2 Nov

සිගරට් කර්මාන්තයට එරෙහිව ලෝකයේ වර්තමාන ප‍්‍රවණතා

මද්‍යසාර, සිගරට් හා හෙරොයින්, ගංජා වැනි භාවිතයන් පවත්වාගෙන යාමේ ප‍්‍රවාණතා කාලයත් සමග වෙනස් මුහුණුවරයන් ගෙන ව්‍යාප්ත වීම සිදුකරයි. ලෝකයේ පැවැත්මේ සදාතනික සත්‍ය වන පවතින හෝ ඇතිවන පරිසර තත්වයන්ට අනුරූපවෙමින් ඉදිරියට යාමට හැකි දේවල් නොනැසි පවතී. ඒ අනුව යමින් ඉහත මත්ද්‍රව්‍යන් පවත්වාගෙන යන කර්මාන්තයන්ද සුක්ෂම අයුරින් වෙනස් වෙමින් පවතී. ඒ මානව පැවැත්මේ සුභ සිද්ධිය උදෙසා නම් නොවේ.

අපේ රටද ඇතුළුව ලෝකයේ සිගරට් කර්මාන්තයේ වර්තමාන හැසිරීම
සිගරට් යනු වර්තමානයේ ලොකයට හඳුන්වාදීමට කටයුතු කරන භාණඩයක් නම් ඒ සඳහා කිසි අයුරකින් පේටන්ට් අයිතිය ලබා දිය නොහැකි භාණ්ඩයක් බව කියවේ. එහෙත් මෙය ලෝකයේ පවතින්නේ එම කර්මාන්තය සතුව ඇති මුදල් බලය හා දේශපාලන බලයේ ශක්තියෙන් බව ලෝකයම මේ වන විට අවධාරණය කරගෙන සිටී. අද ලෝකය සිගරට් කර්මාන්තයේ පැවැත්මට අතීශය තර්ජනාත්මක වටපිටාවන් ගොඩනගමින් සිටින බව පෙනෙන්නට තිබෙන්නේ රටවල් සිගරට් භාවිතය අවම කිරීම උදෙසා ගන්නා ඵලදායී ක‍්‍රියාමාර්ගයන් ගැන සොයාබැළු විටයි. රටවල් අතලොස්සක හැර බොහෝ රටවල සිගරට් භාවිතය කෙමෙන් කෙමෙන් පහල යන බව ලෝක සෞඛ්‍ය සංව්ධානය පෙන්වා දෙන අතර, සිගරට් භාවිතය වැඩිවෙන හෝ පැවති ප‍්‍රමාණ වලින්ම පවත්වාගෙන යන රටවල සිගරට් කර්මාන්තය සිදුකරන සමාගම් ඉතා ශක්තිමත් නිසා එම තත්වය උදාවී ඇති බව වැඩිදුරටත් පෙන්වා දේ.

සිගරට් භාවිතය ලෝකයේ අඩු වීමේ ප‍්‍රවණතාවය එම කර්මාන්තයේ නියුතු වන සමාගම් වලට හිතකර තත්වයක් නොවේ, සිගරට් භාවිතය ක‍්‍රමානුකූලව අවම කිරීමේ වැඩසටහනි සීග‍්‍රයෙන් වැළඳ ගන්නා රාජ්‍යන් එම කර්මාන්තයට සිදුකරන්නේ සුළු පටු අනතුරු ඇඟවීමක් නොව්. එහිදී මේ වන විට ලෝක සෞඛ්‍ය සංව්ධානයේ නිර්දේශයන් පිරිද ක‍්‍රියාත්මක වෙන රටවල් පහත සඳහන් නිර්ණායකයන්ට අනුව රටේ මෙම භාවිතය වෙනස් කිරීමට අවශ්‍ය කරයුතු සිදුකරමින් පවතී.

01. සිගරට් සඳහා ඉහළ බදු ප‍්‍රමාණ පැනවීම මගින් සිගරට් මිල වෙළඳපොලේ ඉහල අගයකට පත්කොට එය භාවිතය සාමාන්‍ය ජනතාවගෙන් දුරස් කිරීම.
02. සිගරට් පැකට් මත රූපමය අවවාදයන් විශාල ප‍්‍රමාණයෙන් දැමීම හා ඇසුරුම්කරණයෙන් සිගරට් මිලදී ගැනීම සඳහා ලබාදෙන බළගැන්වීම අඩු කිරීම.
03. දුම්පානය සිදුකල හැකි ස්ථාන සීග‍්‍රයෙන් අවම කරමින් දුම් නොබොන කලාප ඇති කිරීම.
04. සිගරට් සඳහා වන ප‍්‍රචාරණයන් තහනම් කර ඒවා මගින් ලබාදෙන ප‍්‍රචාරණයන් අත්හිටුවීම.
05. සිගරට් භාවිතයෙන් නිදහස් වීමට කැමති පුද්ගලයන්ට ඒ සඳහා සහයෝගය ලබා දීමට ජාතික වශයෙන් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
06. දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් වලට එරෙහිව කටයුතු කිරීම.