21 Jun

මාව මොන බියර් කොම්පැනියට ද?

මද්‍යසාර භාවිතය මේ වන විට ලෝයටම තර්ජනයක් වී ඇති බව පෙනෙන්නට තිබෙන්නේ ලෝකයේම සෞඛ්‍ය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන සංවිධාන ඒ පිළිබඳව දක්වන උනන්දුව දුටු විටයි. දුම්පානයට පසුව ලෝකයේ මිනිසුන් වැඩිම ප‍්‍රමාණයකගේ අකල් මරණයට හේතුවන රෝග කාරකය මද්‍යසාර බව මේ වන විට හෙළිවි හමාරයි. එවන් පරිසරයක තවමත් අපට අරක්කු, බ්යර්, වයින්, විස්කි මේ ඕනෑම වර්ගයක මiසාරයක් පිළිබඳව එතරම් ගැටළු සහගත හැඟීමකින් බලන්නේ නැත්තේ ඇයි?
එයට ප‍්‍රධාන හේතුව ලෙස අප දකින්නේ මද්‍යසාර කර්මාන්තය විසින් එක් එක් නිෂ්පාදනය වටා ගොඩනගා ඇති සන්නාම බලය හා ආකර්ෂණයයි. එසේ මද්‍යසාර සන්නාමයන් සඳහා ආකර්ෂණීය බවක් අත්කරදීමට ඉතිහාසය පුරාවටම එම සමාගම් ක‍්‍රීඩාව හා සිනමාව යොදාගන්නා බවට ඔනෑතරම් සක්ෂි තිබේ. ලොව වෙසෙන ඔනෑම තරුණයෙක් හෝ දරුවෙක් කැමැත්ක් දක්වන ඕනෑම ක‍්‍රීඩාවක් හරහා මද්‍යසාර පිළිබඳ සත්‍ය වසං කොට ආකර්ෂණය ගොඩනැගීමට සියළුම ක‍්‍රීඩාවන් භාවිතා කිරීමට මද්‍යසාර සමාගම් සමත් වී තිබේ.

පා පන්දු තරඟයක් නරඹන විට බියර් වෙළඳ නාමයක් ප‍්‍රදර්ශණය වීම හා ඒ පිළිබඳය ආකර්ෂණීය වදන් නිර්මාණය කර පේ‍්‍රක්ෂක මනසේ ධනාත්මක ආකල්ප මද්‍යසාර සම්බන්ධයෙන් ගොඩනගන අතරම පිටියේ ස්ථාන කිහිපයක එම වර්ගයට අයත් බියර් වික්ණීමද සිදුකරනු ලබයි. මෙම යාන්ත‍්‍රනයට නිරාවරණය වන මිනිසුන් මද්‍යසාර පිළිබඳව ඇතිකරගන්නා ආකල්පය භාවිතයට පෙළඹුනත් නැතත් ආකර්ෂණීය එකකි. ක‍්‍රීඩාවන් හරහා එසේ ලබා දෙන ප‍්‍රචාරණය අද වන විට ලෝකයටම ගැටළුවක් වී ඇති ජීවන රටාවේ දෝෂයක් බවට පත් වී ඇත. එය එසේ වීමට හේතු වූ ක‍්‍රිකට්, පා පන්දු, රගර්, මෝටර් රථ ධාවන, වැනි ලොව ප‍්‍රමුඛ කි‍්‍රඩා සියල්ල මද්‍යසාරකරණය වී අවසානයි. වැදගත් වන්නේ මේ කවර කොන්ත‍්‍රාත්තුව මගින් හෝ ඔබව මද්‍යසාර භාවිතා කරන්නෙක් හෝ භාවිතය දිගින් දිගටම පවත්වාගෙන යන්නෙක් බවට පත්කරන්නේ ද යන්නයි.

ඔබව හෝ ඔබ අවට ඇති ආදරණීයන් ක‍්‍රීඩාව හරහා මද්‍යසාර සමාගමක ගොදුරක් බවට පත්වීමේ හැකියාව අවම කිරීමට ඔබට කල හැකි පහසුම ක‍්‍රියාත්මක වීම වන්නේ මේ පිළිබඳව ඒ අය සමග කතා කොට ඔවුන් දැනුවත් කර තිබීමයි. තවද එක් එක් ක‍්‍රීඩාව බියර්, අරක්කු හෝ වෙනත් මද්‍යසාර සමාගමක් සමග ඒකාබද්ධව කටයුතු කිරීමට ගිවිසුම්ගත මුදල කොපමන දැයි සෙවීම හා ඒ ගැන කතා කිරීම මේ පිලිබඳව කතිකාවක් ඇති වීමට හේතුවක් වනු ඇති.