූට උපායන් කවුරුත් අවබෝද කරගත යුතුයි. මේ සමාගම් වලට අවැසි ලෙස හැසිරවිය හැකි ප‍්‍රතිපත්ති සකසන්නන් සිටිය හැකිය. ඒ පිළිබඳ කිසිදු සැකයක් නොමැත, ඒවාට ලෝකය පිරික්සුවහොත් ඕනෑතරම් උදාහරණද සොයගත හැකිය. පෙන්වාන්නාට මවාපෑම් කල හැකිය, බලන අපි අවබෝදයෙන් නොබැලහුවහොත් ඒ ඇස්බැන්දුම් වලට අහුවෙන්නේ අපිය.