1 Apr

රටේ මහා පාංසුකූලය

2015 වර්ෂයට අදාල සිගරට් සමාගමේ ලාභ බෙදා ගැනීමේ සාපලත් දිනය මාර්තු 31 ඊයේ දිනයේ සිදු වුනා. වාර්ෂිකව අපේ රටේ මිනිස් ජීවිත විශාල ප‍්‍රමාණයකට මරු කැඳවා මෙසේ ලාබ බෙදාගැනීම සෑම වර්ෂයකම සිදුවෙන්නක්. 2015 වසර තුල රු. කෝටි 9000 ක් තරම් ප‍්‍රමාණයක සිගරට් විකුණා ලබන ආදායමෙන් 92% ක් බි‍්‍රතාන්‍ය ඇමෙරිකාව ප‍්‍රමුඛ රටවලට පැටවීම සිගරට් සමාගම හරහා සිදුවේ. අපේ රට තවදුරටත් දුප්පත් වීමට මෙන්ම වටිනා මිනිස් ජීවිත නැතිවීම හරහා සිදුවන ගණනය කර නැති සමාජ හානිය අතිමහත්ය. අපේ රටේ දුම්කොළ සමාගම විසින් සිගරට් විකුණා හම්බකරන ලාබය බෙදාගැනීමට සමාගමේ කොටස් කරුවන් කටයුතු කලත් මෙම සමාගම ක‍්‍රියාත්මක වීම නිසා නැතිවන මිනිස් ජීවිත වල වගකීම ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

මෙම තත්වය රටට තවදුරටත් පැහිදිලි කිරීමට මාර්තු 31 දින, රට පුරා දුම්කොළ විරෝධී ක‍්‍රියාකාරීන්ගේ සහභාගීත්වයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරන ලදී. එහිදී පසුගිය වසර තුළද රටට අහිමි කල මිනිස් ජීවිත සිහිකරමින් සංකේතාත්මක පාංසුකූල පිංකමක් සිදු කිරීමට මහා සංඝරත්නය එක් වී සිටි අතර සියළු ආගම්ක පූජකවරුන් ඒ ඒ ආගමික චාරිත‍්‍රානුකූලව මියගිය පිරිස සිහිපත් කරන ලදී.

මිනීමරු සමාගමක කොටස් හිමියන් හා ඒවායේ සේවය කරන පිරිස් තවදුරටත් එම සමාගම සමග සන්ධානගත වී සිටීම ඔවුන්ගේ පවුල් වලටත් ශාප වෙන කටයත්තකි. මෙම සමාගමට ගෑවුනු සෑම අයෙක්ටම මහා ශාපයේ ගොදුරක් වීමට කෙදිනක හෝ සිදුවන ඇති අතර ඔවුන්ගේ පවුල් වල උදවියටද එම ශාපය හිමිවනු ඇත. මන්ද දහස් ගණනක් කාන්තාවන්ගේ හා දරුවන්ගේ සෝ සුස්ම් මියගිය සිය ස්වාමී පුරුෂයා, පියා වෙනුවෙන් අවකාශයට යොමුකර ඇත. ඒම සෝ සුසුම් වල ශාපය මහා කොටස් හිමියාගේ සිට කුඩාම කොටස් හිමියා වෙතත්, මිනීමරු සමාගමේ විධායක ශ්‍රේණියේ රැුකියාව කරන පුද්ගලයාගේ සිට පුංචිම රැුකියාව කරන්නා වෙතත්, නිෂ්පාදනයට අනියම්න් හා ඍජුවම දායක වන අය වෙතත්, සිගරට් නම් මිනීමරු භාණ්ඩය සමාජගත කරන වෙළඳසැල් හිමිකරුවන් වෙතත් නිරායාසයෙන්ම පැමිණෙනු ඇත.