15 Jul

මිත්‍යාව වැපිරීමට මාධ්‍ය දායකත්වය…

අරක්කු, බියර්, සිගරට්, හෙරොයින්, ගංජා වැනි  ඕනෑම මත්ද්‍රව්‍යක් මෙන්ම තාවමත් එසේ සොයාගෙන නැති දෙයක් සම්බන්ධයෙන් වුවත් ඒවාට ප‍්‍රචාරයක් ලබාදීමේ ප‍්‍රබල හැකියාවක් මාධ්‍යට පවතී.  ඕනෑම මත්ද්‍රව්‍යක් සම්බන්ධයෙන් මිනිසුන්ගේ සිතේ පළමුව ඇතිකරන්නේ මිත්‍යා විශ්වාස හා අපේක්ෂා පද්ධතියකි. ඒ අනුව ඉතිහාසය පුරාම මිත්‍යා මත වැපිරීම මාධ්‍ය හරහා නොඅඩුව සිදුවිය. මෙහිදී පුවත්පත්, චිත‍්‍ර පට, ටෙලිනාට්‍ය මගින් සිදු වූ මිත්‍යා මත වැපිරීම ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා ලදී.රසවින්දනයට, සතුටට, දුකට, යාළුකමට, චණ්ඩිකමට, මේ  ඕනෑම එකක් මද්‍යසාර භවිතයෙන් අනතුරුව සිදුවන බව අපට පෙන්වූ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය  ඕනෑතරම් වේ.

මද්‍යසාර භාවිතයෙන් අනතුරුව සිහිය විකල් වී සිදු වුවා යැයි විස්තර කල පුවත් පත් වාර්තාද එදිනෙදා ජිවිතයේදී අප  ඕනෑ තරම් දැක ඇත්තෙමු. මීට වසර කිහිපයකට ඉහතදී එක්තාරා පුවත්පතකට විශේෂාංග ලිපියක් ලියමින් මාධ්‍යවේදියෙන් අපේ රටේ සිසුන් නොයෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව හෙළිකරයි. ”මිල්ල සොයා විහින් වැනසෙන අපේ සිසු පරපුර” මැයෙන් පුවත්පත් වාර්තාව ගෙන ආ අතර එහිදී එම මාධ්‍යවේදීයා රටේ සමස්ත පාසල් සිසුන්ම මෙසේ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී ඇත් බව හැඟවෙන ආකාරයෙන් ලිපිය සම්පාදනය කර තිබිණි. එම ලිපියේ  අනෙක් භයානක තත්වය වූයේ එක් එක් මත්ද්‍රව්‍ය නාමයන් ඒවායේ පිංතූර හා ලබාගත හැකි ආකාරයන්ද විස්තරාත්මකව තිබීමයි. එම ලිපිය කියවන සමහර දරුවන්ට අනෙක් මත්ද්‍රව්‍යන් පිළිබඳව කුතුහලයක් උපදිය හැකි අතර අත්හදා බැලීමට දිරිමත් කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. මෙවන් පුවත්පත් වාර්තාවන් ඵල නොවී තිබුණේ නම් එය වඩාත් රටට හා මිනිසුන්ට හිතකර වනු ඇති.

තිරපිටපතේ අනිවාර්යයෙන්ම නොතිබිය යුතු වුවත්, අරක්කු, බියර් හෝ වෙනත් මද්‍යසාරයක් අත්්‍යලංකාර කොට පෙන්වන මෙන්ම, බැළු බැල්මට වෙළඳ දැන්වීමක් සේ නොපෙනෙන මද්‍යසාර නිෂ්පාදන ස්ථානගත කරමින් නිෂ්පාදනය වූ සිනමා කෘති  ඕනෑතරම් ලෝක සිනමාව තුල නිෂ්පාදනය වී තිබේ. එසේ වාණිජ මාධ්‍ය සිගරට් හා මද්‍යසාර කර්මාන්තයේ හවුල්කරුවන් වූ අවස්ථාවන් පේ‍්‍රක්ෂකයාට ජීව්තයේ සතුට හා නිදහස අහිමිකිරීමට බළපෑ හේතුවක් වනවාට සැක නෑ. සුන්දර කාන්තාවන් යොදාගනිමින් ලිංගිකත්වය හැ සුන්දරත්වය අතර සිගරට් හා මද්‍යසාර ඉතාමත් අධික ලෙස මුසු කරන ලද චිත‍්‍රපට මාලාවක් ලෙස ජේම්ස් බොන්ඩි චිත‍්‍රපට පෙල හඳුන්වාදිය හැකිය. මද්‍යසාර භවිතාව ලිංගිකව මිනිසුන් අප‍්‍රාණිකයන් බවට පත් කලත් එම චිත‍්‍රපට බලන විට නම් එසේ නොපෙනේ. මන්ද කාන්තාවන් හා පිරිමින් එක්ව මත්ද්‍රව්‍යන් භාවිතාව මෙන්ම ලිංගිකව එක්වන දර්ශනත් එක්කරමින් සූක්ෂම ලෙස පේ‍්‍රක්ෂකයාව නොමග යැවීමට කර්මාන්තයන් දෙකම අපුරුපට පෑහි කටයුතුකර ඇති නිසාය.

දරුවන්  සිගරට් භාවිතයට යොමු කරවිය හැකි පහසු ලාභදායි සහ ප‍්‍රතිඵලදායකම ක‍්‍රමය මාධ්‍ය බව  දුම්කොළ සමාගම් සිදුකරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

චිත‍්‍රපට වල  දුම්පානය කරන අවස්ථා 50 ක් නැරඹු දරුවන්ට වඩා දුම්පානය කරන අවස්ථා 160 කට වඩා නැරඹු ළමුන්ගෙන් 31% ක් දුම්පානය අත්හදා බැලීමට පෙළඹී ඇතිබව සොයාගෙන ඇත.

තම ප‍්‍රියතම සිනමා තරුව දුම්පානය කරන දර්ශන නරඹන ළමුන්ගේ මනස දුම්පානයට ආකර්ෂණය වීම එවැනි දර්ශන නොබලන දරුවන්ට වඩා 16 ගුණයකින් වැඩිබව සොයා ගෙන ඇත.

මෙම සියළු කාරණා සනාථ කරමින් සිගරට් ලෝකයේ සිගරට් සමාගම් දරුවන් සිගරට් භාවිතයට නැඹුරුකර ගැනීමට අවශ්‍ය මාධ්‍ය බළපෑම ඇතිකිරීම උදෙසා කාර්ටූන් නිර්මාණ, වීර චරිත සහිත චිත‍්‍රපට වලට හිතාමතාම සිගරට් දර්ශන ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව සාක්ෂි ලැබී තිබේ. එහිදී සමහර නළුවන්, අධ්‍යක්‍ෂවරුන් හා තිර පිටපත් රචකයන් දුම්කොළ සාමාගම් වල අවශ්‍යතාවය ඉටුකිරීමට මුදල් ලබාගෙන කරටුතු කල බව ඔප්පුකල හැකි ගිවිසුම් හා ස්වයං පාපොච්චාරණයන් ඔනෑතරම් හමුවී තිබේ.