7 Jan

යහ පාලනය හමුෙවි සිගරට් සමාගමට ඇපත් නැතිවේ…

අපි  ඕස්ෙටි‍්‍රලියාව ගැන වැඩියෙන් කතා කළොත් ඒ කි‍්‍රකට් තරග නිසා නැත්නම් මේ දිනවල නමි බහුදින ධීවර යාත‍්‍රා යොදාගනිමින් එම රටට ඇතුල්වීමට අපේ මිනිසුන් දැරූ උත්සාහයන් ව්‍යාර්ථවීමක් ගැන ප‍්‍රවෘත්ති ඵලවීම නිසායි. ඇත්තටම මේ මිහිතලයේ මිනිස් වාසයට සුදුසුම තැන් අතර පෙරමුණ ගැනීමට මෙම සුන්දර රටට හැකිවී තිබෙන්නේ ඔවුන් අත් කරගෙන ඇති සාඩම්බර සංවර්ධනය නිසායි. මෙම හේතූන් නිසා නිසි ආගමන විගමන ක‍්‍රියා පටිපාටියෙන් තොරව දුප්පත් රටවල මිනිසුන් ඉසුරු සොයා   ඕස්ෙටි‍්‍රලියාව බලා යාම සිදුකිරීම සුලබ කාරණයක් බවට පත්වී ඇති හැඩක් මේවන විට දක්නට තිබේ.

අද මේ ආරංචිය මේ සුන්දර රට ගැන ඉහතින් කී සියළු කරුණු තව තවත් සනාථ කරවන්නක්. එය  ඕස්ෙටි‍්‍රලියාවේ ජීවත් වන්නන්ට මෙන්ම ලොව පුරා ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ප‍්‍රබල තීන්දුවක් හා සම්බන්ධවයි. මීට වසර දෙකකට ආසන්න කාලයකට ඉහතදී  ඕස්ෙටි‍්‍රලියාවේ සිගරට් වෙළදාමෙහි නිරතව සිටි සිගරට් සමාගම් වලට අභියෝගයක් වෙමින් එරට රජය දුම්පානය සම්බන්ධයෙන් වූ සියළු නීති රාමු දැඩි කිරීමට කටයුතු කළේ රට වැසියාගේ යහපත උදෙසාය. මේ නීති හමුවේ ප‍්‍රධාන වශයෙන් සිගරට් සමාගම් වලට මරු පහරක් වූයේ ඇසුරුම් මත රූපමය දැන්වීම් අනිවාර්්‍යය කිරීමේ යෝජනා ආණ්ඩුව විසින් ගෙන ඒම නිසායි. මෙවන් තත්වයක් මත සමාගම් කූට උප්පරවැට්ටියක් යොදාගනිමින් පිඹුරුපත් සකසා ආණ්ඩුවට ඉදිරිපත් කළේ රූපමය දැන්වීම් වෙනුවට ඡුක්සබ ච්ජන්ටසබට ක‍්‍රමවේදයයි. සිගරට් සමාගමේ එම නව උපක‍්‍රමය  හඳුන්වා දෙමින් ඔවුන් අලංකාර තනි වර්ණයේ වූ සිගරට් පැකට්ටු වෙළෙදපොළට හදුන්වාදීම සිදු කළේ අත්හදා බැලීමක් වශයෙනි. සමාගම්වල මෙම මැදිහත්වීමේ ඵල විපාක නිවැරදිව හඳුනාගත්  ඕස්ෙටි‍්‍රලියානු රජය තනි වර්ණයකින් වුවද සිගරට් පැකට්ටු වෙළෙදපොළට ඒම අත්හිටුවීමට කටයුතු කළේ එසේ පැමිණි සිගරට් පැකට් ඉතා අලංකාර ස්වරූපයක් ගැනීම නිසා තව තවත් තරුණ පිරිස් දුම්පානයට හුරුවීමට ඇති හැකියාව නිසායි.

එසේ තහනම් කර පසුවද රජය දැඩිව කියා සිටියේ, රූපමය දැන්වීම් නොමැතිව සිගරට් වෙළෙදපොළට කිසිදු ආකාරයකින් හෝ පැමිණිමට ඉඩ නොතබන බවයි. මේ තීරණ සමග රත්වූ සිගරට් සමාගම් කිහිපයක් පොදුවේ  ඕස්ෙටි‍්‍රලියානු රජයට විරුද්ධව නඩු මගට බැසීමට තීරණය කළේ ඉන් තම ව්‍යාපාරවලට සිදුවන අගතිය අවම කරගැනීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. එසේ සිගරට් සමාගම විසින් ගොනු කරන ලද නඩුවට තීන්දුව ලැබුනේ මේ මස 15 වන දිනයි. ඒ තීන්දුව අනුව සිගරට් සමාගම් එරට රජය හා අධිකරණය හමුවේ පරාජය වූයේ දෙසැම්බර් මාසයේ සිට සියළු සිගරට් ඇසුරුම් මත ඉදිරිපස කොටසේ 75% හා පිටුපස 90% ආවරණය වන පරිදි රූපමය දැන්වීම් අනිවාර්්‍ය කීරීමත් සිිදුකරමිනුයි. එරට අධිකරණය තවදුරටත් ප‍්‍රකාශ කර සිට ඇත්තේ තම රටට සිගරට් වෙළදාමෙන් කිසිදු ලාභයක් අත් නොවන අතරම රටේ ඉදිරි ගමනටද බාධා පමුණුවන බැවින් එවන් වෙළදාමක් රැුක ගැනීමට කිසිදු අවශ්‍යතාවක් රටට හා රජයට නැති බවයි. තවද මෙම තීන්දුව තුළ සිගරට් වෙළද නාම ප‍්‍රදර්ශනය කළ හැක්කේද ඉතා කූඩා ප‍්‍රමාණයෙන් බවයි.
 

මෙවන් සමාජ හිතවාදී තීන්දුවක හා රාජ්‍ය වෑයමක නියම ප‍්‍රතිඵලය ඒ සැණින් ලෝකයට දැනීමට හේතුවක් වූයේ මෙම ඉහත තීන්දුවටම අනුගත වීමට හා තම රටවල නීති සංශෝධනය කිරීමට නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව හා එංගලන්තයද කටයුතු කරන බව ප‍්‍රකාශ කිරීමත් සමගයි. මෙවන් තත්වයක් උඩ අපි අපේ රටේ මේ සම්බන්ධයෙන් කවර ස්ථාවරයක සිටීදැයි සොයා බැලීම වටී. අපේ වෙළදපොළට එන සිගරට් පැකට්ටුද දැනට ඉතා අලංකාර පෙනුමකින් එන්නේ දිගින් දිගටම දරුවන්ට එය ආකර්ෂණය කිරීමේ අරමුණිනි.  ඕස්ෙටි‍්‍රලියාවට මෙන්ම අපිටද මුළු ලෝකයටම සිගරට් විකිණිමෙන් ලැබෙන දෙයක් නැත. අප රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන අන්දමට නම් වසරකට බිලියන 190 ක් පමණ සිගරට් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු සදහා වැයවන බවයි. එවන් තත්වයක් උඩ අපගේ පමාව අපේ රට හැමදාම එකම තැන පල්කිරීමට මෙන්ම තව තවත් පසුතැවීමට හේතුවක් වනු ඇති.