22 Feb

සිගරට් කොම්පැණිය නඩුව පරාදයි….

දුම්කොළ සමාගමේ සියළු උත්සාහයන් පරාජය කරමින්, ශී‍්‍ර ලාංකීය ජනතාවගේ ජයග‍්‍රහණය සනිටුහන් කරමින්, සිගරට් පැකට් මත රූපමය අවවාද ඇතුළත්….. කරන ලෙස අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.
මාර්තු 01 වනදා සිට සියළුම ඇසුරුම් මත සිගරට් භාවිතය අධෛර්්‍යමත් කෙරෙන රූපමය අවවාද පැකට්ටුවේ 80% ක ප‍්‍රමාණයකින් මුද්‍රණය විය යුතු බවට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ගෙන ආ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලදී. නමුත් සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුව දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිට් නීතීඥවරුන්ගේ සියළු තර්ක පුස්සක් බවට පත්කරමින් නඩුව අවසාන වූයේ, අප රටේ දරුවන්ටත් අනෙත් රටවල දරුවන්ටත් ඇති අයිතිවාසිකම ලබාදෙමිනි. එනම්, රටේ ජනතාවට ඉතා හිතකර මෙම නීතිය ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කරන ලෙස 2013. 02.22 වන අද දින අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.