19 Nov

යහපත් ප‍්‍රතිඵල ලැබෙමින් පවතී….

වසරේ ලෝකයේම කතාබහට ලක්වෙමින් කරළියට පැමිණි සිගරට් පැකට් මත රූපමය අවවාදයන් ප‍්‍රදර්ශනය කිරීමට ගත් තිරණය මේ වන විට

මල්ඵල ගැන්වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. සිගරට් භාවිතයෙන් සිදුවන හානිය දෙස බොහෝ කාලයක් අවබෝධයෙන් බලා සිටි ඕස්‍‍ෙටි‍්‍රලියානු රජය ඒ අවාසිදායක තත්වයෙන් අනාගත පරපුර බේරාගැනීමේ කාර්යට අත තැබුවේ වෙළඳපොලේ ඇති සියළු සිගරට් පැකට් රූපමය සෞඛ්‍ය අවවාදයන් නීරූපණය විය යුතු බව නිවේදනය කරමිනුයි. මෙම තීන්දුවෙන් කලබලයට පත් සිගරට් සමාගම් එරට රජයට එරෙහිව නඩු දැමුවේ මේ කි‍්‍රයාත්මක වීමට යන ප‍්‍රතිපත්තියේ අවසන් ප‍්‍රතිඵලය ඔවුන් හොඳන් දන්නා නිසායි.

අද වන විට තත්වය

නඩු මගට එළඹීමෙන් අනතුරුව අවසානයේ සිගරට් සමාගමට සිදු වූයේ සිගරට් පැකට් මත රූපමය අවවාදයන් පැකට්ටුවේ ඉදිරිපස කොටසෙන් 75% ක හා පිටුපස පැත්තෙන් 90% ක ප‍්‍රමාණයෙන් දැමීමට තීන්දු වීමයි. මෙයට වැඩිදුරටත් සංශෝධන එකතුවෙමින් මේ වන විට ඕස්ෙටි‍්‍රලියාවේ ඇති සිගරට් පැකට් උදාසීන වර්ණ මගින් හා අත්‍යාලංකාර නොවූ වෙළඳනාම ප‍්‍රදර්ශනයෙන් මුද්‍රණය වීම දක්වා විකාශනය වී තිබේ. අද ලෝකයේ සිගරට් භාවිතය අවම කිරීම වැඩසටහන් සඳහා ආදර්ෂය සපයමින් ඔස්ෙටි‍්‍රලියාව ඉදිරියෙන්ම සිටින්නේ ප‍්‍රතිඵල අතිවිඳිමිනුයි. මාස 18 ට වැඩිකාලයක් ක‍්‍රියාත්මක වීමෙන් අනතුරුව අද වන විට එහි ප‍්‍රතිඵලයන් ලෝකයටම හෙලිවෙමින් පවතී. ඕස්ෙටි‍්‍රලියවේ තොරතුරු වාර්තා පෙන්වා දෙන ආකාරයට මේ වන විට ඉහත නීතිය ක‍්‍රියාත්මක වීම නිසා පිරිමි ජනගහණයේ සිගරට් භාවිතය 27% සිට 20% දක්වා ප‍්‍රමාණයකින් අඩු වී ඇති බව හා කාන්තා භාවිතය පැවති 21% සිට 16% දක්වා අඩුවී ඇති බවයි. රූපමය සෞඛ්‍ය අවවාදයන් ප‍්‍රතිඵලදායක බව පෙන්වීමට වර්තමානයේ මීට වඩා හොඳ උදාහරණයක් නැති තරම්.

තවද මේවන විට සිගරට් භාවිතා කරන්නන් සිය භාවිතය සම්භන්ධයෙන් උදාසීන මත දරන බවද හෙළිවී ඇත. ඕස්ෙටි‍්‍රලියවේ සිගරට් භාවිතා කරන්නන් පවසා ඇත්තේ තමා සිගරට් භාවිතයෙන් අපේක්‍ෂා කල කිසිම දෙයක් මේ වනවිට තමාට නොලැබෙන බව හා තවදුරටත් එය රසවත් නොවන බවයි. මෙයට ආසන්නතම හේතුව ලෙස සැලකිය හැක්කේ සිගරට් පැකට් වල ඇති උදාසීන පෙනුම හා ආකර්ෂනීය නොවන පැකට්ටු වලින් ලබාදෙන හැඟීම බව විද්වත් මතයයි.

කෙසේ හෝ සිගරට් ගැටළුව සම්බන්ධයෙන් සිදුකරන ප‍්‍රතිඵලදායක මැදිහත්වීම් ක‍්‍රියාත්මක වන ආකාරය මේ වනවිට හොඳන් අත්දකින්නට ලැබී ඇත. එසේ වෙද්දී අප වැනි රටක සිගරට් පැකට් මත අදාල රූපමය අවවාදයන් විශාල ප‍්‍රමාණයෙන් පැමිණීම සිගරට් සමාගම් වලට දරාගත නොහැකි ආකාරයේ අගියෝගයක්. මේ හේතුවෙන් කෙසේ හෝ ඒවා පැමිණීම පමා කිරීම හා ප‍්‍රතිඵලදායක බව අඩු කිරීමට හැකි සියළු උත්සාහයන් එම ආයතන විසින් ගන්නා බව අපිට අපේ රටේ උදාහරණ වලින්ද දැන් ඉතාමත් හොඳින් පැහැදිලි වී ඇත. එමනිසා ඕස්ෙටි‍්‍රලියාව අත් කරගෙන ඇති සාර්ථකත්වය හඹා යාමට නම්, දරුවන්ගේ අනාගතය දිනවීමට නම් අපේ රටේ ජනතාවට ආදරය කරන සියළු ක්ෂේත‍්‍ර එක්ව මේ වෙනුවෙන් වැඩ කර දිනා ගැනීමට කටයුතු කර යුතුය.