11 Jul

සිගරට් බොන එක වගේම…..නවත්තන එකත් Simple…

අපි දන්නවා බොහෝ සිගරට් බොන අය කියනවා සිගරට් බොන්න පටන් ගත්තාම නවත්වන්න මාර අමාරුයි මොකද නිකොටින් කියන්නේ ඇබ්බැහිකාරකයක් කියලා. මේ කියමන බොහෝ සිගරට් බොන අය කියන්නේ ඒ පිළිබඳ කිසිම වැටහීමක් ඇතිව යයි නම් සිතීමට නොහැකියි…..මන්ද නිකොට්න් කියලා ජාතියක් සිගරට් වල තියනවා කියලවත් නොදන්න අය මාර උජාරුවකින් ඒ කතාව කියනවා. ඒ මේ අයට උගන්වපු දෙයක් කියලා හොඳටම තේරෙනවා. මෙහෙම දිගින් දිගටම එකම කතාව කටපාඩමින් කියනඑකම තමා සිගරට් බොන එක පුදුම කෙරුම්කාර දෙයක් විදියට හරි භායානක දෙයක් විදියට හරි මවාපාන්න හේතුවෙලා තියෙන්නේ, මේ අතර සිගරට් බොන එකේ අවුල ටිකක් කල් ගිහින් හරි තේරුම් ගත්ත උදවිය ඒක නවත්වන්න විවිධ උත්සාහයන් වල නිරත වෙනවා. ඒක නම් අගය කලයුතු දෙයක්, මේ වගේ අය සිගරට් බොන එක නවත්වන්න උත්සාහා කරන ක‍්‍රම කහිපයක් දක්නට තිබෙනවා. ඉන් ප‍්‍රධාන ක‍්‍රමයක් තමයි සිගරට් වෙනුවට වෙනත් ආදේශකයකට හෝ නිකොටීන් ආසි‍්‍රත වෙනත් නිෂ්පාදනයකට යොමුවීම. එසේ යොමුවන්නේ ඔවුන් කාලයක් තිස්සේ විශ්වාස කල නිකොටීන් ඇබ්බැහිකාරකයක් යන දැඩි මතය ඔවුන්ව පාලනය කිරීම නිසායි. කොටින්ම කිවොත් ඔවුන් නිකොටීන් නම් රසායනයට අධික බියක් දක්වන නිසායි. මේ ක‍්‍රමය පිළිපදින පිරිස තවදුරටත් නිකොටීන් වලම යැපෙමින් ප‍්‍රශ්නය නඩත්තු කරනවා විනා එයට හරිම පිළිතුර ලබා ගැනීමට කටයුතු කරන්නේ නෑ. එය හරියට උගුරට හොරා බේත් බොනවා වගේ. කෑමට පස්සේ බොන්නම ඕන, වැසිකිළි යන්න නම් ඕන, නිදි වරන්න නම් බොන්නම ඕන කියමින් සිගරට් බීපු උදවිය තවදුරටත් භෞතික දෙයක් මතම යැපි සිගරට් බීම නවත්වැගැනීමට උත්සාහා ගැනීම තරමක් හාස්‍යජනකයි. මන්ද ඔවුනගේ මිත්‍යා මත හා විශ්වාසයන් වෙනස් නොකරගෙන ඒවා වෙන වෙනම අවබෝද නොකරගෙන කොතරම් බාහිර යමක් මත යැපුනත් එය සාර්ථක උත්සාහයක් බව නම් කිවනොහැකියි. සිගරට් බිබී සමාගමකට සල්ලි දුන්න අය නවත්වන්නත් මොකක් හරි සමාගමකට සල්ලි දෙනවා. මේක මෙච්චර අමාරු දෙයක් නෙමේ තමන්න අවශ්්‍යතාව තියෙනවානම් ඒක හිතුවා කලා, ඒක මහා කජ්ජක් නෙමේ. අන්න ඒ ස්ථාවරය් ඉඳලා සිගරට් බොන එක නවත්ව ගත්ත මිනිසුසු තමා ඵලාදායී ලෙස සිගරට් වලින් සම්පූර්ණෙයෙන්ම නිදහස් වුනේ.
ඒත් කොහොම හරි අමාරුවෙන් මේ අපහසුවෙන් ගොඩ යන්න ඕනේ කියලා තේරුම් ගන්න එකත් ලොකු දියුණුවක්. සිගරට් වලට හා ඒ කොම්පැණි වලින්ම හදලා සමාජ ගත කරපු මත වලට බයේ සිගරට් බොන එක නවත්වන එක් දිනක් හරි කල් දාන්න සිතන අය තමා පුදුම අපහසුවක් විඳින්නේ. බොරු මත වලට ඇනදෙන තරම අනුව තමා ඒකෙන් ගැලවෙන්න දරන අපහසුවේ තරම තීරණය වෙන්නේ. ඒ නිසා ඒ ගැන අවබෝද කරගෙන ඒ උගුලෙන් ගැලවුනොත් තමා සබෑ නිදහස….